ජන්ග්කුක්ට දැනුණේ හරියට එයාගේ ඇස් පියන් උඩ මොකක්හරි හුගක් බර දෙයක් තියලා තියෙනවා වගේ...
පොඩ්ඩ පොඩ්ඩ අමාරුවෙන් ඇස් පිහාටු ඇර ගත්ත ජන්ග්කුක්ට පෙනුණේ සුදු පාට සිවිලිම විතරයි.ජන්ග්කුක්ට තේරුණා එයා ඉන්නේ එයාට නුපුරුදු පරිසරයක කියලා...
ඒත් එක්කම එයාගේ ඇස් පිහාටු තද වුනේ ඔලුව පුපුරන්න තරම් තදට ඔලුව කකියන නිසාමෙච්චර වෙලා ජන්ග්කුක්ගේ සිනිදු අත තදින් තද කරන් අල්ලගෙන එයාගෙ මූණ දිහාම කිසිම විවේකයක් නැතුව බලන් හිටිය ටේහියුන්ග්... ජන්ග්කුක් ඇස් අරින්න ට්රයි කරනවා කියලා තේරෙද්දිම ඉක්මනට නැගිටලා හොස්පිටල් රූම් එකෙන් එලියට ගිහින් නර්ස් කෙනෙක්ට කතා කරලා කිව්වේ ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට එන්න කියලා...ටේහියුන්ග් හිටියේ එයාගේ උඩ කමිසය ගලවලා යට ශර්ට් එකෙන්...
මොකද ජන්ග්කුක් ලේ දැක්කොත් අනිවාර්යයෙන් කලබල වෙනවා කියලා ටේහියුන්ග් දන්නවාටේහියුන්ග් ආපව් දුවගෙන එද්දී ජන්ග්කුක් ඇද උඩට වෙලා හිටපු විදියටම ඉන්නවා ඇස් වටේ කරකව කරකව...
පව් දෙයියනේ මගේ කොල්ලා...ටේහියුන්ග් ටිකක් ඈතට වෙලා එයාගේ පණ දිහා බලන් හිටියත් ඒ බෝල ඇස් වල එකපාරටම කදුලු කැට හුගක් පිරෙනවා දැක්ක ටේහියුන්ග් එක අඩියට ඇද ලගට ගිහින් ජන්ග්කුක්ගේ එහා පැත්තෙන් වාඩි වුනා..
"සුදු මැණික...."
වෙනදා නම් දෙළුම් වගේ රෝස පාටට තියෙන ජන්ග්කුක්ගේ අත අද සුදුමැලි වෙලා ගිහින් තිබුනා...ඒ දුර්වල අත පරිස්සමින් අතින් අල්ලගත්ත ටේහියුන්ග් ජන්ග්කුක්ට කතා කලේ දාහක් දේවල් හිතේ හිරකරන්...
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...