ජන්ග්කුක්ව සීට් එක උඩ ඇලකරපු මිනිහෝ ගේ එක ගෝලයෙක් මින්හෝට කෝල් එකක් ගන්න ෆෝන් එක අතට ගත්තේ සුභ ආරංචිය කියන්න...
"මින්හෝ බොස් ! වැඩේ හරි අපි කොල්ලව අල්ල ගත්තා.දැන් එන ගමන් "
"පට්ට කොල්ලෝ පට්ට.චෑන් බොසා එන්න කලින් ඉක්මනට වර.මොකද ඊට කලින් මට ඕකත් එක්ක බේරගන්න හුගක් දේවල් තියෙනවා !"
මින්හෝ කිව්වේ කට කොනින් හිනා වෙලා...
ගැලවුනු ඉස්සරහ දත් නිසා විරූපීව පේන එයාගේ මූණ දිහා බලාගෙන................
මුළු ජියොන් බංග්ලෝ එකම නිකන් පණපිටින් ගිනිගන්නවා වගේ.හැමෝම හිටියේ බාගෙට මැරිලා ඔහේ තැන තැන වැටිලා...
මොකද ඒ වෙනකොටත් බංග්ලෝ එකේ හිනාව වුනු ජන්ග්කුක් අතුරුදහන් වෙලා ගිහින්.
දේහ්‍යුන් අමාරුවෙන් අංක ටික ඩයල් කරගෙන ටේහියුන්ග්ට කෝල් එකක් ගද්දී ටේහියුන්ග්ලා යන්තම් බුසාන් පහු වුණා විතරයි.
දැන් යුන්ගි කාර් එක ඩ්‍රයිව් කරන නිසා
ටේහියුන්ග් පපාලා එක්ක හිනාවෙවී කතා කර කර ගියේ...
එයාලගේ කතාවට බාධා කරලා ටේගේ ෆෝන් එක රින්ග් වුන නිසා ටේහියුන්ග් ඒක අරන් බලද්දී දැක්කේ දේහ්‍යුන් එයාට කෝල් කරනවා.
ඒත් එක්කම ටේහියුන්ග්ගේ මූණේ හරිම ලස්සන හිනාවක් ඇදුනා.සතුටින් ෆෝන් එක ආන්ස්වර් කරපු ටේහියුන්ග්,"ඔව් අප්පච්චි ?"
"අනේ ටේ පුතේ ..."
ටේහියුන්ග්ගේ මූණේ ඇදුන හිනාව ඇදෙන්න ගියාටත් වඩා ඉක්මනින් මැකිලා ගියේ
දේහ්‍යුන් ඉකි ගහනවා කියලා හුගක් හොදින් තේරෙද්දි."යුන්ගි වාහනේ නවත්තපන් ! "
කාර් එකේ හිටිය හැමෝම කලබල වුනේ ටේහියුන්ග්ගේ විදානේට.
"අප්පච්චි ජ..ජන්ග්..කුක් හොදින් ! එහෙමනේ !?..."
ටේහියුන්ග් වචන පටල පටල කතා කරද්දී යුන්ගිත් පාරේ පැත්තකට වෙන්න කාර් එක නවත්තලා මෙහෙට අවධානය දුන්නා.
"අනේ පුතා...සුදු පුතාව කවුරු හරි කිඩ්නැප් කරලා"
කෝල් එක එහා පැත්තෙන් දේහ්‍යුන්ගේ ඉකි ගහන හඩත් එක්ක මුසු වෙලා ඇහුන ඒ වදන් කීපය ටේහියුන්ග්ගේ හදවතේ ගැස්ම නවත්තන්න තරම් සමත් වුනා.එයාට දැනුණේ නිකන් එයාගේ පපුවට පිහි පාරවල් සිය ගාණක් එක සැරේ අනිනවා වගේ
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...