[ 46th tale ]

1.5K 202 42
                                    

"හියුන්ගියෝ...."

"අනේ...."

"හියුන්න්න්න්න්න්"

"ඒයි ටේහියුන්ග්ග්ග්ග්"

ජන්ග්කුක් බාත්රූම් එක ඇතුලට වෙලා මේ එලියට එන්නේ නැතුව කෑ ගහන්නේ ඇත්තටම කිව්වොත් එයාට එලියට ඒගන්න බැරි නිසා.මොකද පණ්ඩිතයා වගේ පැනගෙන ආවට මොකෝ එයා ටවල් එකක්වත් අරගෙන ආවේ නෑ කියලා මතක් වුනේ බාත්රූම් එකට ආවට පස්සේ...අඩුම ගානේ බාත්රූම් එක ඇතුලේ බාත්රොබ් එකක්වත් තිබුනේ නෑ...
බැරිම තැන තමා මේ ලැජ්ජාව පැත්තකට දාලා ටේහියුන්ග්ට කෑ ගහන්නේ...

"අනේ හියුන්ගි මගේ හොද සුදු මහත්තයා වගේ ටවල් එකක් දෙන්නකෝ ඒයි"

"කමක් නෑ බබා ඔහොම එලියට එන්න...ඔයා ඇදුම් නැතුව ඊට වඩා ලස්සනයි "

ජන්ග්කුක් ඉන්න තත්ත්වේ සත පහකට ගණන් ගන්නේ නැතුව ආතල් ගන්න ටේහියුන්ග්නම් හිටියේ පහල තට්ටුවේ බාත්රූම් එකෙන් ඇගත් සෝදගෙන බාත්රොබ් එකකුත් ඇදන්...අර අහිංසකයාට තමා ටවල් එකක් දෙන්න බැරි

"අනේ මේ හියුන්ගි මං එලියට ආවම ඔයාට පෙන්නන්නම්කෝ ලස්සන . දෙනවකෝ හලෝ ටවල් එකක් "

"ඉතින් පෙන්නන්න 😁"

"යාආආආආආ "

හිනාවෙවීම ඇදෙන් නැගිටලා කබඩ් එක ලගට ඇවිදන් ගිය ටේහියුන්ග් කබඩ් එක ඇරලා ජන්ග්කුක්ට සුදුසු ඇදුමක් හොයන්න ගත්තා.
ටේහියුන්ග් අදම මෙහෙ එන්න නෙමෙයි හිටියේ වුනත් එයාට ඕන වුනේ වෙඩින් ගිෆ්ට් එක විදියට මේක ජන්ග්කුක්ට දෙන්න...ඒ නිසා එයාට ජන්ග්කුක් වෙනුවෙන් ඇදුම් ගේන්න බැරි වුනා.එයානම් මේ ගෙදර හදන දවස් වල නිතරම මෙහෙ ඇවිත් ගිය නිසා ඇදුම් තිබුනා...
දෙන්න ඇදුමක් නැතිම තැන හැගර් එකක දාලා එල්ලලා තිබුන එයාගේ සුදු අත් දිග ඔෆිස් ශර්ට් එකයි කලු ශෝටකුයි තව ටවල් එකකුත් අරන් කබඩ් එක වැහුවා...

"හියුන්ගීඊඊඊඊඊ"

"ඔහොම හිටපන් බං. ගේනවා මේ "

"උහුම්"

ජන්ග්කුක්ගේ ලතා කටහඩට ඇත්තටම හිනායනවා... වැඩිපුරම හිනා ගියේ බාත්රූම් එක ඇතුලට වෙලා හෙලුවැල්ලෙන් මේ අත ඇවිදිනවා ඇති කියලා හිතෙද්දි
බාත්රූම් එක ලගට ඇවිත් දොරට තට්ටු කරන්න අත දික් කරලත් ආපව් අත ගත්ත ටේහියුන්ග් එයාගේ ඇස් යැව්වේ එයාගේ අතේ තිබුන ජන්ග්කුක් වෙනුවෙන් ගත්ත දේවල් වලට....කට කොනින් හිනා වුන ටේහියුන්ග් එයාගේ අතේ තිබුන අත්දිග ශර්ට් එක ඇරෙන්න අනිත් ටවල් එකයි ශෝටයි දෙකම කලා...

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now