"හෙලොව් අප්පච්චි..."
ටේහියුන්ග් ජන්ග්කුක් කතා කරන විදියටම දේහ්‍යුන්ට අප්පච්චි කියලා ආදරෙන් කතා කලාම දේහ්‍යුන්ට තවත් අලුතින් දෙයක් හිතන්න තිබ්බේ නෑ.
මිනිස්සු එක්ක එක එක විදියේ ගනුදෙනු කරලා මිනිස්සු ඇස් පිය ගහන විදියෙන් පවා එයාලා ගැන හිතාගන්න පුළුවන් හොද දැනීමක් තිබුන දේහ්‍යුන්ට ටේහියුන්ග්ගේ 'අප්පච්චි' කියන වචනේ ඇතුලේ තිබුන ආදරය ලෙංගතුකම නොදැනුනා නෙමෙයි.ඒත් එයා ඒක පෙන්නන්න ඉක්මන් කලේ නෑ.එයාට ඉන්න එකම පුතාගේ ජීවීතය ගැන ගන්න ප්රබලතම තීරණය මේක වෙද්දි දේහ්‍යුන් හුගක් පරිස්සම් වුනා."මේ ලමයා ජන්ග්කුක්ව දැනගෙන කොච්චර කාලයක් වෙනවද ?"
"මං අප්පච්චි ජන්ග්කුක්ව මෙහෙ ජොබ් එකට ආව දවසෙ ඉදලා දන්නවා.මාස දෙකක් විතර"
"එතකොට මාස දෙකටද මේ ලමයා ජන්ග්කුක්ට ආදරේ කරන්න ගත්තේ"
ටේහීයුන්ග් එයාගේ වේලිලා ගියපු තොල කෙලවලින් තෙමා ගත්තේ හුස්මක් අරන්
"සොරි අප්පච්චි මං එයාව දැක්ක දවසේ ඉදලම එයාට ආදරේ කලා.එයා කව්ද ? කින්ද මන්ද මුකුත්ම නොදැනයි මං ජන්කූට ආදරේ කලේ...
මං මේ අවුරුදු විසි හතට කාටවත්ම ආදරේ කරලා නෑ අප්පච්චි...ඒත් ජන්කූ මගේ පණ.
මං කැමතියි ඉක්මනට ජන්ග්කුක්ව මැරි කරන්න අප්පච්චි කැමති නම්...!"ටේහියුන්ග් කියන වචනයක් වචනයක් ගානේ දේහ්‍යුන් හුගක් හොදට අහන් හිටියා.
ඒ වචනවල තිබ්බ ස්ථිර බව තේරුණ දේහ්‍යුන්ට ජන්ග්කුක් තෝරගත්ත කෙනා හරිම කෙනා වෙද්දි එයාට දැනුණේ ජන්ග්කුක් ගැන ලොකු ආඩම්බරයක්
අනික ටේහියුන්ග් පොඩි එකෙක් වගේම හැම වෙලේම අප්පච්චි අප්පච්චි ගාන විදියට දේහ්‍යුන්ට හිතුනෙම එයාට තවත් පුතෙක් ලැබුනා කියලා."තව දෙයක් අප්පච්චි...ඔයා පර්මිෂන් දෙනවානම් අපේ පපායි අප්පයි දෙන්නම කැමතියි මේ ඉරිදාම අපි බුසාන් එන්න.මට ජන්ග්කුක්ව සප්‍රායිස් කරන්න ඕන...ඒක මගේ ආසාවක් අප්පච්චි "
ටේහියුන්ග් පොඩිම බයක්වත් පෙන්නුවේ නෑ.එයා එයාට ඕන දේ කෙටියෙන් කෙලින්ම දේහ්‍යුන්ට කිව්වා ලොකු විශ්වාසෙකින්
![](https://img.wattpad.com/cover/342138804-288-k430972.jpg)
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...