13

109 19 2
                                    

අදත් බා එකේ හවස් වෙනකන් වැඩ කරපු ජන්කූක්ට ටිකක් කලින් ගෙදර යන්න හම්බ උනා .

ඒත් එයා ගියේ ටේගේ ග්‍රේව් එකට . ටේහි නිසා ටේගේ ග්‍රේව් එකටවත් යන්න කූක්ට වෙලාවක් නෑ නේ .

.

.

.

"හ්‍ය්න්ගී මියනේ මට මේ දවස් ටිකේ එන්න බැරි උනා . ඔයා තරහා නෑ නේද කුකී එක්ක"

එහෙම කියාගෙන ආපු කූක් ටේ ගේ ග්‍රේව් එක ඉස්සරහා ඉදගත්තා

"හ්‍යුන්ග් ඔයා දන්නවද ඔයාගේ යාලුවා ජිමිනී තවම කොරියා ඇවිත් නෑ . ඒ වගේම මට එයාගේ ෆොටෝ එකක් හම්බ උනා ." කුකී එක පිම්මට කියන් ගියා

"දන්නවද හ්‍යුන්ග් මට තවම ටේහිට පෙනීම දෙන්න ඕනේ ගානෙන් බාගයක්වත් හොයා ගන්න බැරි උනා . "

"එයා විටින් විට ඔප්පව දකින්න ඕනේ ගානවා හ්‍යුන්ග් . ඒ වෙලේට මට ගොඩක් රිදෙනවා . මන් කොහොමද දවසක එයාට ඔයාව පෙන්නන්නේ . එයා ලෝකෙ දකිද්දි හැම දේම වැරදියට තේරුම් ගයි කියලා හිතෙනවා "

"හාහ් මන් කතා කරාට මාත් එක්ක කතා කරන්නේ නෑ නෙ හ්‍යුන්ගී . මහ නරකයි . ඉක්මනටම ජිමිනි හ්‍යුන්ග් එනව නම් හොදයි හ්‍යුන්ගී . ඔයා දන්නවනේ හේතුව . දැන් දැන් ඒක ටික ටික අමාරු වෙනවා හුම්.. " මේ විදිහට කුකී හරියට ටේ එයා එක්ක් ඉන්නවා වගේ තොර තෝන්චියක් නැතුව කටත් උල් කර කර කතා කිව්වා . අනේ මේ අවුරුදු දහනවයක කොල්ලෙක් නේද කියලත් ප්‍රශ්නයක් එනවා

"මන් යන්නම් හ්‍යුන්ගී . මන් මේ හැම දෙයක්ම ඉවසන් ඉන්න එකම හේතුව ඔයාට දුන්න "පොරොන්දුව" . එහෙම බැලුවොත් ඔයයි මාව ජීවත් කෙරෙව්වේ"

ටේගේ ග්‍රේව් එක එක්ක බ්‍රේක් නැතුව කතා කර කර හිටපු බැම්බි ඇස් අයිතිකාරයා ලස්සන හිනාවක් පෙන්නලා යන්න ගියා .

.

.

.

.

.

"ඔප්පා ඔයා මොනාද කරන්නේ මේජර් විදිහට" ඔන්න ගෙදර ආපු ගමන් ටේහි කතා කරන්න ගත්තා . ටේහිත් පව් එයාට වෙන කවුරුත් නෑ නේ කතා කරන්න.

"ආට් " ජන්කූක් කෙටියෙන් උත්තර දුන්නා .

"හ්ම්.. ඔප්පා .මන් ආසාවෙන් හිටියේ technology පැත්තෙන් යන්න"

දුක හිතෙන හිනාවක් මූනේ හන්ග ගත්ත ටේහි කිව්වා

එදා රෑ පුරාවට මහ හයියෙන් වැස්සා . හරියට ලොකූ කරදරේක පෙරනිමිත්තක් වගේ .

ඒ අස්සෙන් තමයි ටේහි ' ඔප්පා' කියලා කතා කරන හඩ ඇහුනේ .

කුකී වේගෙන් දුවන් ගියා . එයාටත් අමාරුකම් තියෙනවා එයාගෙත් ඇග පත මහගොඩක් රිදෙනවා .ඒත් එයාගේ පලමු රාජකාරිය උනේ ටේහිව . එදා සිද්දියෙන් පස්සේ ටේහිගේ හැම වැඩක්ම කරේ ජන්කූක් . නාවන එක පවා .ඒත් කිසිම දවසක එයා රාගී සිතුවිලි වලින් ටේහි දිහා බැලුවේ නෑ .

"ටේහි මොක්ද උනේ"

ටේහිගේ කාමරේට කඩාගෙන පැන්න කුකී ඇහුවා..

TBC



Helakuru ekka ba eei  😑 

Her hero | JJK centricWhere stories live. Discover now