මේ අතරේ ජන්කූක්ට දෙයක් තේරුනා . එන්නම දුර්වල වෙන එයාගේ ඇග දැක්කම එයාට දැනෙන දේ ඔයාලටත් තේරෙනවා ඇති නේද .
තමන්ට ඉතුරුඋන පොඩි වැඩක් ඉවර කරන්න ජන්කූක් එලියට යන්න ලෑස්ති උනා .
හිතන්න එයා කොහෙද ගියේ . දැන් එයා ඉන්නෙ ලමයි ටිකක් වට කරගෙන කිව්වොත් හිතා ගන්න පුලුවන්ද .හ්ම්.. එයා ගියේ ග්රවුන්ඩ් එකට .
"'බනී හ්යුන්ග් . දැන් මුනාද උයාට කියන්න ඕනේ'.
"හ්යුන්ගී කෙට්ටු වෙලා"
"අනේ බනී හ්යුන්ගී ඔයා තෙල්ලම් කලන්න එන්නකූ"
.ජන්කූක්ට නිවනක් නෑ . කියන්න ආවේ මොකක්ද දැන් වෙන්නේ මොකක්ද . කොහොමින් කොහොම හරි ජන්කූක් අර බබාලව සන්සුන් කරා
"අහන්නකෝ බබාලා . හ්යුන්ගි හෙට ඉදන් ග්රවුන්ඩ් එකට එන්නේ නෑ හරිද . ඔ.."
"අනේ ඒ ඇයි"
"බනී හ්යුන්ග් ට අපිව එපාද"
එක දිගට පොඩි අය පැමිනිලි කරන්න ගත්තා .තොල් උලුප්පගෙන ඉන්න ලමයින්ව දැක්කම ජන්කූක්ට නැවතෙන්න හිතෙන්න ඇති .ඒත් ජීවිතේ ඒකට හරස් නේ
"හ්යුන්ගී දුර ගමනක් යනවා බබාලා .පුලුවන් උනොත් ආයේ එන්නම්"
"අනේ" චූටි බබාලා කිව්වා
චූටි බබාලට කලින් ජන්කූක්ගේ ඇස් වලට කදුලු උනලා . අනේ ඒ හිත ඒ තරන් සන්වේදී වෙලාද දැන්
"ඒනම් බබාලා මීට පස්සේ කලින් යන්න හරිද . වූ බබා උයාට තමා මන් දැන් වගකීම දෙන්නේ තේරුනාද"
ජන්කූකුත් පොඩි එකෙක් වගේ කතා කරද්දි වූ බබා ඔලුව වැනුවා .
ජන්කූක් යන දිගට එයාට ඇඩුනා . ඒ විතරක් නෙවේ අර බබාලා ටිකත් සෙල්ලම් නොකර බලාගත්ත අතේ බලන් හිටියා . ඒ ටික කාලෙට එයාලා කූක්ට ගොඩක් ලන් වෙලානේ .
.
.
.
Jimin pov
මන් කෙලින්ම ආවට වීඩියෝ ගන්න මට තැන් ගානක රස්තියාදු වෙන්න උනා . අන්තිමේදි ඉල්සාන් යන්න කියලා මැනේජර් කිව්වා . දෙයියනේ ටේ මගේ හොදම යාලුවා නොවෙන්න මන් මේ දේවල් කවදාවත් කරන්නේ නෑ ...
මේ විදිහට ජිමින්ට ඉල්සාන් යන්න උන එකෙන් උනේ තවත් නිශ්පල දෙයක් .සමහර මිනිස්සු තමන්ගේ කාලයට වටිනාකමක් දුන්නට අනිත් අයගේ කාලෙට වටිනාකමක් දෙන්නේ නෑ නේ . එහෙම දුන්න නම් ජිමින් මෙහෙම රස්තියාදු වෙයිද .
ජිමින් නැති අතරේ කූක්ට අමාරු වෙන්න ගත්තා . වොමිට් වෙන එක එක්කම ජන්කූක් බාතෲම් එකේම සිහි නැතුව ඇදන් වැටුනේ ජින් වත් කලබල කරලා .
ජන්කූක්ව ඇදේ තියලා ජින් පුලුවන් උපරිමෙන් සාත්තු කරත් කූක්ගෙ නහයෙන් ලේ බින්දු ගලාගෙන ගියා .
පැය කිහිපයකින් සිහිය ආපු ජන්කූක් ජින්ට උන දේවල් පැහැදිලි කරලා දුන්නත් ජින් ට මහ ගොඩක් දුක හිතිලා . කවදද ඒ බැදීම් දාලා යන්න බැරි තරම් ශක්තිමත් උනේ .
.
.
.
අපි ටේහි ගැන බැලුවොත් එයා අද පරන ගෙදරට ආයෙමත් ඇවිති ගන්න බැරි උන බඩු ටික ගන්න . ඒ ගේ ඊලග සතියෙ වෙන කෙනෙක් ගන්න නිසා ටේහි ලෑස්ති උනේ දැන්ම ඒ ගෙදර දාලා යන්න . අනේ මෝඩ ටේහි ඔයා ඔය යන්න යන්නේ ඔයාගෙම කම්මුලට ගහපු කෙනා එක්ක නේද .
තමන්ගේ සූට් කේස් හදාගන්න බඩු අස් කරද්දි ටේහිට ජන්කූක්ගේ කාමරේ යතුර හම්බ උනා .
සමහර විට ඒක ටේහිගේ වාසනාවට උන දෙයක් . නැත්තම් අවාසනාවට උන දෙයක් වෙන්නත් පුලුවන්
Karapothu lamayinee thankuu 😌🥳
YOU ARE READING
Her hero | JJK centric
Fiksi Penggemarඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...