23

120 21 9
                                    

ජන්කූක් ගෙදරින් එලියට බැස්සේ අනාගතේ ගැන මහා සැලසුම් තියාගෙන නෙවේ . එයාගේ ඔලුවේ වැඩ කරේ අද ජීවත් වෙන්නේ කොහොමද කියලයි . තමන්ගේ බෑග් එකත් අරන් වැඩ කරන තැන් වලින් කැෆේ එකේ වැඩ කරාට පස්සේ බා එකට යන්න උනේ නෑ . මොකද ඒක කායිගේ එකක් නිසා ජන්කූක්ව අස් කරලා තිබ්බා

_එක අතකින් කමක් නෑ නේද හ්‍යුන්ගී දැන් ටේහි නැති නිසා එක රස්සාවක් කරාම ඇතිනේ_

ජන්කූක් තමාටම කියා ගත්තේ තොල් අතරේ දුක් බර හිනාවක් ඇදෙද්දී . ජන්කූක් හිතුවේ ටේහිගේ අප්පා හිටපු නිසා දැන් ටේහි ආරක්ශිතයි කියලා . ඒත් කවුද දන්නේ . බීමත් කමෙන් තමන්ගෙම පුතාව අනාත නිවාසෙකට දාලා ගිය අප්පා එයාගේ දුවට මොනා කරයිද කියලා .

හවස තුනහමාර වගේ වෙනකොට ජන්කූක්ගේ වැඩ ඉවර උන නිසා එයා පරන පාක් එකට ගියා .

අවුරුදු පහේ හතේ වගේ පුන්චි ලමයි ටිකක් සෙල්ලම් කරන හැටි එයා දැක්කා . එතනම ඉදගන්න හදලා තිබ්බ ගැට්ටේ ඉදගත්ත ජන්කූක් බර කල්පනාවකට වැටුනා .

ඒත් වැඩි වෙලාවක් කල්පනා ලෝකේ ඉන්න හම්බ උනේ නෑ .

"හ්‍යුන්ගී . හ්‍යුන්ගී .හ්‍යුන්ගී  උයාගේ නම මුකක්ද ."

අවුරුදු පහක් වගේ උන චූටි කොල්ලෙක් ජන්කූක් ගාවට ඇවිත් ඇහුවා

"ජන්කූක්"

ලස්ස්න හිනාවක් එක්ක ජන්කුක් කිව්වා . පුදුමයි නේද ටිකකට කලින් තියෙන හැම දේම නැති වෙලත් දැන් හිනා වෙලා ඉන්න එක .

"ඌ .. මන් හ්‍යුන්ගිත බනී හ්‍යුන්ග් කියන්නම්"

පොඩි ලමයා එහෙම කියනවත් එක්කම එයාගේ මතකෙට ආවේ එයාගේ ටේ හ්‍යුන්ගී ගැන . එයත් මේ බැම්බි ඇස් අයිතිකාරයට බනී කියලයි කතා කරේ .

ජන්කූක් එක්ක අර ලමයි පස් දෙනාම ඉක්මනින් යාලු උනා වගේම එයාලා පහ "හ්‍යුන්ගී" "හ්‍යුන්ගී" ගා ගත්ත ගමන්මයි.

ජන්කූක් ඉන්න නිසාම ටිකක් හවස් වෙනකන් සෙල්ලම් කරපු ලමයි පස් දෙනා අතත් වනලා යන්න ගියේ කූක් ආයෙමත් තනි වෙද්දි.

සීතල හුලගක් ජන්කූක්ගේ මුලු ඇගම වෙලා ගද්දි එයා ඉර බහින හැටි බලන් හිටියා . යන්නේ කොහෙටද කොහේ ඉන්නද කිසිම දෙයක් ගැන හිතන්න දැන් ජන්කූක්ට ශක්තියක් නෑ

පරිසරය අදුරු වෙනවත් එක්කන ජන්කූක්ගේ හිරවුන කදුලු එක දෙක ගලන් ගියේ එයාගෙ ඉකි බිදුම් විතරක් පරිසරෙන් ඇහෙද්දියී .

"හ්‍යුන්ගී මම හරි අසාර්තයි හ්‍යුන්ගී . ඔයාගේ අප්පා ඔයාගේ රෝස මල පරිස්සමෙන් ජිමිනි හ්‍යුන්ග් ට දෙයි නේද

මට හරි මහන්සී හ්‍යුන්ග් . මට තව විදවන්න බෑ . පොරොන්දු සම්පූර්න කරන්න කලින් යන්න උනොත් මට සමාව දෙනවද හ්‍යුන්ගී"

ජන්කූක් අහස දිහා බලාගෙන කිව්වා . රෑ බෝ වෙනවා එක්ක දිලිසි දිලිසි ජන්කූක් ලගින් යන කනාමැදිරි දිහා බලාගෙන ජන්කූක් කදුලු අතරින් පොඩි එකෙක් වගේ හිනා උනා .

ජන්කූගේ බෝල ඇස් වලට කනාමැදිරි එලි වල ආලෝක වැටෙද්දි වැඩියෙන්ම ලස්සන කනාමැදිරියෝද නැත්තම් අර බැම්බි ඇස් දෙකද කියන ප්‍රශ්නේ ඒ මොහොත බලන් ඉන්න ඕනම කෙනෙක්ට එයි

සමහරක් විට දැන් ජන්කූක්ට ඕනේ ඇත්තේ විරාමයක් . හැම දේකින්ම පොඩි විරාමයක් .

තමගේ කදුලු වලට සම්පූර්න නිදහස දීලා

රහස් ගනනාවක් හන්ගන් ඉන්න රෑ අහසට තවත් රහසක් එක් කරමින් ඒ දිහාම බලාගෙන හිටපු ජන්කූක් ගැස්සුනේ කාගේ හරි අතක් එයාගේ උරහිස අල්ලද්දී

Her hero | JJK centricWhere stories live. Discover now