ටේහිගෙ වැඩ වලට හරියන්න සල්ලි ජන්කූක් දුන්නගෙන් පස්සේ ටේහි එයාගේ මූලික ඉගෙනුම් වලට සූදානම් උනා .
ඒත් ඇයි ජන්කූක් ටේහි අතර මේ තරම් දුරස්කමක් ඇති වෙලා . කෝ ඔප්පා ඔප්පා ගගෙන හිටපු කෙල්ල. එයා වෙනස් උනේ ඇයි . හ්ම්.. සමහර මිනිස්සු එක එක කාලවලදි වෙනස් වෙනවා . සමහරුන් අනිත් අයට කරදරයක් නොවෙන විදිහට වෙනස් වෙද්දි තවත් සමහරු අනෙකාගේ හිත පෑරෙන විදිහට වෙනස් උනේ .
_හ්‍යුන්ගී . ඔයාගේ රෝස මල ආයෙමත් ජීවිතය පටන් ගන්න යන්නේ . ඒත් එයාව එලියට යවන්න මන් හරි බයයි හ්‍යුන්ග් . ඔයාට ඕනෙ වෙලාවට වත් මට ඔයා ගාව ඉන්න බැරි උනා . මට ඕනේ නෑ ටේහිටත් එහෙම වෙනවා දකින්න_
තමන්ගේ කාමරේටම වෙලා හිටපු කුකී තොල් උලුප්පගෙන කිව්වා . ඉදලා හිටලා හරි පරන කුකීව දකින්න ලැබෙන එක ශෝයි නේද .
ටේ තමන්ගේ ෆෝන් එකේ තියාගෙන හිටපු ඩයරියේ අන්තිම කොටසත් කියවලා ඉවර කරපු ජන්කූක් එහෙම්මම ඇදේ වැතිරුනේ සිවිලිම දිහා බලාගෙන .
_හ්‍යුන්ගිගේ ඩයරියත් ඉවරයි .ඒකේ මුල් ටික අපි දෙන්නා ගැන මතක විදිහට ලිය උනත් අන්තිම පිටු සේරම ටේහි ගැන නේද. ඔයා ඒ තරම් ඔයාගේ රෝස මලට ආදරෙයිද හ්‍යුන්ග්_
ටිකක් දුක හිතෙන හිනාවක් තොල් අතර රදවගත්ත ජන්කූක් හිතුවා
හිතට ආපු ක්ශනික සිතුවිල්ලකට ජන්කූක් ටේගෙ ඩයරිය අරන් දෙයක් ලියන්න ගත්තා .
ඔව් එයා ටේහි දැක්ක දවසේ ඉදන් හැම දේම . ඒක පිරෙන්නම ජන්කූක් ටේහිට මොන තරම් ආදරේ කරාද කියලා තිබුනා . ඒත් ඒ ආදරේ සහෝදර සීමාව පනින්න යද්දි ජන්කූක් සිතුවිලි මරලා දාපු හැටිත් තිබුනා .
ඒත් කොයිම තැනකවත් එයා විදපු දුක් කන්දරාව ලියවුනේ නෑ .එයාගේ වේදනාකාරි හැගීම්වත් කැපකිරීම්වත් එකේ නෑ .එතකොට ?
සමහර මිනිස්සු එහෙමයි . ලොකු දුක් කන්දරා දරාගෙනත් අනිත් අයව සනසවනවා . ඒත් අනිත් මිනිස්සු හිතන්නේ එයාට ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා
කුකී රෑ වෙනකන් බලන් හිටියත් ටේහි පරක්කුයි . ඒත් අන්තිමේදි කවුරු හරි ටේහිව ගෙනත් දැම්මා .
ජන්කූක් ටේහිගෙන් ඇහුවත් කොහෙද ගියේ මේ තරම් වෙලා කියලා ටේහි කරේ ගස්සන් ගිය එක විතරයි
"සමහර විට අද දවස එයාට ඒ තරම් හොද එකක් නෙවේ වෙන්න ඇති"
ජන්කූක් තමන්වම සනසවා ගත්තා .
"එයා ගැන පොඩ්ඩක් හෙව්වොත් හොදයි "
ජන්කූක් දන්නේ නෑ නේ ටේහිට කලින් හිටපු යාලුවෝ ගැන . ඉතින් ඒක නිසාම එයා ටේහි ගැන හොයන්න ගත්තා .ඔව් ඉතින් එයාට බෑ නේ එයාගේ හ්‍යුන්ගි ගේ රෝස මල හරියට පිපෙන්නත් කලින් තැලෙන්න දෙන්න
YOU ARE READING
Her hero | JJK centric
Fiksi Penggemarඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...