Chapter 2 🍁

85 21 20
                                    

Next day pov....

උදේ නැගිටලා දැක්ක දෙයින් මගේ ඇස් දෙක උඩ ගියා...👀
ඊයෙ රෑ unknown number එකකින් hi කියල msg දාපු කෙනා photos වගයක් එවල තිබ්බ මන් එච්චර කලබල උනේ ඒ එවල තිබ්බෙ මගේ photos නිසා ...මන් ගොඩක් වෙලාවට park එකට තව හන් ගග ගාවට ගිහින් තනියම ඉන්නව...එතකොට මගේ හිතට පොඩ්ඩක් හරි සහනයක් දැනෙන නිසා..ඒත් මේ photos වල තියෙන්නෙ මන් ඒ තැන්වල ඉන්නවා...ඒ photos වල විදියට කවුරුහරි මන් තනියෙන් ඉන්න කොට හොරෙන් අරන් තියෙන්නේ...අප්පගෙන් හැන්ගිලා ඉන්න නිසා මේක අප්පගේ වැඩක්ද කියලත් හිතෙනවා මොකද Kim Jihu කියන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමේ තමන්ට එරෙහි වෙන මනුස්සයෙක් උනත් මරලා දාන්න දෙපාරක් හිතන්නෙ නැති කෙනෙක් 😞 මට මේ ගැන Nancy ට කියන්න හිතුනත් කෙල්ල මේ දවස්වල uni එකේ exam එකට දාගෙන පාඩම් කරන නිසා වද දෙන්න ඕන උනේ නෑ...

එහෙම හිතලා බර හුස්මක් හෙලපු මන් එන ඕනම දේකට මූන දෙන්න හිතාගත්තා..ඔවු ඉතින් මූන දෙන්නෙ නැතුව අත දෙන්නයැ...😁 උදේ තේකත් බීල wash එකක් එහෙම දාගෙන මන් ලෑස්ති උනේ මගේ පැටවු ටික ගාවට යන්න ඒ කියන්නේ මොන්ඩිසෝරි යන්න ...මගේම දරුවෝ නොවුනත් මට දැනෙන්නේ ඒ චූටි පැටවු හරියට මගේම දරුවෝ වගේ ❤️ දුක් කන්දරාවක් හිතේ හිර කරන් ඉන්න මන් පොඩ්ඩක් හරි සතුටින් ඉන්නෙ මේ පැටවු ටික නිසා එයාල නිසා හිනාවෙල ඉන්න පුලුවන්...ඔවු ඉතින් හිනායන්නෙ නැතුව තියෙයියෑ "තීත මෙයා මගේ මක්කෙ දෙන්නෙ නෑ " කියල එක්කෙනෙක් කෑගහයි ...තවකෙනෙක් "තීත මට washroom නන්න ඕන " කියලා කෑ ගහයි ඒවා අහන් ඉද්දි ඉතින් මටත් මන් එයාලගේ teacher කියන එකත් අමතක වෙනව..කිසි කහටක් නැතුව ආදරේ තියෙන්නේ පොඩි දරුවො ගාවයි සත්තු ගාවයි විතරයි 🥺❤️

කොහොමහරි කොහොමහරි ලෑස්ති වෙලා මන් මොන්ඩිසෝරියට එනකොට අනේ මගේ පොඩ්ඩො ටික ගේට්ටු කනු බදාගෙන බලන් ඉන්නවා මන් එනකම් ඒක දැක්කාම මට ඒ දරුවෝ ගැන තියෙන ආදරේ තවත් වැඩිඋනා...කොහොමත් එයාල හැමදාම ඔහොමයි මන් එනකම් බලාගෙන ඉන්නවා...❤️ මන් ගේට්ටුවෙන් ඇතුලට එනවා දැක්කා විතරයි පොඩි සේනව මන් ගාවට දුවන් ඇවිත් මාව වට කරගත්තා " තීත මට දෙන්න bag එක" .."නෑ මමයි තීතගේ bag එක ගන්නේ" ..."තීත මගේ අතින් අල්ල ගන්නකූ" අනේ අම්මෙ කට්ටිය මාව වටකරගෙන කියවන්න පටන් ගත්ත 😋 සමහරු නම් රන්ඩුත් වෙනෝ මගේ bag එක බෙදා ගන්න බැරුව...

Still With You 🤍Where stories live. Discover now