ෆෝන් එක රින් උන නිසා මන් ෆෝන් එක අතට අරන් බලද්දි දැක්කේ දන්නේනැති නම්බර් එකකින් කෝල් එකක්....
"හෙලෝ..කවුද මේ..හෙලෝ...."
මන් කෝල් එකට කතාකරාට එහා පැත්තෙන් කතාකරපු කෙනා මොකුත් කිව්වේ නෑ...බැරිම තැන මන් ආපහු කතා කරා...
"හෙලෝ කරුනාකරලා කියනවද මේ කවුද කියලා..."
මට තරහා ගියා ඇයි අනේ කෝල් එකක් ගත්තට පස්සේ මොකුත් නොකිය ඉන්නකොට කේන්ති යනවනේ අනික එයාම කෝල් කරලා දැන් කතා නොකර ඉන්නවා...මට නිකමට හිතුනා මේ කවුරුහරි කරන විහිලුවක්ද කියලවත්...ඒත් අර මනුස්සයා එක පාරටම කතා කරා..
"අදුරගන්න බැයිද මාව..?"
සත්තයි ඒ කටහඩ අහපුවාම මට දැනුනේ මගේ ඇග ඇතුලෙන් කරන්ට් එකක් යනවා වගේ ඒ තරමටම ඒ ඇහුන කටහඩ මාව දුර්වල කරා...අනේ නෑ එහෙම වෙන්න බෑ කොහොමද එහෙම වෙන්නේ....
"මොකද කතා නැත්තේ කතා පෙට්ටිය වැහුනද එකපාරටම...ඉස්සර වගේම තමා නේ පොඩ්ඩක්වත් කටේ සද්දේ නම් අඩුවෙලා නෑ...."
මොනාද මේ වෙන්නේ කියලා මට හිතාගන්න බැරි උනා....එකපාරටම මට හිතුනා මේක හීනයක් වෙන්න ඇති කියලා මොකද හීනෙන් විතරනේ මට මේ කටහඬ ඇහෙන්නේ...ඒත් මේක ඇත්තක් මට ඒක විශ්වාස කරන්න බැරි උනත් මේක ඇත්තක්....අමාරුවෙන් උනත් මන් කතා කරා..
"හෙ හෙලෝ..."
"මොනාද මුමුණන්නේ හයියෙන් කතා කරන්න මට ඇහෙන්නෑ...දැන් වයසයි"
එකපාරටම මේ සිද්ද උන දේ නිසා සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට හිතා ගන්න බැරි උනා...අවුරුදු ගානක් මේ කටහඩ අහන්න මන් මග බලන් හිටියා ඒත් දැන් වෙන කෙනෙක්ගේ උන කෙනෙක් එක්ක මොනා කතා කරන්නද...
"වියූ...ඔයාට මාව අදුරගන්න බැරිද"
වියූ...ඔවු වියූ.. අනිත් හැමෝම මට යානා කියලා කතා කරේ වියානා වෙච්ච මගේ නම කෙටි කරලා..හැමෝම යානා කියලා කතා කරනකොට එයා විතරයි මට වියූ කිව්වේ ඉතිම් එයා ආපහු සැරයක් අවුරුදු ගානකට පස්සේ ඒ නමින් කතා කරනකොට මට දැනුනේ කියාගන්න බැරි දුකක්..ඒත් මට දැන් එයා ඉස්සරහ ඉස්සර හිටපු බොලද පොඩි දේටත් රන්ඩු වෙන පුන්චි කෙල්ල වෙන්න වෑ...මොකද එයා දැන් වෙන කෙනෙක්ගේ...
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023