"ඒ ඇස් වල නිකම් අතරමන් උනා වගේ දැනුනේ මට....🥺❤️ අපි දෙන්නගෙන් කවුරුවත් කතා කරේ නෑ...හැබැයි එක පාරටම ...
"වියානා ඔයා මොකද තාම ඉස්කෝලේ ..ගෙදර ගියේ නැද්ද..?"
කවුද මන්දන්නේ නෑ කොල්ලෙක් එතනට ඇවිල්ලා අර ගෑනු ලමයට කතාකරා...එතකොට අර ගෑනු ලමයත් ඒ කොල්ලා දිහා හැරිල බැලුවා..
"ආ නෑ මේ මගේ පොතක් පන්තියේ දාල ඇවිත් මන් මේ ඒක ගන්න ආවේ"
කෙල්ල අර කොල්ලට එහෙම කියනකොට ආපහු " එතොකොට මේ බිම වාඩිවෙලා ඇයි..මොකද උනේ" කියලා අර කොල්ලා ඇහුවා..."අනේ නෑ මින්හෝ මගේ මේ සපත්තුවේ ලේස් එක ලෙහිලා තිබ්බේ මන් ඒක ගැට ගහන්න නැවුනේ" කියලා අර කෙල්ල මින්හෝද කවුද කියන කොල්ලට කිව්වා...ඒත් මගේ ඇස් දෙක උඩ ගියේ කෙල්ල එකපාරට කිව්ව බොරුව නිසා..මොකද මෙතන ලේස් එකක් ලෙහිලා සීන් එකක් උනේ නෑනේ... 👀👀
"ආ එහෙමද මන් හිතුවා මොකක් හරි කරදරයක් වෙලා කියලා..ඒත් මූ කවුද ..මූ මෙතන මොකද කරන්නේ වියානා.." මින්හෝ මගේ දිහා බලන් එහෙම අහද්දි තමා මන් දැනගත්තේ අර කෙල්ලගේ නම වියානා කියලා...
"ආ නෑ මේ මෙයා මට කරදරයක්ද බලන්න ආවේ නැතුව මේ...." එහෙම කියපු කෙල්ල මගින් බ්‍රේක් ගහලා වගේ කිය කිය හිටපු එක නැවැත්තුවා..."පොඩ්ඩක් ඉන්න ඇයි මන් මේවා ඔයාට කියන්නේ..ඔයාට මොකටද මෙතන මොනා උනත්.." කෙල්ල නිකම් කැත්තට පොල්ල වගේ අර මින්හොට එහෙම කියනකොට උගේ මූන නිකම් දෙල් වෙලා ගියා..ඒක දැක්කමනම් හිනා යන්න ආවත් මන් හිනා උනේ නෑ 😁 පවුනේ කොල්ලා...🤣 කොල්ලෙක් ඉස්සරහ තව කොල්ලෙක් කෙල්ලෙක් නිසා චාටර් උනාම ...හිතන්නකෝ පොඩ්ඩක්..🤣
"ආ හරි හරි ඉතින් මන් නිකම් කිව්වේ මන් යනවා මට වැඩක් නෑ " මින්හෝ එහෙම කියලා තරහෙන් වගේ එතනින් ගියේ මටත් රවලා....පවු මොනා උනත්..🤣
"ඒයි හිනා වෙවි ඉන්නේ මාව නැගිට්ටවනවා...වට්ටලා මාව මෙතන තව හිනත් වෙනවා.."😑😑
මන් කල්පනාවෙන් බිදුනේ අර කෙල්ල ආපහු කෑ ගහන්න ගත්ත නිසා....මූනත් පුම්බන් තොල් දෙකත් උල් කරන් ඉන්න කෙල්ල දැක්කාම මට ආපහු ඉන්නේ කොහෙද කියන එක අමතක උනා.."ආයිශ් ඇයි මේ මොන මගුලක්ද යුනිගියා වෙලා තියෙන්නේ පිස්සුද උබට මේ මලහෝන්තුව ගැන හිතන්නේ..." මන් මටම එහෙම කියාගත්තා....
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023