Yoongi's pov...
උදේ පානදර මාව ගැස්සිලා ඇහැරුනේ ෆෝන් එක රින් වෙනවා ඇහුන නිසා...ඇස් අරින්නෙත් නැතුවම මන් ෆෝන් එක අරන් කනේ තියාගත්තා...එහා පැත්තෙන් කතා කරේ ජියා....
" යා ඔප්පා දැන් මන් මේ කීයේ ඉදන්ද ඔයාට කෝල් කරන්නේ මොනාද අප්පා ඇයි මෙච්චර වෙලා ගියේ ආන්සර් කරන්න?"
"ආ ජියා මියානේහ් මන් දැන් නැගිට්ටේ...ඇයි කතා කරේ?"
මන් ඇදෙන් නැගිටින ගමන් එහෙම ඇහුවා...
"ඇයි ඔප්පා අද ඔයා මාත් එක්ක එනවා කිව්වනේ මගේ අලුත් සින්දුව ශූට් කරන තැනට යන්න...අනේ ඔයාට අමතක උනාද ඔප්පා තරහයි මන්..."
කෙල්ල ඒක කිව්ව විදියට මට හිනා ගියා..
"නෑ නෑ මට අමතක උනේ නෑ ජියා ...ඒත් දැනම වෙලා වැඩීනේ...ඒකයි"
"ආ ඒමද මන් ඒත් බැලුවා මගේ පූස් පැටියට අමතක වෙලාවත්ද කියලා...මගේ හොද ඔප්පා....එහෙනම් ලෑස්ති වෙලා එන්න හොදේ...මන් බලන් ඉන්න්වා...බායි"
ජියා එහෙම කියලා කෝල් එක කට් කරා ...ජියොන් ජියා කියන්නෙත් අයිඩල් කෙනෙක්...එක සැරයක් ජියාගේ සින්දුවක producer විදියට යුන්ගි වැඩ කරපු නිසා තමයි දෙන්න දැන අදුන ගත්තේ....කෙල්ලෝ එක්ක කිසිම සම්බන්දයක් තිබ්බේ නැති යුන්ගි ජියා එක්ක ගොඩක් හිතවත් උනා...මුලින්ම ආගන්තුක විදියට දෙන්න හිටියත් ජියාගේ පිස්සු වැඩ නිසා යුන්ගිගේ හිතේ ජියා ගැන පැහැදීමක් ඇතිඋනා...ජියා ආදරේ කරා යුන්ගිට ගොඩක්...යුන්ගිගේ ඒ සීතල හැසිරීම නපුරු පාට පොඩි ඇස් දෙක ජියාට ආදරේ කරන්න ලොකු හේතුවක් උනා..ඒ හින්දා පුලුවන් හැම වෙලේම ජියා යුන්ගි ලගම ඉන්න උත්සහ කරා...යුන්ගි පවා ඒකට විරුද්ධත්වයක් දැක්කුවේ නැති නිසා අනිත් කට්ටිය පවා හිතුවේ මේ දෙන්න අතර සම්බන්දයක් තියෙනවා ඇති කියලා..යුන්ගි කෙසේවෙතත් ජියා නම් දැනටමත් දෙන්න බැදලා වගේ හැසිරුනේ..ඒක නිසාම සැරින්සැරේ මේ දෙන්නගේ මේ සම්බන්දකම මීඩියා වලට පවා ගියත් ඒව වැඩි කල තිබ්බේ නැත්තේ ඔප්පු කරන්න තරම් ලොකු සාක්ශියක් තිබ්බේ නැති නිසා...
_________________________________________Viyana's pov.....
අද සති අග නිසා මොන්ඩිසෝරි නැති නිසාම මන් චුට්ටක් එලියට ආවේ නිදහසේ මේ නිවාඩු දවස ගෙවන්න හිතාගෙන...
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023