Chapter 14 🍁

51 12 2
                                    

"මන් මොනාද කරේ මොනාද බන් කියවන්නේ තේරෙන විදියට කියහන්කෝ"

නැම්ජුනා කියපු දේ මට තේරුනේ නෑ..ඇයි හත් දෙයියනේ එකපාරටම කිසි දෙයක් කියන්නේ නැතුව ඔහොම මොනාද කරේ කියලා අහනකොට මොකක් ගැනද අහන්නේ කියලා තේරෙන්නේ නෑනේ..

"හ්‍යුන්ග් මොනාද අර ජියා දාලා තියෙන ෆොටෝස් ඒවගේ හරියට නිකම් ඔය දෙන්නා කපල් එකක් වගේනේ මිනිස්සු මොනා හිතයිද ...?"

"අනේ බන් මේ මිනිස්සු මොනාද බන් අපි ගැන නොහිතෙන්නේ උන් හිතන හැමදේම ගැන හිතන්න ගියොත් අපිට මොකද වෙන්නේ අඩුම අපිට අපි කැමති දෙයක්වත් කරන්න බෑද...අයිඩල්ස්ලා තමා ඒත් අපිත් මිනිස්සුනේ බන්..."

"හරි හ්‍යුන්ග් කියන විදියට ඔය අනිත් මිනිස්සු ගැන නොහිතා ඉමුකෝ..ඒත් ඔය  ෆෝටෝස්  වියානා දැක්කොත් මොකාද කරන්නේ..ඒ කෙල්ල මොනා හිතයිද?"

මන් ඉස්සෙල්ලා ඒදේ ගනන් නොගෙන හිටියට නැම්ජුන් වියූ ගැන කියද්දි මගේ හිත පොඩ්ඩක් ගැස්සුනා..ඇත්තටම එයා ඒවා දැක්කොත් මොනා හිතයිද..මන් කරේ බොරුවක් කියලවත්...නෑ නෑ එහෙම වෙන්නේ නෑ එයා හොදටම දන්නවා මන් එයාට ගොඩක් ආදරෙයි කියලා...ඒත්

"ම්ම් දැන්වත් හ්‍යුන්ග්ට තේරෙන්නැති කියල හිතනවා..හ්‍යුන්ග් ඔයාට කවදාවත් කෙල්ලෙක් නිසා කතාවක් හැදිලා නෑ ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න..අනික අපි කෙල්ලව හොයාගත්තා විතරයි නිකම් අහක යන කුනුගොඩවල් අගේ ගහගන්න ඕන නෑනේ..."

නැම්ජුන් එහෙම කියලා මගේ උරහිසට තට්ටුවක් දාලා එතනින් ගියා..ඒත් මට මතක් උනේම වියූ ඒ ෆොටෝස් දැකලනම් කියලා විතරයි..මන් එහෙම්ම කාමරේට ආවා..මගේ ඇස් ගියේ මන් ඩේගු ඉදන් සෝල් ආපු දවසේ ඉදන් පන වගේ මගේ ලග තියාගත්තු දේකට...

ඒ තමයි මට වියානගෙන් ඉතුරු වෙලා තිබ්බ වටිනම දේ...එයාව දාලා ආව දවසේ ඉදලා අද මේ මොහොත වෙනකම් මන් ඒ දේවල් බලාගත්තේ නිධානයක් වගේ මොකද ඒ තරමටම මට ඒවා වටිනවා..ඒ දේවල් දාලා තිබ්බ පොඩි පෙට්ටිය මන් අතට අරන් බිම වාඩි උනා..මන් එච්චර ආදරෙන් පරිස්සම් කරේ වියූ මන් වෙනුවෙන් ලියපු ලියුම් , නිසදැස් උපන්දිනේට එයා එයාගේ අත්දෙකෙන්ම මන් වෙනුවෙන් හදපු උපන්දින කාඩ් වගේ දේවල්...දකින කෙනෙක්ට ඒවා මහ බොලද  දේවල් වගේ පෙනුනට මන් ඒ දේවල් වලට මහ හුගක් ආදරේ කරා...ඒ පොඩි පොඩි දේවල් නිසා මගේ මතකය අතීතයට යද්දි මගේ ඇස් නැවතුනේ වියූගේ දිනපොත ගාව..ඒ දිනපොත එයා මට දුන්න එකක් නෙවේ ඒක මන් එයාගේ බෑග් එකේ තිබිලා හොරෙන් ගත්ත එකක් අනුන්ගේ දින්පොත් කියවන එක නරක දෙයක් කියලා දැන්දැනත් මගේ හිත මට කිව්වෙම ඒක අරන් බලන්න කියලා...

Still With You 🤍Where stories live. Discover now