Viyana's pov...
මන් කාමරේ ජනේලේ ලගට වෙලා එලියේ වහින දිහා බලන් හිටියා..වැස්ස කියන්නෙත් සොබාදහමේ හරි අපූරු නිර්මානයක්...වහින හැමසැරේකම වගේ මට හිතුනේ මේ වහින්නේ අහස මහපොලවට තියෙන ආදරේ පෙන්නන්න කියලා...හෝ ගාගෙන ලොකු වැහිබින්දු පොලවට කඩන් වැටෙද්දි මට හිතුනෙම කවදාවත් එක්වෙන්න බැරි හින්දා අහසයි පොලවයි එකිනෙකාට ආදරේ දක්වන්නේ වැස්සගෙන් උදව් අරන් කියලා...
ඔහොම වැස්ස දිහා බලන් හිටපු මාව ගැස්සිලා ගියේ කවුරුහරි හයියෙන් දොරට ගහනවා ඇහුන නිසා...මේ මහ වැස්සේ කවුද මේ කියලා බලන්න ගියපු මන් දැක්කේ....👀
_________________________________________ජිමින්ටවත් නොකියා හදිස්සියේ රූම් එකෙන් දුවගෙන ආපු යුන්ගිගේ ඇස් හෙව්වේ එක රූපයයි ඒ යොන්ජුන්ව...වියානා ගැන දැනගන්න තිබ්බ එකම අවස්තාව මග ඇරුනාදෝ කියලා දෙගිඩියාවෙන් යුන්ගිගේ ඇස් යොන්ජුන්ගේ රූපේ හැමතැනම වගේ හෙව්වා...කොච්චර හෙව්වත් යුන්ගිට යොන්ජුන්ව හම්බුනේම නෑ...ඒත් අහම්බෙකින් යොන්ජුන්ගේ ඇස් නතර උනේ කියාරා ගාව..ඒ කියාරා කියලා යුන්ගිට ලාවට මතකයක් තිබ්බා දවස් දෙකක්ම දැක්ක නිසා ..ඉක්මනට කියාරා ගාවට දුවපු යුන්ගි දැක්කේ ලේඩි ඩොක්ට කෙනෙක් එක්ක කතාකරන යොන්ජුන්ව. යුන්ගිට තිබ්බ හදිස්සියට එතන කවුද ඉන්නේ කියන එකවත් ගානක් තිබ්බේ නෑ..
"මගේ වියූ කෝ මිනිහෝ...කෝ කියපන් මගේ වියානා..."
යුන්ගි පැන්න ගමන් යොන්ජුන්ෆේ කොලර් එකෙන් අල්ල ගත්තේ වටපිටේ මිනිස්සුත් හැරි හැරි බලද්දි...
"මොනවද කියවන්න්නේ තමුන්..අරහෙට වෙනවා..අතෑරපන් මාව..පිස්සු හැදිලද"
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023