Chapter 18 🍁

50 12 14
                                    

🦄- නැම්ජූනා කොහොමද මේවා දන්නේ...ඌ විතරක් දැනගන්න හේතුව මොකද්ද...

🐨- මාත් දැනගත්තේ අහම්බෙකින් හොබියා....

🦋- හරි කොහොමද දැනගත්තේ කියහන්කෝ දැන්...

🐨- මතකද මීට අවුරුදු හතරකට කලින් යුන්ගි හ්‍යුන්ග් ඇක්සිඩන්ට් උනා....අන්න ඒ දවස්වල තමා මන් ඕක දැනගත්තේ....

🐰- ඒ දවස්වල කොහොමද දැනගත්තේ යුන්ගි හ්‍යුන්ග් ඒ දවස්වල ගොඩක් අමාරුවෙන්නේ හිටියේ....පොඩ්ඩක් ඉන්න ඒ ඔන්නි හ්‍යුන්ග්ව බලන්න ආවද ඒ දවස්වල...

🐯- මෝඩ කතා කියන්න එපා කුකියෝ එහෙම බලන්න ආව නම් අපි දකින්න එපැයි...අනික හ්‍යුන්ග් මේ ලගදී ඒ කෙල්ලව හොයාගත්තා කිව්වේ මතක නැද්ද...

🐨-ඔව් ඒක එහෙම තමා...ඒත් මන් මේ කේස් එක දැනගෙන අවුරුදු හතරක් වෙනවා ඒත් අහම්බයකින්..එදා හ්‍යුන්ග් ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ නවත්තලා හිටපු දවසක්..එදා රෑ මන් හ්‍යුන්ග් ලග නැවතිලා හිටියේ...කොහොමහරි මන් හ්‍යුන්ගේ රිපෝට්ස් ගැන ඩොක්ට එක්ක කතා කරලා ආපහු හ්‍යුන්ගේ රූම් එකට එනකොට හ්‍යුන්ග්ට හොදටම දාඩිය දාලා..නිකම් හීනෙන් බය වෙලා වගේ....මන් ලගට ගිහින් යුන්ගියා කියලා කතා කරාම හ්‍යුන්ග් මාව එකපාරට බදන් අඩන්න ගත්තා....

🐣- අඩන්න ගත්තා..???

🐨-හ්ම් ඔව් මාත් ඒවෙලේ ගොඩක් ශොක් උනා මොකද කිසිම දවසක කොච්චර ලොකු දෙයක් උනත් ඇඩුවේ නැති යුන්ගි හ්‍යුන්ග්ටත් එච්චර අඩන්න පුලුවන් කියල මන් දැනගත්තේ එදා...එදා එහෙම අඩ අඩ හ්‍යුන්ග් මට කිව්වේ එකම එක දෙයයි ඒ  'මගේ වියූව මට ගෙනත් දීපන්' කියලා..මන් දැනන් හිටියේ නෑ කවුරු ගැනද කියන්නේ කියලා..පස්සේ හ්‍යුන්ග් සන්සුන් උනාට පස්සේ තමා මට හ්‍යුන්ග් සේරම විස්තරේ කිව්වේ...අර වෙලාවේ වියූ ගැන නරක හීනයක් දැකලා ඒකයි බය වෙලා නැගිටලා තිබ්බේ..එදා ඉදන් මාත් හ්‍යුන්ග් එක්ක වියානාව හෙව්වා...කොච්චර හෙව්වත් හම්බුනේ නෑ ඒත් මේ ලගදී මන් අහම්බෙන් වියානාව දැකලා එයාව ෆලෝ කරා..පස්සේ ඔක්කොම විස්තර ටික හොයාගත්තා...

🦋- හරි දැන් මට කියපන් ඔච්චර දෙයක් වෙලත් ඇයි උබලා දෙන්නාගෙන් එකෙක්වත් අපිට මොකුත් කිව්වේ නැත්තේ ආ අපි එක පවුලක්නේ බන්...යුන්ගි උබට අපිව විශ්වාස නැද්ද ඒකද අපිට මේවා හැන්ගුවේ...

Still With You 🤍Where stories live. Discover now