Chapter 3 🍁

69 17 9
                                    

Mr.Lee කිව්ව කතාවත් එක්ක මගේ පපුව පිච්චුනා වගේ උනා...

"miss මගේ දුව ඉපදුනු දවසේ ඉදන් මේ වෙනකම් කිව්ව එකම වචනේ අප්පා විතරයි....එයා හැමදේටම කියන්නේ අප්පා කියලා මගේ පොඩි කෙල්ල ඊට අමතරව කිසිම වචනයක් කතාකරන්නෙ නෑ..අඩුම තරමේ 'ඔවු ,නෑ,බෑ' වත් කියන්නෙ නෑ..."

"අනේ ඇයි ඉතිම් එහෙම...? මේ වයසේ පොඩි අය එහෙම නෑනේ 🥺 මන් අහන්නේ එහෙමෙ දෙයක් වෙන්න මොකද්ද හේතුව Mr.Lee?"

"මගේ දුවට අවුරුදු 4 වෙනවා මේ නොවැම්බර් වලට ...මගේ wife මීට අවුරුදු 3 කට කලින් නැතිවුනා...😞🥺 එයා නැතිවෙනකොට මගේ කෙල්ලට යන්තම් අවුරුද්දයි...🥺"

"අනේ එහෙමද Mr.Lee මට සමාවෙන්න මන් දැනන් හිටියේ නෑ" මන් එහෙම කිව්වත් අම්ම නැතිඋන එකයි දරුවා කතා කරන්නෙ නැති එකෙයි ගැලපීමක් මට හිතා ගන්න බැරි උනා මොකද අවුරුද්දෙ ලමයෙක්ට වෙන්නෙ මොනාද කියල තේරෙන්නෙ නෑනේ......හැබැයි මගේ මූන දිහ බලන් හිටපු Mr.Lee මන් හිතපු දේ තේරුන්ගත්තා වගේ...

"මගේ wife නැතිවුනේ car accident එකකින් එදා අපි තුන්දෙනාම car එකේ හිටියා...මගේ wife accident එක උන තැනම නැතිඋනා මටත් තුවාල උනා..මගේ දරුවා accident එක උන වෙලාවේ car එකෙන් එලියට විසිඋනා ඒ විසිඋන පාරට ඔලුව වැදිලා මොලේට හානිවෙල තියෙන්නේ ඒකයි මගේ දරුවා මෙහෙම මට අප්පා කියන්නෙත් මන් පුරුදු කරලම නිසා ඒත් කොච්චර කරත් මෙයා තව මොකවත් කතාකරන්නෙ නෑ...බෙහෙත් කරනව ඒකෙන් හරි මන් සහනයක් ලැබෙයි කියල හිතෙනව..😞ඒත් එකම මගේ ඔම්ම තම කිව්වෙ දරුවව මොනිඩිසෝරි දැම්මොත් යතා තත්වෙට ගන්න ලේසි වෙයි කියලා ඊටපස්සෙ තමා මන් මේ preschool එකට දුවව දාන්න තීරනය කරේ principal කිව්ව Miss .Viyana ගොඩක් හොද teacher කෙනෙක් දරුවව miss ගාවට දැම්මොත් හොදයි කියල...අනේ මගේ දරුවට උදව් කරන්න මිස්...🥺 මේ ඉන්නෙ මගේ පන"💔❤️

Mr.Lee අර චූටි බෝනික්කි ගැන එහෙම කියනකොට ඇත්තටම මට ගොඩක් දුක හිතුනා..මොකද ඔම්ම නැතුව ජීවත් වෙන එක කොච්චර අමාරු දෙයක්ද කියල මන් දන්නවා..ඒත් පිනකට ඒ බබාට පන වගේ ආදරේ කරන අප්පා කෙනෙක් දෙවියො දීලා තියෙනවා ❤️ ඔම්ම නැති මටත් මගේ අප්පා ඔහොම ආදරේ කරනම් 🥺💔....

Still With You 🤍Where stories live. Discover now