එදා ඉදලා ගොඩක් දේවල් වෙනස් උනා...
ඉස්සර හරි උනන්දුවෙන් වැඩ කරපු යුන්ගි කාමරෙන් එලියට ආවේ නැති තරම් එදා රෑ ගෙදර ආවට පස්සේ යුන්ගිගේ කාමරේ බඩු පොලවේ ගහන සද්ද යුන්ගි හයියෙන් අඩන ගමන් කෑගහන සද්දේ අනිත් අයට දැන් පුරුදු දෙයක් වෙලා...කවුරු කිව්වත් යුන්ගි නෙමේ කාමරෙන් එලියට ආවේ ඒ හින්දම තියන්න තිබ්බ කොන්සට් කීපයක්ම කල් දාන්න පවා සිද්ද උනා..එදා රෑ සිද්ද උන දේ ඉදන් හරියටම සති දෙකක් ගත වෙලා තිබ්බා..යුන්ගිගේ වගේම වියානගේ තත්වෙත් වෙනස් උනේ නෑ..ඒත් යුන්ගි විදෙව්වා....එයා එයාටම වරද පටව ගත්තා එයාගේ වියූ ගාවට යන්න පරක්කු උනාට ඒ වගේම හැමවෙලේම වගේ බීගෙනමයි යුන්ගි හිටියේ ඒකෙන්වත් හිතේ දුක අඩුවෙයි කියලා හිතුවට දුක පොඩ්ඩක්වත් අඩු උනේ නෑ...ඉස්සර වියූ එක්ක ගෙව්ව ලස්සන මතක මතක් කර කර තනියම හිනාවෙවි තනියම කතාකර කර යුන්ගි මුලු දවසම ගෙව්වා...
අනිත් අයනම් හිටියේ ගොඩක් දුකෙන් මොකද යුන්ගි ඔහොම හැසිරෙනවා එයාලා කවදාවත් දැකලා තිබ්බේ නෑ..යුන්ගිගේ මූනට හිනාවක් ගේන්න කරන්න පුලුවන් හැමදේම වගේ එයාලා කරා...බදාගන්නකොට හජීමා කියලා කෑගහන ඉස්සර යුන්ගි හ්‍යුන්ග්ව ආපහු ගේන්න පොඩි තුන නොකරපු දෙයක් නෑ..එකම අම්මගේ කුසින් බිහිනොවුනත් ඒ හත්දෙනා අතර තිබ්බේ ආත්මීය බැදීමක්..මේ ලෝකේ ලස්සනම බැදීම ඇතිවෙන්නේ එකම ලේ වලින් විතරක් නෙමේ හදවත් වලින් කියන එක ඒ හත්දෙනා පෙන්නලා තිබ්බා...ඒකයි එයාලට එයාලගේ යුන්ගිව ඔය විදියට දකින්න බැරි....💜️
වියානත් මේ දවස් ටිකේම ගෙදරින් එක අඩියක් එලියට බැස්සේ නෑ..හැම දවසකම වගේ නැන්සි ඇවිත් කෙල්ල කෑවද බිව්වද කියලා හොයලා බැලුවා...හිත හදන්න ගොඩක් උත්සහ කරා..ඒත් වියානාගේ හිත ඒ එක වචනෙකින්වත් හැදුනේ නෑ....වියානට තිබ්බා එකම එක සැරයක් යුන්ගිට ඇහුන්කන් දෙන්න...ගොඩක් මිනිස්සු වරද්ද ගන්න තැනක් තමයි ආදරේ කරනකොට අනිකාට ඇහුන්කන් නොදෙන එක...ඒකෙන් වෙන්නේ හරි ලේසියෙන් විසදගන්න පුලුවන් ගැටලු තවත් පැටලිලා විසදගන්න බැරි වෙන එක ඒ නිසා ඔයත් ආදරේ කරන කෙනෙක් නම් හරි අනාගතේ ආදරේ කරන්න හිතන් ඉන්න කෙනෙක් හරි නම් ඒ ආදරේ කරන කෙනාට ඇහුම්කන් දෙන්න ඉගෙනගන්න ආදරේ විතරක් දුන්න පලියට බැදීමක් පවතින්නේ නෑ...ඒකට ඇහුන්කන් දීම විශ්වාසය මේ හැමදේම බලපානවා...
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023