Chapter 27 🍁

57 17 7
                                    

"අපරාදේ වියූ නූනට නන්ගිලා නෑනේ.."

කුකී එහෙම කියනකොට අපි හැමෝම කුකී දිහා බැලුවා...

"ඒ මොකද ඒ අපරාදේ කියන්නේ..."

කුකීගෙන් හොබී එහෙම අහනකොට කුකී කට ඇදකරගත්තා....

"නෑ ඉතිම් එහෙම නන්ගි කෙනෙක් හිටියනම් හොදයිනේ...මට එයා ගැන ටිකක් සලකලා බලන්න තිබ්බා..."

"ආ අනේ මේ උබ දැන් ඔය සලකලා බලන මලහෝන්තු ටිකට මොකද වෙලා තියෙන්නේ..තව කෙල්ලෙක් ගැන කියෝනවා...මූ නම් දැන් හොදටම වැඩි"

"අනේ මේ හොබී හ්‍යුන්ග් මන් ඇත්තටම කිව්වේ අනේ...ඒ එක්කෙනෙක්වත් වියූ නූනා වගේ නෑනේ"

"මොනාද වියූ නූනා වගේ ඇත්තේ?"

"වියූ නූනා ඉතිම් ලස්සනයිනේ අනේ ගොඩක් බෝනික්කෙක් වගේ...ඒකත් හරිම නැචුරල් ලස්සනක් අරුන් එහෙම නෑනේ මේකප් තට්ටු පිටින් උලාගෙන ඉන්නේ"

"දැන් ඉතිම් කියලා වැඩක් නෑනේ මෝඩයෝ උබමනේ ඕවා කරගහගත්තේ🤣🤣🤣🤣"

"ඒ උනාට ඉතිම් ඕවා සීරියස් කරන ඒව්වා නෙමේනේ..."😒

"සීරියස් නෙමේ....???"

මන් පුදුම වෙලා ඇහුවේ මේකාට කෙල්ලෝ සෙල්ලම් බඩුද කියලා හිතන ගමන් ඇයි යකෝ එහෙම කරන්න බෑනේ....

"ඔව් නූනා ඒවා මන් සීරියස් නෙමේ කරන්නේ අනික එවුනුත් ඒක හොදටම දන්නවා ඒත් තියෙන සල්ලි පෙරේතකමටයි ප්‍රසිද්ධියටයි තමයි ඉන්නේ නැතුව මට තියෙන ආදරේකට නෙමේ...ඒ එක්කෙනෙක් ගාවවත් ආදරයක් නෑ...."

කුකී හෙන දුකෙන් වගේ කියනකොට මට ගොඩක් දුක හිතුනා...පව්

"අපෝ ලව් කරන්නේ නැති එකමයි හොද ඒ මලහෝන්තු...."

ටේ එකපාරටම එහෙම කියනකොට අපි බැලුවේ ඒ ඇයි කියලා...

"ඇයි දැන් උබ එහෙම කියන්නේ...."

"නෑ මේකනේ ජින් හ්‍යුන්ග් එක දවසක් අර සෝහිද මොකීද කියන මලහෝන්තුව ඇවිත් මගේ ඇගේ හැප්පුනා...අපෝ කියන්නත් දුකයි මන් ගත්ත අලුත්ම ගුචී ශර්ට් එක කෑවා.."

"යකෝ ඒකි ශර්ට්ද කන්නෙ කෑම නෙමේද..හැබැයි පොඩ්ඩක් ඒකිට ට්‍රැක් අවුල් ගතියක් නම් තියෙනවා තමා...."

Still With You 🤍Where stories live. Discover now