Chapter 15 🍁

47 14 2
                                    

මගේ කල්පනාව බිදුනේ කියාරා මගේ අතට චූටි ඇගිල්ලෙන් ඇනපු නිසා...

"ඇයි පැටියෝ ඔයාට මොනා හරි ඕනද?"

මන් එහෙම අහපුවාම කෙල්ල ඇගිල්ල දික් කර කර මට පෙන්නුවේ ටීවී එකේ ගෑනු කෙනෙක් චූටි බබෙක්ගේ කොන්ඩේ බදිනවා....මට තේරුනා මට ඕක පෙන්නන්නේ දැන් මට කියලා කෙල්ලගේ කොන්ඩේ බැදගන්න කියලා...

"ආ මගේ කෙල්ලටත් කොන්ඩේ බදින්න ඕන වෙලාද..කෝ ඉන්න මන් කොන්ඩේ බදින්න..."

මන් හිනාවෙලා එහෙම කියලා නැගිට්ටේ කොන්ඩේ බදින්න බූල් බෑන්ඩ් දෙකකුයි පනාවකුයි අරන් එන්න...මන් ඒවත් අරන් ආපහු සාලෙට එනකොට කියාරා හරි සතුටින් මන් ගාවට ඇවිත් කොන්ඩේ බදින්න ලෑස්ති උනා...ඒ සිනිඳු දිග කොන්ඩේ අතගාන ගමන් ඒ කොන්ඩේ චූටි කොන්ඩ දෙකක් බැන්දා...ඔය අතරම මට ඉස්සර දෙයක් මතක් උනා...

"මේ ඔයා ආස දුවෙක්ටද නැත්තම් පුතෙක්ටද...?"

"මොකක්...?"

"මොකද අනේ ඔහොම බලන්නේ...මන් ඇහුවේ ඔයා ආස දුවෙක්‍ටද පුතෙක්ටද?"

"දැන් මෙච්චර වෙලා අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරේ ඕකද..?"

"අනේ කියන්නකෝ දුවෙක්ටද පුතෙක්ටද ආස කියලා...මන් නම් ආස පුතෙක්ට.."

"ඕන්නෑ..."

"ඕන්නෑ....මොනාද ඕන්නැත්තේ?"

"පුතෙක් ඕන නෑ..."

"ඒ ඇයි..."😑

"පුතෙක් හම්බුනොත් එහෙම ඔයා මට වඩා එයාට ආදරේ වෙයි ඒ නිසා ඕන නෑ"

"ඇයි ඔයාට ඉරිසියද ආ..."😅

"අනේ මේ වැඩේමනේ ඊරිසියා වෙන්න..."

"හරි එහෙනම් මගේ පූස් පැටියා ආස කාටද කියන්නකෝ...."

"මන් ආස දුවෙක්ට..."😘

"ආ ඔවු ඔවු හොදට තියෙයි මෙතන දුවෙක් හම්බුනොත්..."

"ඇයි..?"

"එතකොට ඔයා මට වඩා දුවට ආදරේ උනොත් එතකොට..."😑

"පිස්සුද බන් එහෙම වෙන්නේ නෑ කවදාවත්..."

"මේ ඔය බන් බන් ගාන් එන්න එපා හොදේ.."

"හාකෝ බන්..😅"

Still With You 🤍Where stories live. Discover now