Chapter 10 🍁

56 13 6
                                    

මතකෙට එනකොටත් හිත කීරි ගැහිලා යන ඒ සුන්දර අතීතේ මතක් කර කරම මන් ගොඩ උනේ සෝල් නගරයේ තිබ්බ මන් ආසම කැෆේ එකකට...ඒ කැෆේ එකට මන් ආස වෙන්න ලොකුම හේතුව උනේ මේ කලබලකාරි සන්කීර්න සෝල් නගරයේ ඒ කැෆේ එක මොහොතකට හරි හිත් නිවෙන  තැනක් උනා...ඒ කැෆේ එකට යන හැම පාරම මට දැනුනේ මන් හරියට ශර්ලොක් හෝම්ස්ගේ පොතක් ඇතුලේ ජීවත් වෙනවා වගේ හැගීමක්...කලු කෝපි සුවද,කොකෝවා සුවද,කුකීස් සුවද වගේම ලස්සන මියුරු වයලින් වාදනය කැෆේ එක ඇතුලේ හිටපු මිනිස්සුන්ට දුන්නේ හරි අමුතු සැනසීමක්....

වෙනදා වගේම මන් කැෆේ එකේ මන් කැමතිම තැන වෙච්ච කොනේම තිබ්බ මේසෙට ඇවිත් මන් ආසම චොකලට් මිල්ක්ශේක් එකයි චොකලට් කේක් කෑල්ලකුයි ඕඩර් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනදා වගේම මන් කැෆේ එකේ මන් කැමතිම තැන වෙච්ච කොනේම තිබ්බ මේසෙට ඇවිත් මන් ආසම චොකලට් මිල්ක්ශේක් එකයි චොකලට් කේක් කෑල්ලකුයි ඕඩර් කරා...කොච්චර රස දේවල් කැෆේ එකේ තිබ්බත් මන් හැමදාම වගේ ගත්තේ ඒ දෙක මොකද ඒවගේ රසට මන් ගොඩක් ආස කරපු නිසා...

"යා ඔයා ඔය මොනාද කියන්නේ පිස්සු හැදිලද?"

ඕඩර් එක ගේනකම් මෙච්චර වෙලා මුලු කැෆේ එකේම ඇස් ගෙනියපු මගේ ඇස් දෙක නැවතුනේ මට ටිකක් ඉස්සරහින් වාඩි වෙලා හිටපු ගෑනු ලමයා ලග..එයා හයියෙන් කෑගහපු නිසා අනික් මේස වල හිටපු හැමෝගෙම අවධානෙත් එයා පැත්තට යොමු උනා...

"මන් කියන්නේ ඇත්ත බොරුනම් බලන්නකෝ මන් කියනවට...ඔයාටම තේරෙයි මන් කිව්වේ ඇත්ත කියලා.."

ඒ ගෑනු ලමයගේ යාලුවා කියලා හිතන්න පුලුවන් තව ගෑනුලමයෙකුත් හයියෙන් එහෙම කිව්වා...එයාලට අනික් මිනිස්සු ගැන ගානක් තිබ්බේ නෑ....කලින් කෑගහපු ගෑනුලමයා ෆෝන් එක අතට ගන්නවත් පස්සේ ටිකෙන් ටික මූන පුදුමයකට හැරෙනවත් මන් දැක්ක....

"ඒ කියන්නේ ජියයි යුන්ගි ඩේටින්ද...?"

පාඩුවේ මේ කෝලම දිහා බලන් හිටපු මට බිබී හිටපු මිල්ක්ශේක් එකත් පිට උගුරේ ගියේ ඒ කෙල්ල කිව්ව කතාව ඇහිලා...
ඒ කෙල්ල කිව්වේ යුන්ගි ඩේටින් කියලද නැත්තම් මට ඒ ඇහුනේ වෙන මොනා හරි දෙයක්ද කියලා හරියට තෝරබේර ගන්න පුලුවන් මානසිකත්වයක් මට තිබ්බෙ නෑ...

Still With You 🤍Where stories live. Discover now