ඒ වෙනකොට වෙලාව දවල් දොළහට විතර ඇති.
චවීට හවස් වරුවෙ ලෙක්චර්ස් තිබුනෙ නැති නිසා එයා මේ වෙනකොට ආපහු ගෙස්ට් හවුස් එකට යන්න බලාගෙන පාරට ඇවිල්ලයි හිටියෙ.ඒ වුනාට කෙල්ල පාරට ඇවිත් බස් හෝල්ට් එකට වෙලා සිහින ලෝකෙක සැරිසර හිටියෙ හරියට හයිස්කූල් යන වයසෙ කෙල්ලෙක් වගේ.
ඔන්න ඔය වෙලාවෙ තමයි නොහිතපු විදියට එයාට අභීගෙන් කෝල් එකක් ආවෙ.
📲
Chavi : යොබුසේයෝ..
Abhi : යොබුසේයෝ නෙවෙයි මම අභී !
Chavi : අහ්.. කියන්න අභී....
Abhi : මේ මට අද ගෙස්ට් හවුස් එකට එන්න වෙන්නෑ හලෝ !
Chavi : අදත් බෝයිෆ්රෙන්ඩ්ගෙන් ඩින' එකක්ද?
Abhi : නෑ නෑ.. පොඩි කොස්සක්.
Chavi : මාව වටේ යවන්නැතුව කියහන් ! මොකද්ද කේස් එක !??
Abhi : ටේහ්යුන් ඔහේට ලව්ලු.
Chavi : මොකක්ක්??
Abhi : නෑ නෑ.. මේකයි.. ඔයාට වැඩි විස්තර අද නිව්ස්වලින් දකින්න ලැබෙයි.මේ වෙලාවෙ මම ජේ එක්ක ඉන්න ඕනි.
Chavi : යාහ්හ්හ්හ් ! මොකද්ද වුනේ අයිසෙ !??
Abhi : ඔයා හිතාගන්නකො අවයව අඩු නිරුවත් කාන්තා මළසිරුරු තුනක් පාළමක් ළඟ තිබිලා හම්බුනා කියලා.
Chavi : දෙයියනේහ්හ්හ්හ් ! හරි හරි.ඔයා ජේව බලාගන්න එහෙනම්.ඔයාටනෙ ඉතින් එයාව කන්ට්රෝල් කරගන්න පුළුවන්.
Abhi : හුම්.. හල්මොනි-ඔම්මා ඇහුවොත් ඇත්තම කියන්න හරිද?
Chavi : හරි දැන් ඔයා කොහෙද ඉන්නෙ?
Abhi : ජේගෙ ඔෆිස් එකේ ඉන්නෙ හලෝ.එයා ප්රසිඩන්ට් එක්ක මීටින්ග් එකක.ඔයා ලෙක්චර් එකක නෙවේනෙ හිටියෙ?
Chavi : නෑ නෑ.මම මේ ටැක්සියක් හොයන ගමන්.
Abhi : ආ පොඩ්ඩක් හිටහන් මම ටේයියව එවන්නම්.
Call end..
ඒ දෙන්නා කෙටියෙන් වෙච්ච දේවල් කතා කරගෙන අන්තිමටම අභී චවීට හොඳ බාල්දියකුත් පෙරලලාමයි කෝල් එක නතර කළේ.
YOU ARE READING
LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘
Horrorහොල්මන්ද හොයන්නේ..???? Collab : Enha,Skz,Tubattu,ZB1,&team Start : 23.11.14 Complete : 24.01.15