19.

60 14 197
                                    

අඟහරුවාදා උදේ වෙනකොට කොයි කාගෙත් කෙරුවාවල් හොඳ අතකට හැරිලයි තිබුනෙ.

උදෙන්ම ඇහැරෙන ෂෙරී හැමදාම වගේ ජීයුන්ලව ඇහැරවන්න ගෙස්ට් හවුස් එකේ තියෙන සද්දෙ වැඩිම ලොකුම බෙල් එක ගැහුවා.

ඒත් එක්කම වගේ ඇවිස්සුනු කූඹි ගුල වගේ ගෙස්ට් හවුස් එකේ හැම ළමයෙක්ම වගේ ඇහැරිලා දඩිබිඩියෙම ඉස්කෝලෙ යන්න ලෑස්ති වුණා.

ඒ අතරෙ ෆිලික්ස් වොන්ජුන් එක්ක බබා වගේ දොයි.

Wonie : අනේ අම්මපා මේ කොල්ලො දෙන්නෙක්ද? නැත්තම් කුකුල් පැටවු දෙන්නෙක්ද?

වොනී එහෙම කීවෙ ඒ දෙන්නගෙ නින්දෙ තරම හොඳටම දැකපු නිසා.

මොකද කීවොත් ඒ වෙද්දි බෙඩ් ෂීට්,කොට්ට තිබුනෙ කාමරේ තැන් තැන්වල.

වොනී ඒ ටිකත් ඇහි‍ඳින ගමන්ම අර දෙන්නටත් ඇහෙන්න හයියෙන් කියෙව්වෙ ඒ දෙන්නවම ඇහැරවන්න හිතන්.

Felix : ආශ්...! මොන-

වොනී ෆිලික්ස්ගෙ පස්සටම කොට්ටෙකින් ගැහුව පාර ෆිලික්ස් නින්දෙන් ඇහැරුණා.නින්ද කඩපු කෙනාට හොඳවයින් දෙකක් කියන්නත් එක්ක ඇස් දෙක මිරිකපු ෆිලික්ස් ඒ හිටියෙ වොනී කියලා දැක්කම කටවහන් බබා වගේ ආයෙම නිදා ගත්තා.

Wonie : නැගිටින්නෙ නැද්ද ෆිලික්ස්?

Felix : නැගිටිනවනම් මෙහෙම ඉන්නවයෙ බබූ?

Wonie : ආහ්..! මේ මනුස්සයට නම්ම්ම් !! මොකද්ද ඒ කීවෙ?

Felix : මං අද යන්නෙ නෑ කියලා ඊයෙම කීවනෙ?

Wonie : ඇයි අද අරුන් ටික ට්‍රාන්සර් කරන දවසනෙ? අපි ඉන්නම ඕනි ඒක හින්දා ! නැගිටලා ලෑස්ති වෙන්න.ආයෙ මේ වගේ චාන්ස් එන්නෙ නෑනෙ?

වොනී එහෙම කීවම ෆිලික්ස් එකපයින්ම ඒ අදහසට කැමති වුණා.

අන්තිමට ඉතින් යන්නෑ කියපු ෆිලික්ස් වොනී එක්කම ස්කූල් යන්න දඩබිඩියෙම ලෑස්ති වුණේ වොන්ජුන් හොඳට නිදි අතරෙදි.

ඒ අතරෙ ජීයුන්ලගෙ කට්ටිය නම් මේ වෙලාවෙ හිටියෙ සොම්බි ටිකක් වගේ.

Sherry : මොකද්ද හලෝ මේක?

Aura : මේකද? මේක perfume එකක්.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now