12.

60 14 123
                                    

නිව්ස් එක ඇහුනම නින්ද පැත්තක තියලා අභී එකපාරටම ඇහැරුණේ ඒකෙ එක කොනක හරි ජේගෙ නම ගෑවිලා තිබුණ නිසා.

ඒක නිසාම අභී ඇස් දෙකේ කබත් පිහදාගෙන හරිම අමාරුවෙන් ඇස් දෙකෙන් නිදි මත යවාගෙන පුළුවන් ඉක්මනට ජේට කෝල් එකක් ගත්තා.

📲

Jay : යොබුසේයෝ... පාක් ජොන්ග් සොන්ග් කතා කරන්නෙ.

Abhi : අහ්? ඒ ටිකට මාවත් අමතක වුනාද ජේ??

ජේ හිටියෙ වැඩක නිසා එයාගෙ ඔෆිස' කෙනෙක් ෆෝන් එක ආන්ස්වර් කරලා ගෙනත් දෙනකන්වත් එයා දැනන් හිටියෙ නෑ කා එක්කද කතා කරන්නෙ කියලා.

Jay : අහ් ! අභී?

Abhi : අභී තමා ! මට දැන් කියන්න එපා ඔයා ඉන්නෙ මෝචරියෙ කියලනම්.

Jay : නිව්ස් එක දැක්කද?

Abhi : නැතුව !? පොඩ්ඩක් ඔතනට වෙලාම ඉන්න මම එන්නම්.

Jay : පිස්සු කියවන්න එපා !! ඔයා මාත් එක්ක ඉන්නවා දැක්කොත් ඔයාටත් කරදරයක් වෙන්න පුළුවන් ! හිතුවක්කාර වැඩනම් කරන්න ලෑස්ති වෙන්න එපා ලෝය' නෝනා.

Abhi : මේ මේ ! එව්වා කොහෙද මාත් එක්ක.ඔයා දන්නැද්ද ඔය මැරුනු හැම ගෑනු ළමයෙක්ගෙම නඩු පැටවිලා තියෙන්නෙ මගෙ කරපිට කියලා? අනික ඔයා ඔතන මොනවා කරනවද කියලා කව්ද දන්නෙ?

Jay : හරි ඒත්-

Abhi : ඒත් මේත් නෙවේ තව විනාඩි පහකින් මම ඔතන !

Call end..

අභී එහෙම කියලා කෝල් එක කට් කළාට කීවා වගේම විනාඩි පහෙන් දඩිබිඩි ගාලා ලෑස්තිත් වෙලා ජේ ඉන්න මෝචරියට යන්න ගියා.

ඔය සේරම දෙවල් වෙද්දි වෙලාව උදේ දහයට විතර ඇති.

මේ වෙනකොට චවී නම් හිටියෙ ටේහ්‍යුන් එක්ක යුනිවර්සිටි එක ළඟ.

අභී කීවත් වගේම ටේහ්‍යුන් චවීව යුනිවර්සිටි එකටම එක්කන් ගිහින් බැස්සුවේ ලොකු උනන්දුවකින්.

Chavi : ඔයා යන්නෙ නැද්ද? දිගටම මේ ටීච' දිහා බලන් ඉන්නද හිතන්නෙ?

කාර් එකෙන් බැහැපු චවී ටේහ්‍යුන්ගෙන් එහෙම ඇහුවෙ ටේහ්‍යුනුත් කාර් එකෙන් බැහැලා චවී දිහාම බලන් හිටිය නිසා.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now