44.

46 15 63
                                    

1 month later...

හැමදේම සිද්ධ වෙලා අදට මාසයයි.අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා ගෙස්ට් හවුස් එකේ සමහර අය තම තමන්ලට ලැබිලා තිබුණු ඉන්විටේෂන් කාඩ් එකකට අනුව පොඩි උත්සවේකට යන්නයි ලෑස්ති වුනේ.

වෙලාව හවස තුනයි.

වෙනදට වඩා ලස්සනට ඇඳගෙන පැළඳගෙන හැමෝම ඒ යන්න ලෑස්ති වුනේ ෂෙරියි සූබිනුයි මාසයක් පුරාවට මහන්සි වෙලා කරපු වැඩක ප්‍රතිඵල භුක්ති විඳින්න.

Jiyun : යාහ්හ්හ්හ් ! අන්න අපේ චවියා එනෝ..

කෙල්ලො ටික උදෙන්ම ලොකේෂන් එකට ආවට බිසී ජීවත ගත කරන චවී,අභී,ජේ,ටේහ්‍යුන්,කායි,හීසුන්ග් වගේ ලොකු ලොකු උදවිය එතනට එන්න ටිකක් පරක්කු වුනා.

එයාලගෙනුත් මුලින්ම ආවෙ චවියි ටේහ්‍යුනුයි.

Soobin : උඹ එහෙනම් ආවනේ ටේ?

Taehyun : නැතුව නැතුව මිස්ටර් චෝයි.

කෙල්ලො ටික සතුට ප්‍රකාශ කරද්දි මේ ඩබල පැත්තකට වෙලා අතට අත දීගත්තෙ මහත්තුරු දෙන්නෙක් වගේ.

Chavi : අනේ මගෙ කෙල්ලො ටික... අද ඔක්කොලාම ගොඩක් ලස්සනයි අනේ... කෝ අභී ආවෙ නැද්ද තාම?

චවී ජීයුන්ගෙ කම්මුල් දෙක මිරික මිරික එහෙම ඇහුවෙ අභී පේන්න හිටියෙ නැති නිසා.

හැබැයි ඉතින් එයා එහෙම කියලා විනාඩියක්වත් යන්න කලින් අභී එතනට ආවා.

එයා ආවෙ ජේගෙ අලුත්ම කැබ් එකේ.ජේත් එදා සන්ග්ලාස් දෙකක් එහෙම දාලා හැන්ඩියට ඇඳ පැළඳගෙන හිටිය විදියට කොල්ලා දිහා අනික් කෙල්ලො බලන් හිටියෙ නළුවෙක් දිහා බලනවා වගේ.

Chavi : අභියාආආආආ !

අභී වාහනෙන් බැස්ස ගමන්ම ආවෙ චවීලා හිටිය තැනට.ඇවිත් එයත් මුලින්ම කළේ කෙල්ලො ටිකව හග් කරගත්තු එක.

Cheun : අම්මෝ කෙල්ල සුදු වෙලා ලස්සන වෙලා බලන්න එපෑ සිරියාව.

Sohee : එහෙම නොවී කොහොමද නේ දැන් ඉතින් අනාගත හබී පොලිසියේ ලොකු ලොක්කෙක්නෙ.

Shiori : ඇත්තටම චවී ඔන්නියි අභී ඔන්නියි ගැන මට හුඟාක් සතුටුයි.මටත් කවදාහරි ඔයාලා වගේ වෙන්න ඕනි.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now