22.

69 15 188
                                    

අභියි ජේයි හීසුන්ග් එනකන්ම සාලෙට වෙලා බලන් හිටියෙ ආව වැඩේ කරගන්න ඒ මනුස්සයා හරි එහෙ හිටිය නිසා.

ඒත් ඒ වෙලාවෙ හීසුන්ග් හිටියෙ වොන්ජුන්ව බලන්න වොන්ජුන්ගෙ රූම් එකට ගිහින්.

Wonjun : අහ්.. ඩොක්ට'?

හීසුන්ග් එතනට යද්දිත් වොන්ජුන් හිටියෙ ඇඳට වෙලා පොතක් කියවන ගමන්.

වොන්ජුන් තවම හීසුන්ග් ගැන හරියටම දන්නෙ නැති නිසා එයා තාමත් හිතන් ඉන්නෙ එයා ඩොක්ට' කෙනෙක් විතරයි කියලා.

Heeseung : තෑන්ක් ගෝඩ්...

හීසුන්ග්ට එහෙම කියවුනේ දාඩිය දාන්නම දැකපු හීනෙ ඒ තරමටම බය හිතෙන නිසා.

Wonjun : ඩොක්ට' අද ගියේ නැද්ද හොස්පිට්ල්?

Heeseung : ම්.. ඩොක්ට ඩොක්ට ගාන්න එපා.මම හීසුන්ග්.මිසිස් චෝයිගෙ ලොකු දුව මගේ ඔම්මා.

හීසුන්ග් එහෙම කීවෙ වොන්ජුන්ගෙ ඇඳෙන් වාඩි වෙන ගමන්.

Wonjun : මොකක්ක්?? එතකොට ඔයාද ෂෙරී නූනගෙ cousin හ්‍යුන්?

Heeseung : ඔව් ඔව්.. කොහොමද දැන් කකුල? අමාරුවක් නෑනෙ?

Wonjun : ම්.. දැන් අවුලක් නෑ හ්‍යුන්.. ඔයා හිටියෙ නැත්තම් මට මොනා වෙලා තියෙයිද දන්නෑ.අනික මම දන්නවා අපේ ප්‍රින්සිපල් නෙවෙයි මාව ඩිස්චාර්ජ් කරගත්තෙ කියලා.ඒ ඔයා නේද?

වොන්ජුන් එහෙම කීවෙ කියව කියව හිටිය පොත වහලා පැත්තකින් තියන ගමන්.

Heeseung : ඒකෙන් ඔයාට වැඩක් නෑනෙ වොන්ජුන්? බෙහෙත් ටික බීලා ඉක්මනට සනීප වෙලා ඉන්න.ස්විමින්ග් ක්ලබ් එකෙන් නත්තලට කෑම්ප් ගහන්නලු ලෑස්ති මේ පාර.ඒකට ඔයා ඉන්නම ඕනිනෙ?

හීසුන්ග් එහෙම කියද්දි වොන්ජුන්ට අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්තා මේ දේවල් ගැන.

Wonjun : ආ? ඔයා.. ඔයා කොහොමද ඒක දන්නෙ?

Heeseung : මොකද... ඔයාලගෙ ප්‍රින්සිපල් තමයි මගේ අප්පා.

Wonjun : වාහ්... මොකාක්ක්ක්..? එතකොට මිස්ට' ලී ඔයාගෙ අප්පද? ඒ කියන්නෙ.. වාහ්හ්.. පට්ටනෙ හ්‍යුන් !

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now