40.

30 12 47
                                    

වොන්ජුන් ස්විමින්ග් අතාරින්න යනවා කියලා දැනන් හිටියෙ කෝච් විතරයි.

කෝච්ගෙ කටින් ඒක ෆිලික්ස් ඉස්සරහම එලි වුන නිසා ෆිලික්ස්ට වොන්ජුන් ගැන ලොකු කනස්සල්ලක් ඇති වුණා.

Wonjun : සමා වෙන්න කෝච්.සමා වෙන්න ෆිලික්ස්.

Felix : ඒත්!? කෝච් ඔයත් මේකට කැමතියිද?

Coach : පිස්සු ද ෆිලික්ස් ? ඔයා දන්නවනෙ මේ අපේ චැම්පියන් කෙනෙක් කියලා?

Felix : එහෙනම් ඉතින් මේකට කැමැත්ත දෙන්න එපා.වොන්ජුන් යනවනම් මමත් යනවා.මං ස්විමින්ග් කරන්නෙ උඹ හින්දනෙ වොන්ජුන්?

Wonjun : හ්ම්... මං මේ ගැන ගොඩක් හිතුවා කෝච්.මම මේ මාසෙ අන්තිමට ආපහු ගෙදර යනවා.ඒ ගියාම ආයෙ එන්න වෙන එකක් නැහැ.

Felix : යාහ්හ්හ්හ් ! උඹ කොහෙ යන්නද?

Coach : හ්ම්.. මට ඔයාගෙ දෙමව්පියො එක්ක කතා කරන්න ඕනි වොන්ජුන්.එයාලා මෙහෙට ආවම එක්කන් එන්න මාව හම්බෙන්න.එතකොට මම ඔයාගෙ අස්වීම දෙන්නම්.

එහෙම කියලා කෝච් පූල් එක පැත්තට යන්න ගියා.

ඊට පස්සෙ ෆිලික්ස් වොන්ජුන් එක්ක කතා නොකර ඉන්න තීරණය කළා.මොකද කීවොත් වොන්ජුන් ෆිලික්ස්ටයි වොනීටයි පොරොන්දු වෙලා හිටියෙ ස්කූල් එකෙන් අවුට් වෙනකන්ම මෙහෙ ඉන්නවා කියලා.

ඒත් හදිස්සියේම එයාට ගෙදර යන්න වෙන නිසා ෆිලික්ස්ට ඒ ගැන ගොඩක් දුක හිතුනා.

අන්තිමට ඉතින් වොන්ජුන්ට සිද්ධ වුනේ ප්‍රැක්ටිස් ඉවර වෙනකන්ම පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන ඉන්න විතරයි.

ඒ අතරෙ ඩින' එකට ගිය පාර තවම ඕරා හිටියෙ එයාගෙ ගෙදරමයි.එදා රෑ ජීයුන්ලා එක්ක එයා ආපහු ගෙස්ට් හවුස් එකට ආවෙ නෑ.

මොකද කීවොත් එයාට එදා ඔප්පලා තුන් දෙනා එක්ක එහෙ නතර වෙන්න සිද්ධ වුණා.

Aura : චූටියා... ඔබ කොහේ...?

උදෙන්ම නාගෙන කියාගෙන ඕරා සාලෙ පැත්තට ආවෙ සූනුව හොයාගෙන.

ඒ වුනාට සූනු තියා බොම්ග්‍යුවත් ඒ පැත්තෙ පේන්න හිටියෙ නෑ.

ඒක නිසා ඕරා කෙලින්ම ගියේ පහළ තිබුණු හෝම් ගාඩ්න් එකට.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now