39.

30 13 44
                                    

මිස්ට' කන්ග්ගෙ අවසන් කැමැත්ත කියව්වයින් පස්සෙ ටේහ්‍යුන් ගොඩක් ෂොක් වුණා.

අවසන් කැමැත්ත කියවලා පැයකින් විතර මිස්ට' කන්ග්ගෙ අවසන් කටයුතු ඉවරයක් කරන්න වුන නිසා එයාට ඒ දේවල් කොහොමහරි දරාගෙන ඉන්න සිද්ධ වුණා.

එදා දවසෙම ටේහ්‍යුන්,චවී දෙන්නා වගේම අභී ජේ දෙන්නත් හිටියෙ මේ වැඩ ගැන බලන ගමන්.

ඒ අතරෙ හීසුන්ග් හිටියෙ හසුකිලගෙ ඇනෙක්ස් එකේ.

එදා කරපු දේත් එක්ක එයා ආයෙ ඇහැරුනේ ඊළඟ දවසෙ උදේ.

Harua : අහ්! ගුඩ් මෝනින්ග් හීසුන්ග් හ්‍යුන්.

හීසුන්ග් නැගිටලා සාලෙ පැත්තට එද්දි සාලෙ හිටියෙ හරුආ විතරයි.

එයා ඒ වෙලාවෙ හිටියෙ උණු කිරි එකක් බොන ගමන් කකුල් අතපය උඩ දාගෙන සාලෙ තිබුනු පුටු සෙටියෙන් වාඩි වෙලා ටීවි එකේ යන කාටුන් එකක් බල බල.

එයා ඒ බල බල හිටියෙ එයාගෙ මල්ලි බාගෙට බලලා දාලා ගිය කාටුන් එක.

Heeseung : ගුඩ් මෝනින්ග් හරුආ.මට...?

Harua : මං හිතුවා ඇහැරපු ගමන්ම ඕක අහයි කියලා.වෙච්ච දේ කියන්න ලොකු මැඩම් එනකන් ඉන්න වෙනවා.

Heeseung : එයා කොහෙද?

Harua : එයා ෆාමසි එකට ගියා ඔයාටයි සකූටයි බෙහෙත් වගයක් ගේන්න.

Heeseung : මොකක්? මට දැන් ප්‍රශ්නයක් නෑ හරුආ.ඒත් කවුද අනිත් කෙනා?මෙහෙ තව අය ඉන්නවද?

හීසුන්ග් එහෙම ඇහුවෙ එයා තවම මේ පවුල ගැන දන්නෙ නැති නිසා.

Harua : සකුයා.. හසූගෙයි මගෙයි වදකාර සහෝදරයා.. මේ ඒක නෙවේ.. කිරි එකක් බොමුද උණු උණුවෙ? මාත් මුලදි ආස වුනේ නෑ පොඩි ළමයින්ට දෙන පිටි කිරි බොන්න.ඒත් හ්‍යුන්ට කියන්න හ්‍යුන් මේක පට්ට රසයි.

හරුආ අතේ තිබුනු කිරි වීදුරුවම එක කටට හිස් කරලා එහෙම කියන් කිචන් එක පැත්තට ගියා.

ඒ අතරෙ හීසුන්ග් ඇවිස්සිලා තිබුණු කොන්ඩෙත් තව ටිකක් අවුස්සගෙන ඔළුවෙ අත ගහන් දිග කල්පනාවකට වැටුනා.

හරුආ ගිහින් හීසුන්ග්ටත් කිරි එකක් හදන් ආව ගමන්ම වගේ හසුකිත් ආපහු ගෙදර ආවා.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now