24.

50 15 70
                                    

ෂෙරී ගෙදරට ඇවිත් චේන්ජ් එකක් දාන් ගියයින් පස්සෙ තමයි ජීයුන්ලා එහෙට ආවෙ.

එයාලා එද්දි වෙලාව හවස තුනට විතර ඇති.

මූණත් එල්ලගෙන ජීයුන් යූජින්වත් වඩාගෙනම සෝහුලා ඉන්න තට්ටුවට ගියේ මින්සො ඒ දෙන්නගෙ බෑග් දෙකත් අරන් එයාලා එක්කම ආව නිසා.

එයාලා කෙලින්ම ගියේ සෝහිගෙ කාමරේට.

Sohee : අහ්.. ඔයාලා ආවද? අනේ යූජිනාහ්? මොකෝ වුනේ මේ??

යූජින්ගෙ වැල්මිටේ තිබ්බ ප්ලාස්ටර් එක දැකපු සෝහි එහෙම කියන් යූජින්ව තමන්ගෙ ළඟට ගත්තෙ ජීයුන්ලගෙ රතු වෙලා තිබුණු මූණු දිහා බලන්.

Jiyun : සොරි සෝහියා.

Sohee : අහ්? අනේ ඇයි මේ? මොකද්ද වුනේ ජීයුන්?මින්සො?? කතා කරන්නකො !!

Minseo : අර ඔයා උදේ යූජින්ට දෙන්න කියලා දුන්නු එක? ඒක දෙන්න අපි ටිකක් පරක්කු වුණා.අපි ඒක අරන් යද්දි එයාලගෙ ටීච' උගන්නලා ගිහිල්ලත් ඉවරයි.ඒකට මෙයාගෙ ටීම් මේට් මෙයත් එක්ක රණ්ඩු වෙලා.මේ පේනවනෙ?

මින්සො මුල්ම විස්තරේ එහෙම කීවෙ ජීයුන් පැත්තකට වෙලා කඳුළු පිහ පිහ ඉද්දි.

Sohee : අනේ.. පොඩි ළමයි ඔහොම තමයි.ඕක අඬන්න තරම් දෙයක්‍ යැ ! ජීයුන්? ඇයි මේ..?

Jiyun : ඒකට නෙවේ.. අන්තිම පීරියඩ් එකේ...

කොහොමහරි ජීයුන් මුළු විස්තරේම සෝහිට කියලා දැම්මෙ ලොකු හුස්මක් අරගෙනමයි.

Sohee : ඔහ්...! මගෙ ඇඟේ හිරිගඬුත් පිපුණා ඒක අහලා.. දෙයියනේහ්...

Minseo : කොහෙද ඉතින් මේ යූජින් බය වෙලානෙ අර අපෙ ක්ලාස් එකේ කොල්ලො කරන විහිලුවකට !

Sohee : නෑ නෑ.. මෙයා ඔහොම  හිටියට බය නෑ.. කෝ ඔයාලා දෙන්නා දැන් ගිහින් වොශ් එකක් දාන් චේන්ජ් කරන් එන්නකො මෙයා කතා කරන හැටි බලන්න.

සෝහි එහෙම කීවෙ යූජින්ගෙ කොන්ඩෙත් අවුස්සන ගමන්.

කොහොමහරි ඉතින් මින්සොයි ජීයුනුයි ඒ අප්සට් මූඩ් එකෙන්ම තම තමන්ගෙ කාමරවලට ගියා.

ඒ අතරෙ මිසිස් චෝයි හිටියෙ හීසුන්ග් එක්ක.

Mrs.Choi : හීසුන්ග්..? මොකද්ද ළමයො කියන එකක් අහන්න බැරිද? උදේ මාත් එක්ක හොස්පිට්ල් එකට ගියානම් බෙහෙත් ටිකක් අරන් එන්න තිබ්බනෙ? මොකද අපේ මේ පොඩි දොස්තර මහත්තයා ගාව වුවමනාවට බෙහෙතක් තියෙනවා කියලයැ?

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now