28.

46 15 109
                                    

අන්තිමට මාකියි ෂියෝරියි එයාලගෙ පරණ යාලුවත් එක්ක කැබ් එකක් දාගෙන ගෙස්ට් හවුස් එකට යන්න ගියා.

ඒ දවස ඒ විදියට ගෙවිලා යද්දි ඊළඟ දවස උදා වුනේ කාටවත් හිතාගන්න බැරි විදියට.

එදා රෑ වෙච්ච දේත් එක්ක වොන්ජුන්ට නම් උදෙන්ම ඇහැරුණා.මොකද කීවොත් ෆිලික්ස්ලා ලයිට් ඕෆ් කරලා ගියයින් පස්සෙ වොන්ජුන්ටත් දන්නෙම නැතුව නින්ද ගියා.හැමෝම ඉතින් ඊට පස්සෙ මොනා වුනාද කියලා එයාවත් දැනන් හිටියෙ නෑ.

Wonjun : ම්..

වොන්ජුන් ඇහැරුනේ එලියෙන් ඇහෙන සද්දයක් නිසා.ඒ වෙන සද්දයක් නෙවෙයි.එයාට ඇහුනෙ හයියෙන් වහින සද්දයක්.

ඇහැරිලා වටපිට බලද්දි තමයි එයා දැක්කෙ එහා පැත්තට වෙලා නිදියන් ඉන්න හීසුන්ග්ව.

Wonjun : (whispering) හ්.. හීසුන්ග් හ්.. හ්‍යුන්?

වොන්ජුන් පුදුමෙන් වගේ එහෙම මුමුණ මුමුණ හෙමීට නැගිටලා ඇඳ වියලට හේත්තු වුණා.

එතකොට තමයි එයා දැක්කෙ එයාගෙ තුවාල වුන කකුලට යටින් කොට්ටයක් තියලා තියෙනවා කියලා.

Wonjun : ම්..? හීසුන්ග් හ්‍යුන්..

ඒත් එයාට කලින් දවසෙ රෑ නින්දෙන් පස්සෙ වුන කිසිම දෙයක් මතක තිබුණෙ නෑ.

හීසුන්ග් තවම නිදියන් හිටිය නිසා වොන්ජුන් එයාව ඇහැරවන්න ගියෙත් නෑ.ඒ වුනාට හීසුන්ග් හීනෙන් කියවන විදිය දැක්කම එයාට එයාව ඇහැරවන්නැතුව ඉන්න බැරි වුණා.

Wonjun : හ්‍යුන්.. හ්‍යුන්..

එයා හීසුන්ග්ට තට්ටු කරද්දි තමයි එයාට පොඩි වෙනසක් දැනුණා.

Heeseung : අහ්.. ව්.. වොන්ජුන්?

Wonjun : හ්‍යුන්..? ඔයා ගොඩක් රස්නෙයිනෙ? හ්‍යුන් මං හින්දා ඊයෙ රෑ නිදාගත්තෙ නෑ නේද?

වොන්ජුන් එහෙම කීවෙ වෙච්ච දේ යන්තමට තේරුම් ගිය නිසා.

Heeseung : අහ්.. මට අවුලක් නෑ වොන්ජුන්.. දැන් කොහොමද කකුල?

Wonjun : මට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ හ්‍යුන්.මට මොකක්ද වුනේ හ්‍යුන්?

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now