37.

56 16 227
                                    

හීසුන්ග්ට ඒ වෙලාවෙ හැමදේම මතක් වුනත් ඒවට කිසිම පැහැදිලිකමක් තිබුනෙ නෑ.

Hazuki : මොකක්? ඔයා කාර් එකේද ආවෙ? කොහෙද එතකොට දැන් ඒක?

Heeseung : හසුකි..? කෙනෙක් මට හැමවෙලේම වද දෙනවා.මගෙ නින්ද කඩාකප්පල් කරනවා.මට හිතෙනවා ඒ හරුමි කියලා.ඒත් ඔයාව දැක්කම මට එහෙම දෙයක් වෙන්නෙ නෑ.ඩොක්ට' කෙනෙක් විදියට මම ඔය දේවල් විශ්වාස කරන්නෑ.ඒත් මනෝවිද්‍යාව අතින් ගත්තම මේක හීන මානයක් විතරයි කියලා කියන්න බෑ.

Hazuki : ඔයා ඔය කියන්නෙ අවතාරයක් ගැන නෙවෙයි නේද? නෑ මං කීවේ... මේ මේ..

Harua : යාහ්හ්හ් ! අවතාර? අනේ මේ හසූ ! පිස්සුනම් කතා කරන්න එපා මං යනෝ හෙටම ගෙදර යන්න.ඔයාට ඉතින් අහක යන නයි ඇඟේ දාගෙන පුරුදුයිනෙ?

පැත්තකට වෙලා කතාව අහගෙන හිටිය හරුආ එහෙම කීවෙ ඔය වැඩවලට කොල්ලා ගොඩක් බය නිසා.

ඒක නිසාම එයා එතනින් නැගිටලා කාමරේට යන්න ගියා.

Hazuki : ඒ ගැන වැඩිය හිතන්න එපා.එයා ඕවට බයයි.

Heeseung : හ්ම්ම්.. හසුකි? මට මේක විසඳගන්න ඔයාගෙ උදව් ඕනි. ආහ්..!

හීසුන්ග් එකපාරටම කෑගැහුවෙ නළලෙ තිබුණු තුවාලෙ රිදෙන්න පටන් ගත්තු නිසා.

Hazuki : ඔහ් ! ආ යූ ඕකේ? ඔයා රෙස්ට් කළා මදි නේද?

Heeseung : රෙස්ට් එක නෙවෙයි.මට එදා ඇක්සිඩන්ට් එක විටින් විටේ මැවි මැවී පේනවා.

Hazuki : මං ගාව ඕකට එක ක්‍රමයක් තියෙනවා.අපේ හරුඅයි මමයි යුනිව'සිටි එකෙන් මෝහන විද්‍යාව ඉගෙනගන්නවා.මට වඩා හරූ ඕකට දක්ෂයි.ඔයා කැමති නම් අපි ඒක කරමු.

Heeseung : ඒක මට ලොකු උදව්වක් හසුකි.

Hazuki : හරි.එහෙනම් ඔයා දැන් ටිකක් රෙස්ට් කරලා හිත සන්සුන් කරගන්න බලන්න.මම හරූ එක්ක කතා කරලා එන්නම්.

අන්තිමට හසුකි හීසුන්ග්ට එහෙම කියලා හරුඅගෙ කාමරේට ගියේ මේ ගැන කතා කරන්න.

ඒ අතරෙ ඕරත් එක්ක ගෙදර ගිය ජීයුනුයි මින්සොයි නම් පුළුවන් උපරිමයෙන්ම එදා දවස එන්ජෝයි කළා.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now