17.

62 14 121
                                    

ජීයුනුයි මින්සොයි එයාලා ආදරේ අරන කොල්ලො දෙන්නා ගැන කියව කියව ඉන්න අතරෙ ඕරත් එතනටම ආවෙ තනියම ඉන්න කම්මැලි නිසා.

Aura : හායි හායි..

Jiyun : ආ කෙල්ල...

Minseo : ඔන්නි මේ? මෙන්න මෙයැයිව අර කොල්ලා බලන්න එක්කන් යන්නැද්ද?

Aura : මොකෝ නැත්තෙ? සිකුරාදා නිවාඩු දුන්නම අපි ඉඳලා හිටලා ගිහින් එමුකො අපේ ගෙදර.ඔයාලා ඔය හිතන් ඉන්න විදියෙ එකෙක් නෙවෙයි අපෙ ඔප්පා.

ඕරත් ඒ කතාවටම සෙට් වුනේ කියවන ගමන් හප හප ඉන්න අරන් ආව චිප්ස් පැකට් එකකුත් කඩන ගමන්.

ඒ අතරෙ හොස්පිට්ල් එකේ හිටිය වොන්ලික්ස් ඩබල මේ වෙනකොට වොන්ජුන්වත් එක්කගෙන ගෙස්ට් හවුස් එකට එන්න ලෑස්ති වෙලයි හිටියෙ.

ඒත් අර ඩොක්ටර් එක්ක ෆිලික්ස්ට විසඳගන්න ලොකු ප්‍රශ්නයක් තිබුණා.

Heeseung : වැඩිය දඟලන්න එපා වොන්ජුන්.සේලයින් එක ඉවර වුනා විතරනෙ?

Wonie : හ්ම්.. ඔයාට කැහිල්ල තිබ්බට දඟලන්න එපා හරිද??

Felix : ඩොක්ට' ? ඇයි මට බිල් එක පේ කරන්න බැරි? මගෙ කාඩ් එකේ අවුලක්ද?

එයාලා හිටියෙ ප්‍රයිවට් හොස්පිට්ල් එකක නිසා ෆිලික්ස් තමන්ගෙ බැන්කු කාඩ් එකෙන් හොස්පිට්ල් බිල් එක ගෙවන්න ගියත් එතන හිටිය කෙනා ෆිලික්ස්ට ඒක ගෙවන්න දුන්නෙ නෑ.

ඒක නිසා එයා ආපහු ඒ ගැන අහන්න ඩොක්ට' ගාවට ආවා.

Heeseung : ඔයාලා ඒවා ගැන වද වෙන්න එපා ළමයි.ඔයාලගෙ ප්‍රින්සිපල් සේරම පේ කරලා ඉවරයි.ඔයාලගෙ වාහනේ පහළ පාක් එකේ ඇති.ගිහින් ***** කාර් එකට නගින්න.

ඩොක්ට' හීසුන්ග් එහෙම කීවෙ තාමත් මේ කට්ටියට තමන් කව්ද කියලා නොකියමයි.

කොහොමහරි ඉතින් ෆිලික්ස් වොනී දෙන්නා වොන්ජුන්වත් එක්කන් හීසුන්ග් කීව කාර් එකට ගිහින් වාඩි වුණා.ඒත් ඒකෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටියෙ නෑ.

Wonie : අවුලක් නෑනෙ වොන්ජුන්?

Wonjun : නෑ නෑ පොඩ්ඩක් කැරකෙනවා විතරයි.කෝ මේකෙ ඩ්‍රයිවර්?

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now