The end.

78 14 76
                                    

Jay : වරෙන් යන්න.

Heeseung : කොහෙ යන්නද? උඹලගෙ සතුට නැති කරන්න මට බෑ බං !

Jay : සතුට ! අනේ උඹෙ රෙද්දෙ සතුට තියාගනින්.මගෙන් කුණුහරප අහගන්නැතුව වරෙන් යන්න.උඹව දැන්ම ඩොක්ට' කෙනෙක්ට පෙන්නුවේ නැත්තම් හෙට ඉඳන් තොට මානසික ලෙඩ්ඩු එක්ක ජීවත් වෙන්න වෙයි.

එහෙම කියලා හොඳටම තරහ ගිහින් හිටිය ජේ හීසුන්ග්වත් ඇදන් හොටෙල් එකේ ඉස්සරහට ගියා.

ඒත් හීසුන්ග්ට ඒ වෙලාවෙ දකින්න ලැබුන දේත් එක්ක හීසුන්ග් ජේ ගැන හිතන් හිටිය වැරදි වැටහීම් සේරම නැති වෙලා ගියා.

Heeseung : ජ්.. ජේ?

Jay : මොකද උඹ වෙවුලන්නෙ? පලයන් ඉතින් ගිහින් ඕනි මගුලක් කරගනින් උඹෙ psychologist එක්ක.

එහෙම කියපු ජේ වැඩ්ඩා වගේ ගිනි මැළේ පැත්තට ගියේ හීසුන්ග්ව එතනම නතර කරලා.

ඒත් එක්කම එතන හිටිය කෙනා හීසුන්ග් ළඟට ඇවිත් මොකුත්ම නොකියා එයාව තදින් හග් කරගත්තා.

ඒ තමයි හීසුන්ග්ගෙ හීනවල හිටිය හසුකි.

ඕක තමයි ජේ කියපු එයාට විසඳගන්න අමාරුම වුන ප්‍රශ්නෙ.අන්තිමට ඉතින් කොල්ලා ඒකත් ගාණට විසඳලා දැම්මා.

Hazuki : වාව්.. මං ඔයාව අදනෙ මගෙ ඇස් දෙකෙන් මුලින්ම දැක්කෙ.ඇත්තටම ඔයා...

Heeseung : අරිගතෝ හසූ.. හැමදාම මාත් එක්ක හිටියට.

Hazuki : අනේ... ඒක මගේ ජොබ් එක කීවොත් මම වැරදියි.අනිත් පේෂන්ට්ස්ලා වගේ නෙවෙයි.ඔයා විශේෂ කෙනෙක්.නේද ඩොක්ට' හීසුන්ග්.

ඒ වෙලාවෙ හීසුන්ග් හිටියෙ ඔලුවෙ තිබුණු ලොකු බරක් නිදහස් කළාම දැනෙන සතුටත් එක්ක කියාගන්න බැරි තරම් සතුටකින්.

ඒ අතරෙ අතනට වෙලා හැමෝම බලන් හිටියෙ හිස් බංකු දෙකේ අයිතිකාරයො දෙන්නා එනකන්.

Jiyun : අනේ ජේ ඔප්පා කෝ එනවා කීව කට්ටිය?

Wonie : දැන් වෙලාව කීයද බලන්නකො.අපි පටන් ගන්නෙ කීයටද මේක?

Abhi : ඇත්ත.. කෝ ජේ ඔයාගෙ troublemaker ?

Chavi : වොහෝඕඕ.. මං හිතන්නෙ.. අර අරයා වෙන්න ඕනි ඒ.

LoST IN YoUR SoUL | Horror | Fantasy | 🌘Where stories live. Discover now