in chat with hopesflowerJungkookieschoco
Hello
මට උදව්වක් වෙනද . පුලුවන් නම් ඉක්මනටම @ thedarkgguk ව බලනවද පොඩ්ඩක්
hopesflower
හෙලෝ ජන්කුකීගේ චොකෝ . එයාට මොකද උනෙ .මන් මේ දැන් යන ගමන්
Jungkookieschoco
ඒයා කිව්වා වෙව්ලනවා කියලා . අනේ පුලුවන් තරම් ඉක්මනට යන්න
hopesflower
දෙයියනේ මන් ඔයාට පස්සේ මැසේජ් දාන්නම් .
hopes pov
මන් ජන්කුකීගේ ගෙදර පාස්වර්ඩ් එකත් ගහලා එහෙම්මම දිව්වේ අර පනිවිඩය නිසයි . ගෙදරම නිශ්ශබ්දයි . ඒකමයි මන් බය උනේ
මම හරි . මන් යනකොටත් කුකී පපුව අල්ලගෙන හුස්ම ගන්න දගලනවා . කොල්ලා වෙව්ලනවා මාලුවෙක් ගොඩ ගත්තා වගේ . මන් එතනට යන්කොට මන් දිහා බලපු විදිහට මගේ පපුවම පිච්චුනා
" කුකී කෝ . ඉන්න " මන් එහෙම කියන ගමන් කොල්ලගේ ඔලුව මගේ ඔඩොක්කුවේ තියාගෙන ඔලුව අතගාන්න ගත්තේ එයා සන්සුන් වෙනකන් . ඒත් ඒකට පැයකට කිට්ටු වෙන්න ගියා . මේ කොල්ලා මොන කරගන්නවද මන්දා
" කුමාවෝ හ්යුන්ග් . මන් ම් මන් හිතුවා අද නම් මන් ඉවරයි කියලා . "
" මොනාද කුකී ඔයා කරගන්නේ . අඇයි අද මෙහෙම උනේ . මොකක්ද කරපු ගොන් වැඩේ " හෝප් අඇහුවේ ඔරවන ගමබ්
" මියානේ හ්යුන්ග් . මට ඕනේ උනේ උන දේ පෝස්ට් කරලා පැත්තකට වෙන්න . මේවගෙන් ගැලවෙන්න . ඒත් මගේ ඔලුවට ඩීටේල් එක්ක උන දේවල් පේන්න ගත්තම මන් බය උනා " ජන්කූක් කිව්වෙ වතුර කෝප්පයක්ම බොන ගමන්
" බෙහෙත් බිව්වද ? " අන්න ඒක අහනකොටයි කොල්ලා හී ගාලා හිනා උනේ . අන්තිමේදි හෝප් ගෙන් ගුටිත් කාලා බෙහෙතුත් බීලා බලෙන්ම නිදාගන්නත් උනා
ඒ අතරේ හෝප් , සෝහිට මැසේජ් එකක් දාලා හැමදේම හොදින් කියන්න අමතක කරෙත් නෑ
.