03

59 14 54
                                    

" කූල් පිටින් බබාලට කිරි දෙන සිරිතක් නෑ. පොඩ්ඩක් ඕක රත් කරල ගන්න. "
බිනි චෑන් ගෙ කන ගාව ඉදන් කෑ ගැහුවේ චෑන් කූල් පිටින්ම බෝතලේට කිරිදාන්න හදපු නිසා.

" මගේ කන. බෙරිහන්දෙන්න එපා දෙය්යනේ. කූල් කිරි දුන්නට කිසි ප්‍රශ්නයක් නෑ ළමයින් ට. "
චෑන් කනටත් ඇඟිල්ලක් ගහගෙන කිව්වේ බිනීටත් වඩා සද්දෙන්.

" කවුද කියන්නේ. "

" මන්. "

" බබා ලෙඩ උනොත් එහෙම. "

" එහෙම වෙන්නේ නෑ.... මන් නෙ කියන්නේ. "

" ඕන එකක්... ලෙඩ උනොත් මන් නෑ "
වාද කරලා කරලා අන්තිමට බිනී චෑන් ගෙ මතේ එක්ක එකඟතාවෙකට ආවෙ කොච්චරවත් චෑන් බින් ට වඩා අවුරුදු දෙකකින් වත් වැඩිමල් කියන එකට සලකලා.

විනාඩි ගාණක වාදෙට පස්සෙ ඉතිං දෙන්නා කිරි එක බෝතලේට දාගත්තා.
මිංහොගේ හිතට පොඩි සැනසීීමක් ආවෙ කිරි රත් කරන්න ගිහිං ගේ ගිනි තියන්නේ නැතුව ගාණට වැඩේ ඔයින් ඉවර උණ නිසා.

අන්තිමට ඉතිං ලොකු යුද්දෙකට පස්සෙ හම්බුන කිරි එක මින්හො බබාට පොවන්න ගත්තෙ හැමෝම එයා දිහා මැජික් වගේ බලන් ඉන්දි.
එහෙම්මම ඉතිං බබාගේ පැය ගාණක ඇඩිල්ලත් නැවතිලා ගියා.

" හියොන්.... ඔයා තාම තිරණේ කළේ නැද්ද මේ ගැන පොලිසියට කියන්න.. මන් නම් කියන්නේ... ඔයාම මේ ගැන පොලිසියට ඉන්ෆෝම් කළානම් හරි. "
විනාඩිගාණක් යනකල් තිබ්බ නිද්දබ්දතාවේ බිදිනගමන් කිව්වේ හියුන්ජින්.

" ඒක හරි හියොන්. " හානුත් ඒක අනුමත කලා.

" නෑ.... අපි මෙයාව පොලීිසියට බාරදෙන්නේ නෑ. " මින්හො බබාට කිරි දෙන ගමන්ම කියද්දි හැමෝම මින්හො දිහා බැලුවේ පුදුමෙන්.

MINHO:" අපි ට්‍රය් කරමු බබාගේ ඔම්මව හොයාගන්න. මන් දන්නව ඒක ලේසි වැඩක් නෙමෙයි කියල. ඒත්..... අපිට පුළුවන් නෙ ට්‍රය් කරන්න."

SEUNGMIN:" ඒත් හියොන් මේක නිිති විරෝධියි. "

MINHO: " නිිති විරෝධි වෙන්නේ පොලිිසිය දැනගත්තොත් නෙ. මේක අපි අතර විතරක්ම තියන රහසක්. මේ බබා එයාගෙ ඔම්මව හොයාගන්නකං අපි එක්කම ඉදිිවී. "
මින්හො එයාගෙ මතේම ඉදගෙන කිව්වේ ඒක අන්තිම තිීරණේ කියල හැමෝන්ටම ඇඟවෙන විදියේ බැල්මකුත් මූණේ තියාගෙන.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now