07

56 13 48
                                    

බබාට එයාගෙ පාඩුවේ උඩ බලන් හිනා වෙවී ඉන්න ඇරලා ගෙදර පොඩි සාමාජිකයෝ ටිකට කන්න දිදී ඉදපු බිනී බබාලා බලාගන්න එක ලේසි වැඩක් කියල හිතලා මිනිත්තුවක් යන්න උණේ නෑ මේ හොදට ඉදපු කෙල්ල අඬන්න ගත්තෙ එක පාරටම බය වුණා වගේ.

වෙලාවකට බබාලත් කාලගුණේ වගේ. කොයි වෙළේ වෙනස් වෙනෝ ද කියල හිතාගන්නවත් බෑ. මේ හිනා වෙලා මේ අඩනවා.

" ඔහෝ.... අඬන්න එපා පැටියෝ... මොකද උණේ ම්ම්.... "
බිනී ඉක්මනටම චොන්සා ගාවට ඇවිත් එයාව වඩාගත්තේ හරි පරිස්සමට.

කෙලින්ම ඉතිං අපෙ මින්හො කලින් දවසෙ සෙට් එකටම බබාව බලාගන්න  ට්‍රේනින් එකක් දීලා තිබ්බ නිසා හොදට ගියා. එයත් වැඩ්ඩා වගෙ කාණ්ඩේටම උපදෙස් දුන්නේ ඉන්ටනෙට් එක පීරලා ඉගෙනගත්ත දේවල් වලින් තමා. නැතුව ඉතිං බබෙක් වඩාගන්නවත් පුළුවන් කමක් තිබ්බ කෙනෙක් කියලය.

කිරි දීලා අන්තිමට ම  ඩයපර් එක මාරු කරලත් විනාඩි පහක්වත් නැති නිසා බිනී ට තෙරුණා එයා බඩගින්නට නම් නෙමෙයි අඬන්නේ කියල.

" චෝ...න් චෝ....න්... අඬන්න එපා පැටියෝ... මේ බලන්නකෝ... බිනී ඔප්පා ඉන්නවනෙ... කෝ හොද ළමයා වගේ අඬන්න එපා. "
බිනී බබාවත් උස්සගෙන එහාටයි මෙහාටයි යනගමන් කිව්වේ එයාගෙ සාක්කුවෙන් හිමින් සැරේ ෆෝන් එකත් එළියට ගන්න ගමන්. අපෙ චූටි චොන්සා නම් ඒත් එයාගෙ ඇඩිල්ල නැවැත්තුවේ නෑ.

" හෙලෝ ලික්ස්... " බිනී කෝල් එකක් ගත්තෙ ෆිලික්ස් ට.

" හෙලෝ.... හියොන් ඒන්ජල් අඩනවද? "

" ඔව්... මොකක් කරන්නද මන්දා.... හියොන් ට කෝල් එකක් ගන්නත් බෑ එයා හදිස්සි වැඩක් කියල නෙ ගියේ. "

" කන්න දුන්නද? ඩයපර් එක මාරු කලා ද? නැත්නම්... හියොන්... ඔයා එන්ජල් ව බය කරාද? "

" පිස්සු ද. මන් මොනාට එයාව බය කරන්නද? අනික එයාට කිරි දීලා ඩයපර් එකත් මාරු කරලා ඉන්නෙ. "

" හෙ හෙ... තරහ ගන්න එපා ඉතිං... මන් කියන්නද ඔයා සින්දුවක් කිය කිය බබාව නළවන්න බලන්න. "

" සිංදුවක්...? "

" හ්ම්ම්...  මොකක් හරි සිංදුවක් කියල  නලවගන්න බලන්න. ඒත් බැරි නම් ෆෝන් එකේ මොකක් හරි දාලා දෙන්න. ඒන්ජල් ඔහොම ඉදියට ෆෝන් එකට හොදට මෙල්ල වෙනවා. "

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now