ලික්ස් කාමරේට ගිය වෙළේ ම අනිත් අයත් ලික්ස් පස්සෙන් ගියේ ලොකු දෙන්නව විතරක් ඉදපු තැනම තනි කරලා.
" මින්හො... මොකද දැන් කරන්නේ? "
" ඇත්තැරලා දාන්න හියුන්.... "
මින්හො ඔහේ ඉස්සරහා බලාගෙන කියලා ළඟ තිබ්බ පුටුවෙන් වාඩි වුණා." ලික්ස් කවදාවත් ඔහොම හැසිරිලා නෑ. "
" මගේ වැරැද්ද හියුන්... එයාලගෙ ජීවිතේට චොන්සාව ලං කරලා බලෙන්ම ආයෙත් ගන්න මට කොහෙත්ම අයිතියක් නෑ. මන් හැමදාම මට හිතෙන තීරණ ඔහේ ගත්තා කැමැත්තක් අකමැත්තක්වත් අහන්නෙ නැතුව. ඉතිං එයාලා මන් ගැන කේන්ති ගන්න එක සාධාරණයි. "
මින්හො කියද්දි චෑන් බලන් ඉදියේ මින්හොගෙ ඇස් දිහා.
" දෙයක් කියන්නද මින්හො.... එයාලගෙ හිතේ ඔයා ගැන කේන්තියක් නෑ. එයාලා ඔක්කොම බය වෙලා එයාලගෙ පුංචි චොන්සාව එයාලගෙන් ඈත් වෙයි කියලා. මතකද මීට අවුරුදු ගාණකට කලින් අපි ඉදපු ඕෆනේජ් එකට ආධාර ලැබෙන්නෙ නැතුව ගිය නිසා අපිව වෙන ඕෆනේජ් වලට යවන්න මිසිස් කිම් තීරණේ කරපු වෙලාවේ ඔයා හැසිරුණේත් ඔය වගේමයි කියලා. මිසිස් කිම්ගෙන් ඔයා එදා කොච්චර ගුටි කෑවද කියලා මතකද එයාට කෑ ගහලා. "
" හ්ම්..... "
" එදා ඔයා කෑ ගැහුවේ මිසිස් කිම් එක්ක තිබ්බ කේන්තියට නෙමෙයි නෙ... අවුරුදු ගාණක් ඔයාට වද දෙද්දී, නමෙන් නැතුව නොසන්ඩාල කොල්ලා කියලා ඔයාට කතාකරද්දි එකම එක දවසක්වත් කෑ නොගහපු මින්හො ඇය් එදා මිසිස් කිම් ට කෑ ගැහුවේ? "
" මට.... බය හිතුණා හියුන්.... ඇත්තටම අපි වෙන් වුණා නම්... අපිව වෙන වෙන ඕෆනේජ් වලට බෙදිලා ගියානම් එහෙම... "
" අන්න ඒකම තමා අද එයාලට ඇති වෙලා තියෙන්නේ. ඔයාම තමයි මින්හො එයාලට ඉගැන්නුවේ තමන්ට ඕන දේ ලබාගන්න සටන් කරන්න බය වෙන්න එපා කියලා. ඉතිං එයාලා ඒකයි අද සටන් කළේ. ප්‍රශ්නෙ තියෙන්නේ... එයාලට සටන් කරන්න උණේ අපි දෙන්නා එක්ක. "
චෑන් කියනකොට මින්හො ඔහේ අහගෙන ඉදියා. ඉදලා ඉදලා එයා අන්තිමටම චෑන් ගෙ උරහිස් වලින් අල්ලගත්තේ වැදගත් දෙයක් අහන්න වගේ.
YOU ARE READING
A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLD
Fanfictionකව්රු හරි ඔයාගෙ ගෙදර ඉස්සරහා චූටි බබෙක්ව දාලා ගියොත්? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo