" මෙතන ද ගෙදර. ? "
" හ්ම්.. ඔව්. "
ජින් මිංහෝව එක්කරගෙන ගියේ යෝල් ගෙ ගෙදර ළඟට. ඒත් ඒ මින්හො දැනගෙන ඉදපු ඉයොන්හා ගෙ ගෙදර නම් නෙමෙයි.
" හියුන්... ඔයාට හොදටම විශ්වාසද ඔයා කියන ඔය ඔයා මාස ගාණකට කලින් උදව් කරපු ගෑණු කෙනාමය් මේ යෝල් කියල. "
" මන් දන් නෑ ජින්.. ඒත්... චොන්සා ගෙ ඇස් දැක්ක මුල්ම වතාවෙත් මට ඒ පුංචි බබාව මතක් වුණා. ඒත්.... ඒත් මට හිතාගන්න බෑ ඒ ගෑණු කෙනා එයාගෙ දරුවාව අත්තෙරලා දාවී කියලා. "
" ඔයා ඒ ගෑණු කෙනාගේ ගෙදර තියන තැන දැනගෙන ඉදියෙ නැද්ද? "
" ඉදියා... ඒත් ඒ මේ තැන නෙමෙයි. මන් කිීප වතාවක් ඒ දෙන්නට ඕන කරන දේවල් වැඩ කරන ගෑණු කරන කෙනෙක් අතේ එයාගෙ ගෙදරට යැව්වා. ඒත් මන් කවමදාවත් එහෙ ගිහිං තිබුණෙ නෑ. "
" ඒ ඇය්..? "
" තනියම ඉන්න ගෑණු කෙනෙක්ගෙ ගෙදරකට පිරිමි කෙනෙක් සැරෙන් සැරේ එන්න යන්න ගත්තොත් ඒකෙන් ඒ ගෑණු කෙනාටයි අවනම්බුවක් වෙන්නේ. "
මින්හො දොර ජනෙල් පවා වහලා දාලා තිබුණ ඒ පුංචි ගෙදර දිහා බලන් කියද්දි ජින් බලන් ඉදියේ මින්හො ගෙ ඇස් දිහා.
හියුන්ජින් ට හිතුණේ මින්හො කියන්නේ ගෑණු කෙනෙක් අතින් ලියවුන චරිතයක් කියලා. කොච්චර දරදඬුයි කියලා පෙන්නන්න හැදුවත් මින්හො කරන හැම දේකම වගේම කියන හැම වචනයකම ආදරය පිරිලා තිබුණා." මාස පහකට විතර කලින් ඉයොන්හාගේ ඔම්මා ට මට උදව් කරන්න තිබ්බ චාන්ස් එක නැති වුණා එයා ඒ ගෙදරින් ගිය නිසා. මන් හිතන්නෙ... මෙතන වෙන්න ඇති එහෙනම් එයාගෙ අලුත් තැන. "
" අපි කොයිකටත් එක පාර තීරණෙකට එන්නෙ නැතුව හොයලා බලමු හියුන්. "
" ජිනී... අපි දෙන්නා මේ දේ දැනට රහසක් විදියට තියාගමු. මොකද ෆීලික්ස් දැනගත්තොත් ඔයා දන්නෝ නෙ. "
" හා.... මන් දැනගන්න තියන්නේ නෑ
" මන් මේ කල්පනා කරේ ජින්... එදා මන් කිව්වා මතකද හොස්පිටල් එකෙදි දැකපු ගෑණු කෙනා ගැන. "
" ඔව්... "
" ඒ කෙනා චෝන් ගෙ ඔම්මා නම්.... අපිට එයාව හොයාගන්න පුළුවන් වෙයි. "
" ම්ම්... ඔව්මයි නෙ. අනික දැන් එයාගෙ නමත් දන්නවනෙ. අපිට කෙලින්ම අහන්න පුළුවන්. "
" හ්ම්ම්... "
*****
" අනෙ මන්දා මොකක් කරන්නද කියල. මට ඒ ගෑණු කෙනා කිව්වේ බබාගේ ෆැමිලි නේම් ඒක චා කියලා. ඒත්... චා යෝල් කියල කිසි පේෂන්ට් කෙනෙක් මේ මාසෙ ඇතුලේ ඇඩ්මිට් වෙලා නෑ නේ. "
" මට තේරෙන්නේත් නෑ හියුන්. දැන් මට පිස්සු වගේ. සමහර විට හියුන් ඒ දැකපු ගෑණු කෙනා චෝන් ගෙ ඔම්මා නෙමෙයි වෙන්න ඇති. නැත්නම් ඔයා ඔය හිතන චා ඉයොංහා නෙමෙයි වෙන්න ඇති හියුන් අපේ චෝන්. "
ජින් මින්හො දිහාම බලාගෙන කියද්දි මින්හො කාර් එක නැවැත්තුවේ පුංචි රෙස්ටුරන්ට් එකක් ළඟ. බැලූ බැල්මට ඒක ඒ තරම් උසස් පංතියෙ ආපන ශාලාවක් නොවුණත් ඇස් ඇදගන්න ලස්සන පෙනුමක් ඒ රෙස්ටුරන්ට් එකට තිබුණා.
" මට තේරෙන්නේ නෑ මේ දෛවය අපිව මොන නූල් බෝලෙක පැටලැව්වද කියල. ඉක්මනට අඟක් මුලක් හොයාගමු. ඊට කලින් දවල්ට කාලත් නෙමෙයි නේ. එන්න යන්න. මෙතන තොක්බෝකි වලට ගහන්න තැනක් වෙන නෑ. කාලෙකින් මට එන්න උණෙත් නෑ මෙතනට. "
" හ්ම්ම්... මන් හිතුවෙ අපි ගෙදර යාවි කියල. හියුන් දවල් කෑම වෙලාවට ගෙදර යනවනෙ. "
" ගෙදර කවුරුවත් නෑ. බිනී චෝන් එක්ක ඇවිදින්න ගිහිං "
" ආහ්... "
එයාලා ඒ රෙස්ටුරන්ට් එක ඇතුලට යද්දීම දැනුණ සුවද නිසාම ජින් ට තේරුණා මින්හො කිව්ව එක ඇත්ත වෙන්න ඇති කියල.
ඒත් වෙනදා වගේ කන්න පිරියක්වත් ජින් ට තිබුණෙ නෑ. මිංහොත් ජින් බඩගින්නේ නිසා ආවට එයාටත් කන්න කියල කැමැත්තක් තිබුණෙ නෑ.දුරට වෙන්න පේන්න ඉදපු රෙස්ටුරන්ට් එකේ අයිතිකාරිය කියන්න පුළුවන් ගෑණු කෙනාට ආචාර කරගෙනම ඇතුලට ආපු මින්හො ජින් දෙන්නා ඉඩ තිබුණ තැනකින් වාඩි වුණා.
" හියුන් මෙතනට මීට කලින් ඇවිත් තියේ ද? "
" ඔව් ඉස්සර ඉදලා හිටලා ආවා. "
05.03
![](https://img.wattpad.com/cover/360849391-288-k288023.jpg)
BINABASA MO ANG
A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLD
Fanfictionකව්රු හරි ඔයාගෙ ගෙදර ඉස්සරහා චූටි බබෙක්ව දාලා ගියොත්? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo