39

46 5 7
                                    

" සොරි යොන්හි එන්න ටිකක් පරක්කු උනාට. මට වැදගත් වැඩකට යන්න වුණා. "

ජින් සමාව ගන්න ගමන් ම ඇවිත් යොන්හි වාඩි වෙලා ඉදපු ටේබල් එකේ යොංහිට ඉස්සරහින් වාඩි වුණා. ඒත් එයාගෙ මූණේ වෙනදා තිබ්බ ලස්සන හිනාව නම් තිබුණෙ නෑ.

" පරක්කු උණ එක ප්‍රශ්නයක් නෙමෙයි ඔප්පා.... ඒත්.... ඔයා මොකක් හරි අවුලකින් ද? "
යොංහිට ජින්ගේ වෙනස හොදටම තේරුණ නිසා ඇහුවේ ජින් සාමාන්‍යයෙන් එයත් එක්ක ඉන්දි හිනා නොවෙන වෙලාවක් නැති නිසා.

" ම්ම්..... පොඩි ප්‍රශ්නයක්... අපෙ මින්හො හියුන් මේ දවස් ටිකේ ටිකක් කරදරෙන්... ඒ නිසා.... අපෙ ඔක්කොමල වගේ කරදරේන් "

" ඔයා හරි ආදරෙයි නේද ඔයාගෙ මින්හො හියුන් ට. "

" හ්ම්ම්... මින්හො හියුන් ට විතරක් නෙමෙයි... අනිත් අයටත් එහෙන්මයි... ඒත් දන්නවද... අපි අට දෙනාටම පවුලේ කෙනෙක් කියල කිසිම කෙනෙක් නොහිටපු වෙලාවේ අපි ඔක්කොමලව එකට තියාගෙන පරිස්සම් කළේ චැනි මින්හො හියුන් ලා දෙන්නා නිසා..... ඒ දෙන්නා අපි හය දෙනාට අනිත් කාටත් වැඩිය වැදගත්. අපි හය දෙනාගෙන් කවුරුම හරි දුකෙන් ඉන්දි චැනි හියුං අනිවාර්යෙන් ම ඇවිත් අපිව බදාගෙන අපෙ හිත හදන්න පැය ගාණක් උණත් අපි ළඟ ඉන්නව. එයාට මොන වැදගත් වැඩක් තිබුණත් ඒ වෙලාවට එයාට අපිව තරං වැදගත් වෙන කිසි දෙයක් නෑ. ඒත්... මින්හො හියුං කවමදාවත් අපි දුකෙන් ඉන්දි අපි ළඟට වෙලා ඉදලා අපිව සනසාලා නෑ. ඒ මොකද දන්නවද..... මින්හො හියුන් දැනගත්තොත් අපි දුකෙන් කියලා එයා මුළු සක්වලම පෙරළලා හරි ඒ අපි දුක් වෙන්න හේතුව හොයාගෙන ඒ හේතුවට අපිට ආයෙත් ලං වෙන්නවත් බැරි විදියට වැඩේ සිද්ධකරනවා. ඒත් අද... මින්හො හියුන් දුකින් ඉන්දි අපිට මොකුත් ම කරන්න බැරි වෙලා. මොකද.... එයා දුකින් ඉන්න හේතුව අපෙ මුළු ලෝකෙම නිසා. "

" මට කවදාවත් ඒ දෙන්නව ඇත්තට දැකලා නැති උණත්... මට හිතාගන්න පුළුවන් ඔයා කියන විදියට එයාලා කොයි වගේ අයද කියලා. තියන ප්‍රශ්ණ ඉක්මනට ඉවර වෙයි ඔප්පා.... "

යොන්හි එහෙම කියන ගමන් ජින් ගෙ උරහිස උඩින් අත තියාගනිද්දී එයාලා නොදන්නව උනාට තවත් කන් දෙකක් ඉදියේ එයාලගෙ සංවාදෙට කන් දිගෙන. ඒ කෙනා ඉදියේ හරියටම ජින් ට පිටිපස්සෙන් තිබුණ මේසේ වුණත්... ජින්ට ඒ ගැන අවධානයක් නොව්නේ ඒ සෙනඟ පිරුණා කැෆේ එකේ ඉන්න අනිත අය කවුද කියන එක ගැන බලන්න එයාට වූමනාවක් නොවුණ නිසා.

" අපිත් එහෙම තමා හිතන් ඉන්නෙ. ඉක්මනටම මේ ප්‍රශ්ණ ඉවර වෙයි කියලා.... "

" අනිවාරෙන් ම එහෙම වෙයි ඔප්පා... මන් දෙයක් කියන්නද... මන් ඔයත් එක්ක ඉන්නව ම්ම්... හිතට කරදරයක් වෙන මොකක්ම හරි දෙයක් තියේ නම් මට කියන්න... මන් බල කරන්නේ නෑ ඒත්.... මන් අහල තියේ හිතේ තියන දුක කාත් එක්ක හරි බෙදාගත්තොත් ඒකෙන් දැනෙන වේදනාව අඩු වෙනවා කියල.  "

" තැනක් යූ යොන්හි... මට මගේ හොදම යාලුවටවත් මේ ප්‍රශ්ණ කියාගන්න බැරුව ඉන්දි ඔයා මගේ ලගින් ඉන්නවට. ඒත්... මන් මේ දේ කිවුවොත්...  පොරොන්දු වෙනවද කාටවත්ම කියන්නේ නෑ කියල. "

" අනිවාර්යෙන් ම... ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් ඔප්පා... "

" ඔයාට චොන්සා ව මතකද..? "

" ඔව්... ඔයාගෙ හියුන් ගෙ ක'සින් ගෙ බබා. "

" ඇත්තටම එයා හියුන් ගෙ ක'සින් කෙනෙක් නෙමෙයි යොන්හි... එදා ඔයා එයාව අදුණගත්තා වගේ ම... ඒ තමා ඉයොන්හා... යෝල් ගෙ ඉයොන්හා."

" මෝ...මොකක්....? ඒ කියන්නේ මින්හො ඔප්පද යෝල් ඔන්නිගේ මහත්තයා.? "

ජින් කියාපු දෙයින් යොන්හි පුදුම උණා වගේ ම යොන්හි අහපු දෙයින් ජින්ට පිටිපස්සෙන් ඉදපු කෙනත් හොදටම පුදුම වුණා.

" නෑ අනෙ.... ඒක දිග කතාවක්... මන් ඔයාට ඒක නිදහසේ කියන්නම්... ඒත් අපිට දැන් ඕන වෙලා තියනවා යෝල් ව හොයාගන්න. අපි එයාව හොයාගන්න පුළුවන් හැම දේ ම කලා... ඒත්... තාමත් බැරි වුණා. "

" යෝල් ඔන්නී කිසි කෙනෙක් එක්ක ලොකු සම්බන්ධකමක් තියාගෙන ඉදියේ නෑ ඔප්පා... අනික එයාගෙ පවුලේ කිසිම කෙනෙක්වත් ඇත්තෙත් නෑ කියල මට කිව්වේ . "

" හ්ම්ම්.... ඔය විස්තර විතරයි අපිත් දන්නෙ...  මට තේරෙන් නෑ කොහේද කියලා මෙයා හැංගිලා ඉන්නෙ. "

ජින් යොන්හි ට හැම දෙයක්ම වගේ කිව්වේ එයාගෙ හිතේ යොන්හි ගැන ලොකු විශ්වාසයක් තිබුණ නිසා. එයා මීට කලින් කී දෙනෙක් එක්ක සම්බන්ධකම් තියන් ඉදියත්... ඒ කිසිම කෙනෙක් ගැන ජින් ගෙ හිතේ ඇති උණේ නැති විශ්වාසයක් ටික කාලෙකින් උණත් එයාගෙ හිතේ යොන්හි ගැන ඇති වෙලා තිබුණා. එයාගෙ හිත හොදටම දැනගෙන ඉදියා යොන්හි කියන්නේ කලින් වතාවල් වල එයා තාවකාලිකව ඩේට් කරපු  ගෑණු ළමයි ගොඩටම වැටෙන තවත් එක කෙනෙක් නෙමෙයි කියලා. මොකද... ජින් කෙලින්ම කියන්න පහුබැස්සත් එයා දැනන් ඉදියා එයා යොන්හිට ආදරෙ කරන්න පටන් අරගෙන කියලා.

06.18

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Aug 02 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDTempat cerita menjadi hidup. Temukan sekarang