34

38 8 61
                                    

" ඉතිං ඊට පස්සෙ ඒ මායාකාරි කොහොම හරි කරලා ඒ කුමාරයාව එයාගෙ මායම් වලින් අල්ලගත්තලු. ඔන්න ඉතිං එදා ඉදන් ඒ කුමාරයට ඉන්න උණේ ඒ මායාකාරිගෙ වහලෙක් විදියටලූ. "

චෝන් ව නළවන රාජකාරිය බාර වෙලා ඉදිය සුන්ග්මින් ඉදියේ චෝන්ව උකුළ උඩින් තියන් සෝෆා එක ළඟ බිම වාඩි වෙලා රටේවත් නැති සුරංගනා කතාවක් කියන ගමන්. කතාව පටන් ගත්තෙ සින්ඩරෙල්ලා කතාව පටන්ගන්නව වගේ උණත් ඒක මැදක් හරියට යද්දී කතාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහුනෙ කතාව මැද්දට මායාකාරයො, මුහුදු කොල්ලකාරයො එහෙමත් එකතු වෙද්දී.

" මොනාද මිනී ඔය කියන්නේ. ඒ කතාවෙ ඉන්නෙ මායාකාරියක් නෙමෙයි. ඒ කුමාරිකාව. අනික එයා කුමාරයාව වහලෙක් කරගත්තා නෙමෙයි.... ඒ දෙන්නා කසාද බැදලා සතුටින් ජීවත් වුණා."

" ඔය වගේ කතා කියන්න පුළුවන් ද මන් අහන්නෙ පොඩි ළමයෙක්ට. මෙයා දන්නවය කසාද බදිනවයි කියන්නේ මොකක්ද කියල. "

" හනේ ... එතකොට චෝන් වහලෙක් වෙනවයි කියන්නේ මොකක්ද කියල දන්නෝනෙ. ඔයා නැති කතා මවනවා මිනී. "

" ඒක තමා හැකියාව. කතාවක් ගොතන්නත් ලේසි පහසු මනුස්සයෙක්ට බෑ. කොච්චර රසවත්ද බලන්න ඒක. ම්ම්... "

" රසේ නම් පේනවා... අහන් ඉදිය එකම මනුස්සයත් නිදි. "
හාන් ඒක නම් කිව්වේ සුන්ග්මින් ගෙ කතාවට ඇහුම්කන් දීගෙන ඉදලම සෝෆා එකේ නින්දට වැටුණ ජින් දිහා බලල හයියෙන් හිනාවෙන ගමන්

" සුරංගනා කතා තියෙන්නේ නිදි කරවන්න තමා නේද චෝන්. "
සුන්ග්මින්ටත් ඉතිං ගහට නැග්ග මිනිහට වගේ එයා කරන හැම දේටම උත්තරයක් තිබුණා. ඒවා ඉතිං ගෙදර අනිත් අයටත් හුරු නිසා හාන් කට වහගත්තේ එතනින් එහා මොකුත් කියල වැඩක් නැ කියල දන්න නිසා.

රෑ හත අට අතර කියන්නේ මිංහෝගේ ගෙදර පැය ගාණක නිදහස් වාතාවරණයෙන් පස්සෙ ආයෙත් සද්ද බද්ද වලින් පිරෙන ටයිම් එක.
ඒ වෙලාවට ඔක්කොමල ගෙදර නිසා දවල් වරුවේම තියන සන්සුන් ගතිය එහෙන්ම සුන්බුන් වෙලා යනවා.

කොහොම හරි ඉතිං ඒ කාලගෝට්ටි වලට හරියන්න චොන්සත් ඉදියේ අඩ අඩ.
එයාව නළවන රාජකාරිය බාරව ඉදියේ සුන්ග්මින්.  කොහොමත් කැෆේ එකෙන් ආවට පස්සෙ සුන්ග්මින්ටෙයි කියලත් කරන්න වෙන වැදගත් වැඩක් නෑ නෙ.
ඒ අස්සෙ ඉතිං අනිත් අයත් තම තමන්ගෙ වැඩ. ඒ සද්දබද්ද කොච්චර තිබ්බත් ජොන්ග්ඉනුත් එයාගෙ එක්සෑම් එකට පාඩම් කරන්න තෝරගෙන ඉදියේ ලිවින් රූම් එකම තමයි.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDTempat cerita menjadi hidup. Temukan sekarang