20

32 8 10
                                    

" දන්නවද ඔප්පා ඉයොන් කියන්නේ මන් දන්න චූටි බබෙක් එයා මෙයා වගෙමයි. "

හියුන්ජින් ඒ වචන වලින් ටිකක් විතර කලබල වුණා.

" ඉයොන් හා... "

" හ්ම්ම්...  මන් දන්න ඔන්නියෙක් ගෙ බබෙක්. මේ දවස් වල නම් දෙන්නම ගෙදර නෑ. ඔන්නීත් නෑ... ඉයොන්හත් නෑ. "

"ඒ...එයා... මේ බබා වගේමද? "

" ඔව් අනෙ... මට මේ චූටියාව දැක්ක ගමන් මතක් උණේ එයාව. චූටි බබාලා ඔක්කොමලා වගේ ගොඩක් දුරට එක වගේ නිසා වෙන්න ඇති. "

****

" ඔහ් හෝ... පරිස්සමින් යන්න ළමායි... දුවලා වැටේවි.. "

ලියා එක්ක පැරඩයිස් එක වටේ ම රවුමක් දදා  ඉදපු මින්හො අන්තිමටම ඇවිත් තිබුණෙ පිරිමිලමයින්ගෙ බිල්ඩින්ග් එකට. ඒකෙ තමයි පිරිමි ළමයි ජීවත් වුණේ.

ඒ වෙනකොට ස්කූල් ගිය ළමය් ආපහු ඇවිත් තිබුණ නිසා හෝල් වේ එක පුරා ලොකු කලබලේකින් පිරිලා තියෙද්දී පුංචි පිරිමි ළමයෙක් මින්හෝගේ ඇගේ වැදීගෙනම ගියේ ලොකු හදිස්සියකින් වගේ. එයා මින්හෝගෙන් සමාව ගන්න නැවතුණ ටිකට ලියා එයාව අල්ලගෙන එයාගෙ ගාණට බිමට පාත් උණා.

" ජීහූන්... මොකද කලබලෙන්... ම්ම්...? "

" ම...ම...මන් මේ..... කලබලයක් නෑ හී. "
ඒ පුංචි පිරිමි ළමයා නම් කතා කල විදියෙන් ම මින්හො ට තේරුණා එයා මොනාම හරි හන්ඟනවා කියලා.

" මොකක් හරි හොර වැඩක්... කෝ යුන්ජේ...? ඔයා එයාගෙ නැට්ට නෙ... "

" යුන්ජේ...හියුන්.... ඒ...එයා.... ආහ්... එයාව මන් දැක්කේ නෑ. "

ජීහුන් එහෙම කියලා දිව්වත් ලියා හිනා වෙන ගමන් ම නැගිටලා මින්හො දිහා බැලුවේ දෙයක් කියන්න කියලා.

" ඔය දගයා බොරු කියන්න දන්නෙත්  නෑ. ඒත් යුන්ජේ වෙනුවෙන් එයා කියන තරං බොරු මෙහෙ වෙන කිසි කෙනෙක් කියන්නේ නැති තරම්. "

ලියා කියාපු කතාව නිසා මින්හොටත් මතක් වුණේ එයාගෙ පොඩි කාලෙ. කෝයි වෙළෙත් ගුටිකන වැඩම කරන මින්හො වෙනුවෙන් මිසිස් කිම් ට එයාගෙ පොඩි සහෝදරයෝ ටික කෝයි තරම් නම් බොරු කියන්න ඇත් ද.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDTahanan ng mga kuwento. Tumuklas ngayon