21

31 7 13
                                    

" චැනී හියුන්.... මින්හො හියුන් තාම නැත්තේ මොකද?  "

ඕෆනේජ් එකට ගිය මින්හො රෑ වෙනකලුත් ගෙදර නාව නිසාම ජොන්ග්ඉන් චෑන් ගෙ කාමරේට ගියේ එයාවත් මිංහෝගේ පරක්කුවට හේතුවක් දන්නව ඇති කියලා හිතලා. මොකද සාමාන්‍යයෙන් මින්හො රෑ කෑම වෙලාවට ගෙදර එනවනෙ.

" ආහ්... මින්හො ටිකක් රෑ වෙයි කිව්වා එද්දී. "

" ඕ...හ්... එහෙමද? හරී........ ඒක නෙමෙයි හියොන්... මින්හො හියොන්ගෙ රූම් එක ආයෙ පේන්ට් කරන්න වෙයි වගේ. "
ඉනී අන්තිම ටික නම් වේගෙන් ම කියලා එතනින් දුවලා ගියා. ඒ කථාවෙන් ම මොකක් හරි විනාසයක් වෙලා කියන එක තේරුම් ගත්ත චෑනුත් කර කර ඉදපු වැඩෙත් පැත්තක දාලා දුවලා ගියේ මින්හෝගේ රූම් එකේ මොනාද වෙන්නේ කියලා දැනගන්න.

LIX:" හපොය් හපොයි ඒන්ජල්.... ඕකේ නෙමෙයි.... මේකෙ ඔයාට ඕන බලිකූට්ටක් ඇද ගන්න. "

මින්හො ගෙ කාමරේ ඒ වෙලාවේ තිබ්බෙ යුද වාතාවරණයක්.
පාට පාට තීන්ත නාගෙන ඉදපු චොන්සා බිම පුරාත් තීන්ත ගාලා එයාගෙ අතින් මින්හෝගේ බිත්තියටත් ගහන ගමන් ඉදියේ කාමරේ එක මුල්ලක්ම කැන්වස් එකක් කරගෙන. පොඩි සෙට් එකම චෝන් ව උස්සලා බිත්තියෙන් ඈත් කරලා බිම දිග ඇරලා තිබ්බ ලොකු සුදු පාට ශීට් එක පෙන්නුවත් එපා කියන දේ ම කරන එක විනෝදයක් කරන් ඉන්න චොන්සා නම් පනුවා වගේ බඩ ගඟා ගියේ ම බිත්තිය ළඟට.
චෝන් ව ආම් බාම් කරන්න ගිහිං අනිත් අයත් චොන්සා තරමටම තීන්ත නාගෙන ඉදියේ.

CHAN:" හපොයි.... දෙය්යනේ.... "

ඒ යුද පිටිය දැකපු චෑන් ගෙ කටත් ඇරුණත් එයා හිනා වෙන ගමන් ම ඇවිත් තීීන්ත නාන් ඉදපු චොන්සා ව  වඩාගත්තා.

CHAN:" යසයි ඔප්පලා ටික කෙල්ලව බලාගත්ත විදිය. "

HAN:" අපි මොනා කරන්නද හියුන්. මෙයාව බිනී හියුන්ටවත් ක'න්ට්‍රෝල් කරගන්න බැරි එකේ. "

BINNIE:" ඒකනෙ. එයත් තීන්ත නාලා අපිටත් නාන්න වැඩේ කලා. "

CHAN: " හරි හරි... මෙයාට ඕන තැනක චිත්‍ර අදින්න දෙන්නකෝ... කවුද දන්නෙ චෝන් ලොකු වෙලා දක්ෂ ආටිස්ට් කෙනෙක් උනොත්... "

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now