32

33 6 27
                                    

" දැන් විනාඩි විස්සක්... මන් දන්නව මන් හැන්ඩ්සම් කියල. ඒත් මෙතනටම එක්කන් එන්න ඕනා උනාද මගේ මූණ දිහා බලන් ඉන්න ? "

මින්හො හිනා වෙලා නුපුරුදු ෆ්ල'ර්ටි ටෝන් එකකින් අහද්දී හියුන්ජින් ට එකපාරට පුදුම හිතුණත් පුදුමයට වැඩිය එයාගෙ හිතේ තිබුණ චකිතය නිසා මිංහෝගේ වෙනස් හැසිරීමට ප්‍රතිචාරයක් දක්වන්න ජින් ට තේරුනෙ නෑ. ඒ නිසාම තමයි දෙයක් කියන්න තියේ කියල මින්හො ව ඇකඩමි එක ළඟ තිබුණ කැෆේ එකකට එක්කගෙන ඇවිල්ලත් විනාඩි ගාණක් යනකල් මොකුත් කියාගන්න විදියක් නැතුව ජින් ඔහෙ මින්හො දිහා බලන් ඉදියේ.

" යා..හ්... ජින් මොකද මේ... දැන් නම් මට හොදට ම ක'න්ෆර්ම් ඔයා මොකක්හරි අවුලකින් කියලා. "

" හ්..හියුන්.... මට දෙයක් කියන්න තියෙනව ඔයාට. "

" ඕක ම දැන් ඔය කී වෙනි වතාවට ද කියන්නේ. මට කියන්න තියන දේ කියන්න ජිනී. ඔයා මාව බය කරනවා. "

මින්හො හරි ආදරණීය විදියට ජිනී දිහා බලාගෙන ඇහුවා.

" මන්.... මේ ගැන අද උදේ චැනි හියුන් ට කිව්වා. මන් කිව්වා මේ ගැන ඔයාට කියන්න කියල. ඒත්.... චැනි හියුන් කිව්වා මටම මේ ගැන ඔයාට කියන්න කියලා හියුන්. "

" මොකක්ද ඒ දේ... ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින් ද? මට මොකක්ද කරන්න පුළුවන්. ඕනේ දෙයක් කියන්න ආ... හොදින් බැරි නම් නරකෙන් හරි මන් ඔයාගෙ ප්‍රශ්නෙ නැති කරලා දෙන්නම්. "

" මන් ගැන ප්‍රශ්නයක් නෙමෙයි හියුන්. "

" එහෙනම්..? "

" මන්.... හිතන්නෙ.... මන්.... "
" මන් හිතන්නෙ මන් චොන්සා කාගෙ කවුද කියල හොයාගත්තා. "

ජිනී අන්තිම ටික වේගෙන් කියලා බිම බලාගනිද්දී මින්හෝගේ අත මිට මෙලවුණේ එයාටවත් නොදැනි.

" මොකක්? "

" ඔව් හියුන්... හොදටම විශ්වාසයක් නෑ. ඒත්.... "

" කවුද ජිනී ඒ... ක... කවුද චෝන් ගෙ අයිතිකාරයා. "

" යෝල් කියලා කෙනෙක්. මන් හරියට එයා ගැන දෙයක් දන්නෙ නෑ. එයා ඉන්න තැනක් පවා මන් හොයාගත්තා ඒත් එයා දවස් ගාණක ඉදන් දැන් එතන නෑ ලු. ඇත්තටම ඒ කෙනා චෝන් ගෙ ඕම්මා නම්... එහෙනම්... චෝන් ගෙ ඇත්තම නම ඉයොන්හා. "

" ඉ... මෝ...මොකක්..? "

" හ්ම්ම්... එයාගෙ නම ඉයොන්හා හියුන්. "

" ඒ නම..... "

එයොන් කියන්නේ... නිදහස් ආත්මයක් කියන එක. එතකොට හා කියන්නේ සමර් සීසන් එක. ඉයොන්හා... නිදහස් මනසක් එක්ක... ගිම්හානය වගේ උණුසුම් හදවතක් තියේවි මේ පුංචි සුරංගනාවිට.

මින්හොට හීනයක් වගේ එක පාරටම එයාගෙ පරණ මතකයක් මතක් උණේ එයාගෙ හදවත ගොඩක් වේගෙන් ගැහෙන්න සලස්වන ගමන්. එයා චෝන්ව එයාගෙ අත්වලට හම්බ වුණ මුල් දවසේම සැක කරපු එක ඇත්තක් වෙන්න යනවා කියලයි මින්හොට හිතුණේ. එයාට හිතුණ විදියටම දෛවය ඒ දෙන්නව ආයෙත් මුණගස්වල කියලයි මිංහොට හිතුණේ.

" චා.. ඉයොන්... හා... ජින්... එයාගෙ ෆැමිලි නේම් එක... ඒක මොකක්ද? "

" මන්... ඒක නම් දන්නෙ නෑ. "

ජිනී මිංහෝගේ මූණ දිහා අවධානෙන් බලාගෙන කියද්දි මින්හො නම් ඉදියේ ලොකු කල්පනාවක.

" හියුන් ඉයොංහා ගැන මොනවත් දන්නවද? "

" මන්.... අනෙ මන්දා ...... මට චෝන් ව දැක්ක මුල් දවසෙම හිතුණා. ඒත්.... මන් හිතුවෙ නෑ ඒ ගෑණු කෙනා තමන්ගෙ දරුවව කොහෙවත් දාලා යන්න හිතයිවත් කියල. "

" මොන ගෑණු කෙනා ද? "

" දවසක් මතකද මන් ප්‍රෙග්නන්ට් ගෑණු කෙනෙක් ට උදව් කලා කියල කිව්වා. එයාට හොස්පිටල් එකකට යන්න විදියක් නැතුව ඉන්දි. "

" ඔව්... දැන් කොච්චර කාලයක්ද? "

" එදා ඒ ගෑණු කෙනාගේ බබාට නමක් දාන්න කියල එයා කිව්වේ මට. එදා.... මන් එයාට දැම්මෙත් ඉයොන්හා කියන නම. චා ඉයොන්හා. "

" ඒත් ..... ඉයොන්හා ලා කියක් නම් කියල ඉන්නවද හියුන්. "

" ඒක හරි ඒත්.... චෝන් ව දැක්ක මුල් ම දවසෙත් මට මතක් උණේ ඒ බබා ව. "

" ඉතිං හියුන් ඒ ගෑණු කෙනාගේ නම දන්නෙ නැද්ද? "

" නෑ ජිනී. මට ඒක දැනගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මට විශ්වාස කරන්න බැරි එදා එයාට ඉන්න මුළු පවුලම ඒ බබා කියාපු ඒ ගෑණු කෙනා එයාගෙ පවුලම අපෙ ගෙදර ඉස්සරහ දාලා ගියා කියන එක."

05.03

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now