" එතකොට... ඔයාද එවනවයි කියාපු කෙනා..? "
සකුරා එයාගෙ අලුත් ගෙදර දොර ළඟ ඉදපු ටිකක් විතර කේඩෑරි වෙලා ගිය පෙනුමක් තිබුණ ගෑණු කෙනාගෙන් ඇහුවේ තරමක ලොකු බඩු පෙට්ටි වගයකුත් එහා මෙහා කරන්න තියෙද්දීත් මේ වගේ කෙනෙක්ව එවාපු එක ගැන බිල්ඩින් එකේ අයිතිකාරයා ගැන ඇති වෙච්ච නොමනාපෙකුත් එක්ක.
" ඔව් මැඩම්... "
" ම්ම්.... එහෙමද... ? කමක් නෑ... එන්නකෝ ඇතුලට. "
අන්තිමට ඉතිං මොනා කරන්නද කියලා සකුරා හිනා වෙලා අර ඇවිත් තිබුණ ගෑණු කෙනාව ගෙදර ඇතුලට ගත්තා.
" මෙතන තියන මේ ලොකු පෙට්ටි එහා මෙහා කරන්න ඕනේ නෑ හොදද... ඔයා පුළුවන් ටික පොඩ්ඩක් අස් කරලා දෙන්න. ම්ම්.. "
" හරි මැඩම්. "
*******
සකුරාගේ ගෙදර එහෙම සාමකාමීව තියෙද්දි මිංහෝගේ ගෙදර නම් සම්පූර්ණෙන් හිස්. මොකද බිනීත් ඉන්ටර්විව් එකකට කියල ගිහිං මින්හොත් කැෆේ එකේ නෙ.
මින්හොට ඉතිං කැෆේ එකේ වැඩක් කරන්න කියල ලොකු දැනීමක් තිබුණෙ නැති නිසා ම එයා ඉදියේ චොන්සාවත් බලාගන්න ගමන් කප්ස් වගේ ක ලේබල්ස් අලවා අලවා.
" ආහ්... මිස් චොන්සා... බරටම වැඩ වගේ. "
හාන් චෝන් ගෙ කම්මුලකටත් තට්ටුවක් දාන ගමන් මින්හො වාඩි වෙලා ඉදපු තැනට ඉස්සරහින් වාඩි වුණේ චොන්සා හාන් එක්ක හරි හුරතල් විදියට හිනා වෙද්දී.
" හියුන් ට කම්මැලි ද ඔය වැඩේ කරන්න. "
" නෑ... එහෙම නෑ... "
" ම්ම්.... ඒක නෙමෙයි හියුන් මන් දෙයක් අහන්නද? "
" හ්ම්ම්.. "
" හියුන් ඇත්තටම චෝන් ගෙ අයිතිකාරයෙක් ගැන කිසිම විස්තරයක් තාම හොයාගත්තේ නැද්ද? "
හන් ඒක ඇහුවේ ෆීලික්ස් ළඟ ඉන්නවද කියලත් බලන ගමන්.
" පොඩි තොරතුරු වගයක් නම් තියනවා. ඒත් තාම ශුවර් එකක් නෑ. ඒ නිසා කාටත් කියන්න කලින් හරියට ස්ථිර කරගන්න ඕනා. "
" ඒ කියන්නේ... ඉක්මනටම හොයාගන්න පුළුවන් කියන එක ද. "
" අනෙ මන්දා.... ඒක හිතන තරම් ලේසි නෑ හන්. වෙලාවකට මට හිතෙනවා.... දෙවියෝ ලික්ස් ගෙ ඉල්ලීම් වලට වැඩිපුර ඇහුම්කන් දෙනවා කියල. "
YOU ARE READING
A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLD
Fanfictionකව්රු හරි ඔයාගෙ ගෙදර ඉස්සරහා චූටි බබෙක්ව දාලා ගියොත්? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo