එදා දවස ගාණට කාටුන් එකේ පිහිටෙන් චොන්සාව බලාගන්න බිනී ට පුළුවන් වුණා.
චොන්සත් ඉතිං අනෙ මන්දා. එයාට කිරියි කාටුනුය් තියේ නම් ආයෙ වෙන මොනවත් ඕනේ නෑ.ඔය අස්සෙ ගෙදර එන්න කියල කෝට් එකත් දමාගෙන ඔෆිස් එකෙන් එළියට ආපු මින්හො දැක්කේ කෙල්ලෙකුත් තියන් හෙන කය්යක ඉන්න ජින් ව.
මින්හො දැක්ක ගමන් අර කෙල්ල නම් පුළුවන් උපරිම නැමිලා මින්හොට ආචාර කරද්දි ජින් නම් ඔහෙ ගොන් හිනාවක් දාලා ඉදියා.
කොහොමත් ඉතිං මේ ඩබල අය්යල මල්ලිලා කියල මුළු ඇකඩමි එක ම දන්න නිසා ඉතිං ජින් ට ඕකේ ගාණක් නෑ.මින්හො එයා ගෙදර යනෝ කියල අතිනුත් සන් කරගෙන එතනින් ගියා.
දැන් ඉතිං මිස්ට ලී ට වෙන්නේ ගෙදර ගිහිං ආයෙ පුරුදු මින්හො හියොන් ගෙ චරිතේට අවතිර්ණ වෙන්න.ඒ යනකොට නම් එයාගෙ චූටි සුරංගනාවි චැන් බින් ගෙ පපුව අස්සෙ ගුලි වෙලා හොදටම නිදි. කාටුන් එක බල බල ඉදපු පුංචි චොන්සට එහෙන්ම නින්ද ගිහිං.
" දැන් නිදාගෙන මෙයා රෑ ට නැගිටලා ඉදි ද දන් නෑ "
ගෙදර ආපු ගමන්ම මුල් ම රාජකාරිය විදියට චොන්සා ව බලන්න ගිය මින්හො හිනා වෙවී ම කිව්වේ බිනී ගෙ තුරුලේ ඉන්න චූටි කෙල්ලගේ ඔලුව අතගාන ගමන්.
" අනෙ මන්දා.... ඔයාට ශුව' ද හියොන් මෙයාට මාස පහක් විතර කියල... දැගලිල්ල නම් ලොකු කෙනෙක් ගෙ වගේ. "
" මන් දන්නෙ නෑ බිනී... මන් මොකෝ බබෙක් මීට කලින් බලාගෙන තියෙනව කියලය. "
" ඇත්ත තමා.... "
" මෙයාව කොඩ් එකෙන් තියලා තියන්න තිබ්බානේ. මොකද උකුළේ තියන්. "
" නිකං... මෙයා කියුට් නේද හියොන්.. "
" ම්ම්... හරිම කියුට්... ඒක නෙමෙයි.. කාලා නෑ නේද තාම. මන් ෂින් ගාලා වොශ් එකක් දාන් ඇවිත් කන්න හදන්නම් හොදද? "
" තාම බඩගින්නක් නෑ... ඒ නිසා නිවී සැනසිල්ලේ වැඩේ කරගෙන එන්නකෝ. "
****
මින්හො වොශ් එකකුත් දාගෙන ඇවිත් ෆෝන් එක චාජ' එකට ගහගෙන ම පහලට ගියේ තා ටිකකින් චෑන් ඉනී දෙන්නත් එන නිසා කාන්ඩෙට ම කෑම හදන්න. කැෆේ ත්රිබල නම් එන්නෙ හවස් වෙලා නිසා දවල් කෑමට එහෙ ඉතුරු වෙන්නේ එකයි දෙන්නයි... ඒකත් කළාතුරකින්. මොකද සමහර දවස් වලට එක්කො ඉනී හවස් වෙනකල් යුනි එකේ නැත්නම් චෑන් හවස් වෙනකල් යුනි එකේ. බිනී නම් ගෙදර ඉන්නෙත් කළාතුරකින් නෙ.
ඒත් ඉදලා හිටලා හාවා හද දකින්න වගේ කළාතුරකින් හදිස්සීම වැඩක් නොවැටුණොත් මිසක මින්හො නම් තුන් වේලට ම අනිවාරෙන් ම ගෙදර. එයා තනියම ඉදියත්... එයා කන්න උයන එක නම් කවමදාවත් මගඇරියේ නෑ.
***
" ජල් මොක්ගෙස් සුම්නිදා.... "
මිඩ්ල් ලයින් එක ඇරෙන්න අනෙත් හතර දෙනාම එදා දවල් කෑමට ගෙදර ඉදියා.
පුංචි චොන්සා හොදටම නිදි නිසා එයාගෙන් කරදරයක් තිබුණෙත් නෑ." අද කොහොමද ඉතිං දවස. " කෑම මේස සාකච්ඡාවට මුල පිරුවේ චෑන්.
IN : වරදක් නෑ... වෙනදා වගේ ම තමා.
BIN : මට නම් ඉතිං දවසම උණේ කාටුන් බල බල ඉන්න.
IN: කවුද චෝන් එක්කද?
BIN : ම්ම්..
IN: ලික්ස් හියුන් ගෙ සොයාගැනීම් නැත්නම් අද බිනී හියුන්ටත් කලින් දවසෙ මින්හො හියුන්ට වගේ කට්ටක් කන්න තිබ්බා එයාව නාඩා තියාගන්න.
CHAN: ඔව් හැබැයි කොච්චරවත් ෆීලික්ස් ට බැන්නට බබාව නරක් කරනවා කියලා ඒකෙනුත් වාසියක් වුණා නෙ.
BIN: හම්මේ ඔව්... නැත්නම් මෙයාව උස්සන් ගෙ වටේ ගිහිං ම මාව කෙට්ටු වෙනවා.
CHAN: ඒක නෙමෙයි මොකද මින්හො සද්දෙ නැත්තේ.
හැමෝම හිනා වෙලා කතා කරකර ඉන්දි මින්හො විතරක් සද්ද නැතුව ඉදපු නිසා චෑන්ගෙ අවදානේ ගියේ එයාගෙ පැත්තට.
" ම්ම්... ආහ්... මන් කියන්නමයි ඉදියේ... අර පොඩි ළමයින්ට ඩාන්සින් ක්ලාස් කරන වැඩේ ට ලියා කැමති වුණා. "
" ලියා..... ? "
ඉනී චොප්ස්ටික් දෙකත් කටේ දාගෙනම ඇස් උස්සලා මින්හො දිහා බැලුවේ ලෝකපුදුමේ වගේ මිංහොගේ කටින් කෙල්ලෙක්ගෙ නමක් කියවුන නිසා.
" හයියො... ඕෆනේජ් එකේ අලුත් කීප අනෙ..."
" ඕ...හ්... "
" අලුත් නිසාද නැත්නම් ඇත්තටම ළමයි ගැන හිතන නිසාද එයා මේ දේට කැමති උණේ කියල මට හිතාගන්න බෑ ඒත්.... කොහොමහරි වෙන්න ඕනා විදියට වැඩේ වුණ එකම ලොකු දෙයක්. "
" ම්ම්... කොහොමත් මිස්ට ලී එක්ක ප්රශ්ණ ඇති කරගන්නෙ නැතුව රස්සාව පරිස්සම් කරගන්න ඕනා කියල හිතෙන්න ඇති ලියාට."
02.01
YOU ARE READING
A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLD
Fanfictionකව්රු හරි ඔයාගෙ ගෙදර ඉස්සරහා චූටි බබෙක්ව දාලා ගියොත්? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo