24

31 8 8
                                    

සර් හිතනවාද කොල්ලා මේ වැඩේ ට කැමති වෙයි කියලා. "

" අනිවාර්යෙන් ම... මන් හිතන්නෙ නෑ එයාට ලැබුණ අවස්ථාව එයා මග ඇරගනී කියලා. "

මිස්ට චෝයි ඉදියේ එයාගෙ මැනේජ් එක්ක මින්හොලාගේ ඕෆනේජ් එකෙන් යන ගමන්.

" මන් සර් කිව්ව නිසා ම කොල්ලා ගැන ටිකක් වැඩිපුර හොයලා බැලුවා. මිසිස් කිම් කියන විදියට නම් මෙයා ටිකක් මුරණ්ඩුයි. "

" ටිකක් නෙමෙයි ගොඩක් මුරණ්ඩුයි. මිසිස් කිම්ගෙන් නෙමෙයි ඕෆනේජ් එකේ අනිත් දරුවෝන්ගෙන් අහලා බලන්න මින්හො කෝයි වගේ කෙනෙක්ද කියලා. මින්හො ට ලස්සන හදවතක් තියෙන්නේ ජන්ග්. ඒ වගේ දරුවෙක් ව මේ වගේ තැනක තනි කරන්න හොද නෑ. මට ඇත්තටම සතුටුයි එයාව මට හම්බ වුන එක ගැන. "

මින්හො ව දැකපු මුල්ම දවසෙ ම චෝයි ගෙ හිතේ ඇති වුණේ එකම දෙයයි. ඒ මින්හො වගේ දක්ෂ දරුවෙක් පාරක් පාරක් ගානේ නටන්න ඕනේ නෑ කියන එක. ඒත් මින්හො ගැන හොයාබලද්දී චෝයි ගෙ හිතේ තිබුණ අදහස ටිකක් විතර වෙනස් වුණා. මිංහෝගේ දක්ෂකමට තැනක් දෙන්න වගේ ම මින්හො ගෙ අනාගතෙට උදව්වක් වෙන්නත් ඒ නිසා ම මිස්ට චෝයි හිතාගත්තා.

*****

එදා දවසම මින්හො නම් ඉදියේ චෝයි ගෙ ඔෆර් එක ගැන හිත හිත. ජීවිතේ ට චෝයි වගේ මනුස්සයෙක්ව එයාට හම්බ වෙලා තිබුණෙ නැති නිසා මිංහොට ගොඩක් අමාරු උණා චෝයි ව සැක නොකර ඉන්න. මොකද එයා එයාගෙ ජීවිතේට දැකපු හැම මනුස්සයම දේවල් කළේ තවත් දෙයක් බලාපොරොත්තුවෙන්. ආත්ම තෘප්තිය වෙනුවෙන් දෙයක් කරන කෙනෙක්ව මින්හො ට හම්බ වුණේ ජීවිතේ පලවෙනි වතාවට.

කොච්චර කල්පනා කලත් උත්තරයක් නොලැබුණ නිසාම එයා තීරණය කලා පොඩි රිස්ක් එකක් අරන් බලන්න. සමහර විට චෝයි හොද කෙනෙක් වෙන්න ඇති කියලා හිතුණත් එයාගෙ යටි අරමුණක් තියේ නම් ඒකත් හොයාගන්න මින්හො තීරණය කලා. ඒක කරන්න නම් ඉතිං මින්හොට චෝයි ගෙ ඔෆර් එක බාර ගන්නම වෙනවා.
එදා සැකෙන් සැකේ චෝයි ට එකඟ වුණ මින්හො හීනෙන්වත් හිතන්න නැතුව ඇති එයා මුළු ජීවිත කාලෙම චෝයි ට ණයගැති වෙයි කියලා.

****

" මන් සර් දුන්න අවස්ථාව බාරගන්න කැමතියි. ඇත්තටම මට දෙයක් දැනගන්න පුළුවන් ද? මේ තරම් ලොකු අවස්ථාවක් මට නිකං ම දුන්නා කියන එක මට විශ්වාස කරන්න බෑ. මගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඒක ආත්ම තෘප්තිය නිසාම විතරයි කියන උත්තරේ මට බාර ගන්න බෑ සර්. "

මින්හො පහුවෙන්දම චෝයි ව මීට් වෙන්න ගියේ හරි හමන් උත්තරයක් හොයාගන්න.
ඒ තරම් ලොකු තැනක මින්හො වගේ කෙනෙක්ට චෝයි ව මීට් වෙන එක අමාරු වෙයි කියලා හිතුවත් ඒක එහෙම වුණේ නෑ. හරියට එයා එනකල් ම බලාගෙන ඉදලා වගේ.

" ම්ම්....ඔයාට මාව විශ්වාසම නෑ නේද? කමක් නෑ... එහෙනම්.... මන් ඇත්තම කියන්නද? මට ඔයාගෙන් ලොකු දෙයක් ඕන කරනවා මින්හො. "

" මෝ.... මොකක්ද? "

" පවුලක්... දෙන්න පුලුවන්ද? "

" පවුලක්..? සර් විහිළු කරනවාද මන් එක්ක. "

" ඇය්..? " චෝයි ඇහුවේ හරි විනෝදකාමී විදියට.

" සර් මගෙන් මගේ ජීවිතේ ඉල්ලුවා නම් මට ඒක දෙන්න තිබුණා අනාතයෙක් වුණත් මන් ගාව ජීවිතයක් කියලා දෙයක් තියන නිසා. ඒත් පවුලක්...? සර් දන්නවද අනාථයෙක් කියන එකේ තේරුමවත්. මන් ගාව නැති දෙයක් මන් සර් ට දෙන්නෙ කොහොමද? "

"  තමන්ටම අනාතයෙක් කියාගන්න එපා මින්හො. අනික ඇය් කියන්නේ ඔයා ළඟ පවුලක් නෑ කියලා. පවුල වෙනුවෙන් නෙමෙයි නම්... කවුරු වෙනුවෙන්ද ඔයා මගේ ඔෆර් එක මුලින්ම එපා කිව්වේ.. "

" ඒ.... " මින්හො එක පාරටම කියන්න ගියත් එයාට කියාගන්න වචනයක් හිතට ආවෙ නෑ. ඔව් ඒ තමයි එයාගෙ පවුල. ඒත් චෝයි ඒ වගේ ප්‍රශ්නයක් අහනකල්ම මින්හොට ඒ ගැන හිතිලා තිබුණෙ නෑ.

" ම්ම්.... පවුල නෙමෙයි නම් මොකක්ද මින්හො.? දන්නවද ඔයා කොච්චර වාසනාවන්ත ද කියලා. ඔයාට සහෝදරයෝ හත් දෙනෙක් ම ඉන්නවා. ඒත්.... මට ඉන්නෙත් එක සහෝදරියයි. එයත් මන් ළඟ නෙමෙයි ඉන්නෙ. ඉතිං ඔයා මට කියන්නේ ඔයා ළඟ පවුලක් නෑ කියලද? "

" මන් දන්නෙ නෑ.... මට තේරෙන්නේ නෑ. "

" ඉතිං ඔයාමනේ මින්හො මට කෙලින්ම කියන්න කිව්වේ මට ඔයාගෙන් ඕන දේ. දැන් ඔයා ඒකෙන් පැනලා යන්නද හදන්නෙ. ඔයාට බැරි ද මට පවුලක් දෙන්න. මාවත් ඔයාගෙ පවුලේ කෙනෙක් කියලා හිතන්න. "

flash back end

04.01

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDTempat cerita menjadi hidup. Temukan sekarang