38

23 4 6
                                    

" ඉනි... අද යුනිවසිටි යන්නෙ නැද්ද? "
චැනි පහලට ඇවිත් ඇහුවේ වෙනදට වේලාසන ලෑස්ති වෙලා චැනීත් ලෑස්ති වෙනකල් බෙරිහන් දෙන ඉනී අද කකුල් දෙකත් උඩ දාන් සෝෆා එකේ දිගා වෙලා චෝන් එක්ක ටීවී එකේ කාටුන් එකක් බල බල ඉන්නව දැක්ක නිසා.

" නෑ... සති දෙකක් යනකල් කිසිම ලෙක්චර් එකක් නෑ. "

" ආහ්... ඒක නෙමෙයි මින්හො කෝ. කිචන් එකේ ඉදියෙ නෑ නෙ. "

" හියුන්ට හදිස්සි වැඩක් කියල ඇකඩමි එකට ගියා. "

"මට කිව්වේවත් නෑ නෙ. "
චැනි ඒක පුදුමෙන් කිව්වේ සාමාන්‍යයෙන් මින්හො චෑන් ට නොකියා එහෙම යන්නෙ නැති නිසා.

" මේ දවස් ටිකේ මොකක් හරි නිසා හියුන් ටිකක් අවුලෙන් නෙ ඉදියේ... ඒ නිසා අමතක වෙන්න ඇති කියන්න. "

" හ්ම්ම් එහෙමවත් හිතමු. ඒක නෙමෙයි ගෙදර ඉදන් චෝන් එක්ක සෙල්ලම් කර කර ඉන්නෙ නැතුව පාඩම් කරන්න ආ.... එක්සෑම් නේද? "

" ඔව්... මේ අනිත් ඔක්කොම තාම බාත් රූම් වල නිසා චෝන් ව මෙතන තනියම දාලා යන්න බෑ නෙ. "

" හ්ම්.හ්ම්.... මාත් අද ටිකක් එද්දී රෑ වෙයි.. පරිස්සමින් ඉන්න. "
චෑන් යන්න කලින් අන්තිමට කිව්වේ චෝන් ගෙ නළලට කිස් එකකුත් දෙන ගමන්.

*****

ටිකෙන් ටික දවල් වෙද්දී අන්තිමට ගෙදර ඉතුරු උණේ චෝන්,ඉනී දෙන්නා එක්ක හියුන්ජින් විතරයි. ඒකෙනුත් ජිනී ඉදියේ කොහෙ හරි යන්න ලෑස්ති වෙලා.

" මේන් කොෆී එක... මේ... චෝන් නිදි... ටිකක් එයා ගැන ඇහැ ගහගෙන ඉන්නවද තා පැය බාගෙකින් විතර බිනී හියුන් ගෙදර එනවා කිව්වා. "
ඉනීගෙ මේසේ උඩින් කොෆී එකක් තියලා ජින් කලබලෙන් කියන ගමන් ගෙදරින් පැනගන්න හැදුවේ චෝන් බලාගන්න වැඩෙත් ඉනිගේ පිට දාලා.

ඉනී පාඩම් කරන ගමන් ඉදියත් එයා මොකුත් නොකිව්වේ ජිනී මොකක්ම හරි හදිස්සි වැඩකට යන්නෙ කියල තේරුණ නිසා. මොකද සාමාන්‍යයෙන් ජින් කියන්නේ එළියට බහින්න කලින් පැය ගාණක් ලෑස්ති වෙන කෙනෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් කිසි සැලකිල්ලක් නැතුව ඔහේ එළියට බහිද්දී ඒක හොදටම කැපිලා පෙනුණා.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now