7 years ago
" ඔය ලොකු කම් ඒ මනුස්සයට පෙන්නනවා එහෙම නෙමෙයි. " මිසිස් කිම් ඉක්මන් ඉක්මන් කරලා එයාගෙ ඔෆිස් රූම් එක පැත්තට ගියේ මින්හො නම් එයාව ගණන් ගන්නෙ නැති ගාණට සාක්කු වලටත් අත් දාගෙන එයාගෙ පිටිපස්සෙන් එද්දී. නළලේ තිබුණ ප්ලාස්ට' එකත් තොල ළඟ තිබුණ තුවාල කැළලත් එක්ක මින්හො ගෙ මුණේ තිබුණෙ පුරුදු සීතල හැඟීමක් නැති පෙනුම මයි.
" මේ ඉන්නෙ මිස්ට චෝයි හොයන කොල්ලා. " මිසිස් කිම් ගෙ ඔෆිස් එක ඇතුලේ වාඩි වෙලා ඉදපු වැදගත් පෙනුමක් තිබුණ මනුස්සයට එයා මින්හො ව අදුන්වලා දුන්නේ ඒ විදියට.
" මිසිස් කිම්... මට... පොඩි වෙලාවක් මේ දරුවත් එක්ක තනියම කතා කරන්න පුළුවන් ද? "
" ඔව් අනිවාර්යෙන් ම. "
කිම් හිනා වෙලාම ආචාර කරලා දොරෙන් එළියට යන්න කලින් මින්හො දිහාවට නපුරු බැල්මකුත් දැම්මේ හරියට වෝන් කරනවා වගේ.
" ලී මින්හො... මන් හරි නෙ..? ඇවිත් මෙතනින් වාඩි වෙන්න. "
අද වෙනකොට චෝයි කියන්නේ මින්හෝගේ ජීවිතේ ම කොටසක් වුණත් එයාලා පලවෙනියට ම මුණ ගැහුණ දවසෙ මින්හො චෝයි ට පෙන්නුවේ ගොඩක් දරදඬු ගතියක්. එයා ඒ නිසා ම චෝයි ගෙ ඇස් දිහා කෙලින් ම බලාගෙන කිසි තැකීමක් නැති ගාණට චෝයි ට ඉස්සරහින් වාඩි වුණා.
" මන් කෙලින්ම කතාවට බහින්නම් මින්හො. ඔයා... ස්කූල් කට් කරලා ඩාන්ස් කරනවා කියන එක මිසිස් කිම් දන්නෙ නෑ.. එහෙම නේද? "
" ඔව්.... එයා දන්නෙ නම් නෑ තමයි... ඒත්.... ඔයා කොහොමද ඒ ගැන දන්නෙ? "
" මොකද ඔයා ඩාන්ස් කරන්නේ මගේ ක'ම්පැනි එක ඉස්සරහා. "
" ඕ...හ්... මට සමාවෙන්න... එතන ස්ට්‍රීට් ඩාන්ස'ර් ලට අවසරයක් නැත්නම්... මන් වෙන තැනක් හොයාගන්නම්. ඒත් මිසිස් කිම් ට නම් දැනගන්න තියන්න එපා. "
මින්හො චෝයි ගෙන් ඉල්ලුවත් එයාගෙ වචන වල බැගෑපත් වෙන ගතියක් නම් තිබුණෙ නෑ.
" සමාව ගන්න උවමනාවක් නෑ. මන් අහන්න ආවේ... මින්හො ගෙ කැමැත්තක් නැද්ද ක'ම්පැනි එක ඉස්සරහ ඩාන්ස් කරන එක ඇත්තැරලා දාලා මගේ ඩාන්ස් ඇකඩමි එකේ ඩාන්සින් ඉගෙනගන්න. "
YOU ARE READING
A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLD
Fanfictionකව්රු හරි ඔයාගෙ ගෙදර ඉස්සරහා චූටි බබෙක්ව දාලා ගියොත්? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo