26

35 7 17
                                    

මින්හො ට උදේ හතට විතර කිට්ටු වෙන්න හොස්පිටල් එකට යාගන්න පුළුවන් වුණා. එයා යනකොට නම් මිස්ට චෝයි ඉදියේ නිදාගෙන. අන්තිම වතාවට දකිද්දී තිබුණ කොයි වෙලාවෙත් හිනා වෙලා ඉදපු චෝයි මූණ මලානික වෙලා ගිහිං තිබුණෙ. මින්හො හිමින් සැරේ ගිහිං ඇද ළඟ බිමින් ම දනගහගෙන මිස්ට චෝයි ගෙ රැලි වැටිලා ගිහිං තිබුණ සුදුමැලි අත එයාගෙ උණුසුම් අත් දෙකෙන් ම අල්ලගත්තා.

" මට සමාවෙන්න එන්න මෙච්චර පරක්කු වුණා ට... මට උදව් ඕනම වෙලා තිබුණ වෙලාවේ මගේ ලගින්ම ඉදලත් ඔයාට උදව් ඕන ම වෙලාවේ ළඟ ඉදියේ නැති එකට මට සමාවෙන්න. "

මින්හො දිගින් දිගටම සමාව ගන්න ගමන් ඒ අත් තුරුලු කරගත්තේ හිතට දැනුණ මහා කලකිරීමක් එක්ක.

" මින්හො.... අන්තිමට මාව බලන්න ආවා එහෙනම්. "

" මි...මිස්ට චෝයි.... "

" ම්ම්.... කොහොමද ජීවිතේ... සතුටින් ඉන්නවද කිව්ව විදියටම. "

අසනීපෙන් ඉදියත් මින්හො අහලා පුරුදු උද්යෝගිමත් කටහඩ එයාට ඒ විදියටම ඇහුණා.

" හ්ම්ම්... ගොඩක් සතුටින්. "

" ඔයාගෙ සහෝදරයොන්ට කොහොමද? "

" එයාලත් හොදින්... "

" එහෙනම් හොදයි... ඒක නෙමෙයි... එක පාරටම මොකද මාව මතක් වුණේ ආ... "

" මට කෝල් කරලා කිව්වා මිස්ට චෝයි අසනීපෙන් කියලා. "

" කවුද... සකුරා ද? "

" හ්ම්ම්... "

" මේගොල්ලෝ මේ බොරුවට කලබල වෙලා තියෙන්නේ මින්හො..මට ඇති අසනීපයක් නෑ. මේ ඉන්නෙ මන් හොදට. "

චෝයි හිනා වෙවී කිව්වත් මින්හො නම් චෝයි ගෙ අත බදාගෙනම ඉදියා.

" ඒ වුණාට ඩොක්ට'ස් ලා කියනවලු නෙ අසනීපෙන් කියලා. "

" මේ වයසට පොඩි පොඩි අසනීප හැදෙනව තමයි ඉතිං. ඒත් මෙහෙම හොස්පිටල් එකක හිර කරලා තියන එක හරිද මන් අහන්නෙ. මට සෝල් වලටම වෙලා ඉන්න තිබ්බෙ. "

" එහෙම කියලා හරියන්නේ නෑ නෙ.... ඉක්මනටම ට්‍රිට්මන්ට්ස් කරගෙන සනීප වෙමු ම්ම්... ඊට පස්සෙ හොස්පිටල් එකේ ඉන්න ඕන වෙන්නේ නෑ නෙ. "

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now