06

51 12 28
                                    

" චෑන් හියෝ..න්... ගුඩ් මෝනින්. මොකද බිම ඉදන් වැඩ. අද යන්නෙ නැද්ද අල්ලපු ගෙදර නූනව බලන්න. " සෝෆා එක ළඟ බිම වාඩි වෙලා එයාගෙ ලැප් එකේ වැඩක ඉදපු චෑන් ගෙ සිහිය එහා මෙහා කරන ගමන් කෑගහගෙන ආවෙ ෆීලික්ස්.

" ශ්.... ලික්ස් චෝන් නිදි කෑ ගහන්න එපා. "

" හපොයි.... සොරි සොරි... මන් දැක්කේ නෑ නෙ අපෙ එන්ජල් ඉන්නව මෙතන. " ෆීලික්ස් රහසෙන් කියන ගමන් ඇවිත් චෑන් ගාවින් වාඩි උණේ එයාගෙ එන්ජල් ට කිස් එකක් දීලා ම දවස පටන් ගන්න අදහසින්.

" මොකද හියොන් එන්ජල් මෙතන. මින්හො හියොන් දවසින් බබාව කාමරෙන් එළියට දැම්මද? "

" නැහැ... ඒක දිග කතාවක්. මන් හිමින් සිරුවේ කියන්නම්කො... ඒක නෙමෙයි.... මොකක්ද එහා ගෙදර නූනගේ කතාව. " චෑන් එක ඇහි බැමක් විතරක් උස්සන් ලික්ස්ගෙන් ඇහුවේ ලික්ස් කුප්ප හිනාවක් දාද්දී.

" හිතන් ඉන්නෙ අපි දන්නෙ නෑ කියලද... අර... අල්ලපු ගෙදර නූනා..... එයා බලන්න නෙ ඔයා උදෙ ට berry වත් උස්සන් වෝක් එකක් දාන්න යන්නෙ... අපි දන්නෝ ඔයා ඉතිං හැංගුව ට. " ලික්ස් කුප්ප මූණක් හදන ගමන් ම කියද්දි චෑන් ට කට උත්තර නැති වුණේ ඒ කතාව බොරුවක් නෙවෙයි කියන එක කවුරු නැතත් එයා දැනගෙන ඉදපු නිසා.

" මායි ජිනුයි දැක්ක ඔයා එයා එක්ක උකුලු මුකුලු කර කර කතා කරනවා. "

" අනෙ මේ.... එහෙම එකක් නෑ.... අපි ඉතිං හම්බුණොත් කතාකරනෝ මිසක්. "

" ඇත්තට..... "

" ඔව්... මෙහ් මෙන්න මේ වැඩක් නැත්තන් චොන් සා ගාවට වෙලා ඉන්න මන් යුනි එකට යන්න ලෑස්ති වෙන්න.. "
කොහොමෙන් කොහොම හරි චෑන් කතාවත් මඟෑරලා එතනින් පැනගන්න පාවිච්චි කළේ අන්තිමට චොන්සා ව.

" හාකෝ හාකෝ හියොන්.... හැන්ගි හැන්ගී ලව් කළාට මොකෝ ඉතිං හොර රහසේ මගුල් කන්න කියලය... "
තකහනියේම ලැප් එකත් උස්සන් එතනින් මාරුවෙලා යන චෑන් ට ලික්ස් කිව්වේ චොන්සා නැගිටියි කියන එකත් විනාඩියකට අමතක කරලා දාලා.

***

පැය හතරකට විතර නින්දකට පස්සෙ ඇහැරුණ මින්හො කාමරෙන් එළියට ආපු ගමන් හොල්මන් වෙලා ගියේ කවුරුවත්ම නැතුව පුංචි චොන්සා බිම ඉදන් එයාගෙ එක අතකින් සෙල්ලම් බඩුවක් එහාට මෙහාට වන වන අනෙත් අත කටේ ඔබන් ඉන්නවා දැක්ක නිසා. එයාට උඩින් පේන්න තියෙන ලොකු ෂැන්ඩලිය' එක දිහා බලන් චොන් හීනා වෙවී ඉදියේ මොකටද කියලවත් මින්හොට හිතාගන්න බැරි වුණා.
එයාට හිතුණ එකම දේ උණේ චොන් සා තනියෙන් කියන එක විතරයි.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now