04

50 14 40
                                    

" වාව් මින්හො හියොන්... ඔයා කෙල්ලව කෙලින්ම කොල්ලෙක් කරලනේ. "

හියුන්ජින් කිව්වේ මිංහෝගේ ඇද උඩ ට වෙලා සෙල්ලම්බඩු ගොඩකුත් වට කරන් ඉදපු පුංචි බබා දිහා බලාගෙන.
මින්හො එයාව අන්දලා තිබ්බෙ කොල්ලෙක් වගේ.

" එයාට ඒක ලස්සනයි. "
හාන් ගිහිං බබා ලගින් වාඩි වෙනගමන් කිව්වා.

එදා දවසෙ උදේ ඉදලම ඉතිං මේ අට දෙනා වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව ඉදියේ බබා එක්කමයි.
හැමෝම ෂොපින් කරන්න ගිහිං බබාට මදි නොකියන්න ඇදුම්,කෑම වගේම ඕන කරන හැම දෙයක්ම වගේ ගෙනාවා.

" දැන් බබාව මින්හො හියොන් ගාවද තියාගන්නෙ? "
හියුංජිනුත් බබා ගාවම වාඩි වෙලා බබාගේ අතකින් අල්ලගෙන ඇහුවා.

" අදට මන් ගාව තියාගන්නම්. අර පොඩි ඩබලගේ ඕඩර් එක ඉක්මනටම ආවොත් හරි."
මින්හො ඒ කිව්වේ සුන්ග්මින් ජෝන්ග් ඉන් දෙන්නා පැය ගාණක් වාද කරල අන්තිමට ඕඩර් කරපු බේබි කොඩ් එක ගැන.
මින්හො මැද්දට පැනල හරියට එකක් තෝරලා නොදුන්නනම් පොඩි දෙන්නා හැදුවේ දෙන්නම තෝරපු කොඩ් දෙකම ඕඩර් කරන්න.

***

" යාහ්... ෆීලික්ස් ඔය කොටි පැටියව බබාට ලං කරන්න එපා. "
ගෙදර ඉන්න සුරතල්ලු ටිකව බබාට අදුන්ව අදුන්ව ඉදපු ෆීලික්ස් ට හියුන්ජින් කෑ ගැහුවේ එයා ඩෝරි ව බබාට කිට්ටු කරන්න හද්දී.
මොකද, ඩෝරි ටිකක් විතර හූරන්න දක්ෂයි.
හියුන්ජින් ගොඩක් වෙලාවට ඩෝරිගෙන් පහර කාලා තියන නිසා එයා ඒ ගැන කාටත් වැඩිය හොදට දන්නව.

බබා ගෙදරට ආපු වෙලාවේ ඉදන්ම මිංහොට වද දිදී ඇඬුවත් දැන් එයා සතුටින්.
මොකද, එයාට ලස්සන පවුලක්නේ හම්බවෙලා තියෙන්නේ.
කොල්ලො අට දෙනා එක්ක විතරක් නෙමෙයි berry, kkami, bbama, doongie, soonie, dori හය දෙනත් එක්කත් බබා දැන් යාලුයි.
ඒකට නම් ඉතිං හේතුව ෆීලික්ස් තමයි.

බබාගේ කිට්ටුවටවත් ඔය හය දෙනාව ලං කරන්න එපා කියල මින්හො කට කැඩෙනකං කිව්වත් එයා ඒක ගණන්ගත්තේ නෑ.
දැන් ඉතිං මිංහෝගේ ඇද කෙලින්ම සත්තු වත්තක්.

" හියොන්.... ඔයා වූයන්ග් හියුන්ට එන්න කිව්වද? "
එක පාරටම කාමරේට කඩාගෙන ආපු ජෝන්ග් ඉන් ඇහුවේ කලබලෙන්.

A BABY ON THE DOOR STEP ||SKZ|| ON HOLDWhere stories live. Discover now